මාම්.. ඔයාට ඇහෙනවද මාව..
ජන්කුක්ගෙ කටහඩට එයාගෙ අම්මා උත්තර දුන්නෙ ලොකු හුස්මක් ඉහලට ඇදගෙන..
හ්ම්ම්ම්ම්ම්... ඔව් පුතා
ආයෙත් මොනවද අහන්න තියෙන්නෙමාම්..ඇත්තටම , ඇත්තටම ජියොන් ෆැමිලි එකේ බිස්නස් ඩවුන් වෙලාද ?
පුතා.. කව්ද ඔයාට ඔය විකාර කතා කියන්නෙ. ආ...
ඇයි එහෙම අහන්නෙ..ආ... නිකම් මට මේ එහෙම දෙයක් දැනුනා. ඒකයි
මේ දවස් වල ඉකොනොමි එකෙත් ඩවුන් එකක් තියෙන නිසා මං හිතුවා බිස්නස් වලට අමාරු ඇති කියලාආ... ඒකමිසක්.. ඔව් ඉතින් ඉස්සර තරම් ලොකුවට ප්රොෆිට් වැටෙන්නෙ නම් නෑ මේ ටිකේ. ඒත් ආපහු කලින් තත්වෙට එන්න ලොකු කාලයක් යන එකක් නෑ. අනික අපේ කස්ටමර්ස්ලා සීයගෙ කලයන්ට්ස්ලානේ. බිස්නස් තත්වෙ ටිකක් නරක උනාට ඒකෙන් කියවෙන්න නෑ අපි බංකොලොත් වෙන්න තරම් වැටිලා කියලා . තේරුනාද ?
ම්ම්...
ඉතින් කොහොමද ඔයාට..
මට පාලුයි මමා. ඔයාව ගොඩක් මතක් වෙනවා..
මටත් එහෙමයි කූ.. ටේහ්යුන්ග් ඔයාව හොදට බලාගන්නවා නේද..
ඔව් මමා.
ගුඩ්.. ඔයත් එයා එක්ක හොදින් ඉන්න හරිද. ඕනවට වඩා මුරන්ඩු වැඩ කරන්නෙ එහෙම නෑ . කොහොමද යුනිවසිටි වැඩ ?
දැන් එක්සෑම් ලගයි මමා
එහෙනම් එක්සෑම් එකෙන් පස්සෙ ටේහ්යුන්ග් එක්කම මෙහෙ ඇවිත් යන්න එන්න හොදද
මං ටේහ්යුන්ගිට කියන්නම් මමා
ම්ම්.. එහෙනම් පරිස්සමෙන් ඉන්න කූ..ගුඩ්නයිට්
ඒ විදිහට ජන්කුක්ගෙ අම්මා කතාව ඉවරකරත් ජන්කුක්ට දැනුන දුක මෙච්චරයි කියලා කියන්න බැරි තරම්. මොකද වෙලා තියෙන දේ වෙන්න යන දේ ඇස්දෙකට දැකලා තියෙන ජන්කුක්ට තමන්ගෙ අම්මත් ඒ විදිහට බොරුවක් කියලා ඇත්ත හංගන එක දරාගන්න බැරිවුනා. ජන්කුක්ට දැනුනෙ තමන්ගෙම පවුල ඉස්සරහ ප්රතික්ෂේප උනා වගේ හැගීමක්.