2

243 55 28
                                    

කේන්තියෙන් වගේම දුකෙන් ඔෆිස් එකෙන් එලියට දුවපු ජන්කුක්ව ගෙදරට එක්කන් යන්න ආවෙ හෝබි. හෝබිට ඇත්තටම දුකයි ජන්කුක් ගැන. ඒත් එයාට මොනවත්ම කතාකරන්න පුලුවන්කමක් නෑ. මොකද එයා නිකන්ම සේවකයෙක් විතරක් නිසා.

කාර් එකේ යන මුලු කාලය පුරාම ජන්කුක් කරේ අඩන එක. ටිකකට කලින් සිද්දවුන දේ, ටේහ්‍යුන්ගෙ ඒ වචන ජන්කුක්ව පුදුම තරම් රිදෙව්වා.

ජන්කුක්ගෙ ඇඩිල්ලෙ සිහියෙන් කාර් එක ඩ්‍රයිව් කරපු හෝබි එකපාරම පාරමැද කාර් එක බ්‍රේක් කරෙ බල්ලෙක් පාරට පැනපු නිසා..

තමුසෙ නම් මහ අපතයෙක්...

එකපාරටම උනු දේත් එක්ක , හිතේ තිබුනු කේන්තියත් එක්ක ජන්කුක් කෑගැහුවා

මට සමාවෙන්න සර්, මට සමාවෙන්න . බල්ලෙක් පාරට පැන්න. අපි යමු සර්.

හෝබි ජන්කුක් දිහා බලලා ආයෙමත් කාර් එක ඩ්‍රයිව් කරන්න පටන්ගත්තෙ ඇත්තටම ජන්කුක් ගැන දුකෙන්. මොකද හෝබි උනත් දන්නවා ජන්කුක් ඒ කෑගැහුවෙ හිතේ තියෙන දුකට මිසක් කේන්තියට නෙවේ කියල.

ජන්කුක්ව ඇරලවලා හෝබි කාර් එක අරන් ගේට්ටුවෙන් පිටවුනු පලවෙනි මොහොතෙම ජන්කුක් කලේ ජිමින්ට මැසේජ් එකක් දාපු එක

ජිමිනා , සීක්‍රට් හවුස් එකේදි මාව හම්බවෙන්න. හරියටම පැය බාගෙන් මම එනවා. බෑ කියන්න එපා මේක හදිස්සියක්.

Ok ok , මම දැන්මම එනවා

ජිමින්ගෙ රිප්ලයි එකත් එක්කම මිදුලට ආපු කාර් එකට නැගලා ජන්කුක් ආයෙමත් පිටත්වුනා.
ජන්කුක් එනකොටත් ජිමින් සීක්‍රට් හවුස් එකට ඇවිත්..

වාහනෙන් බැහැලා අඩාගෙන ඇතුලට එන ජන්කුක්ව දැක්කම ජිමින්ගෙ හිතම පිච්චිලා ගියා. තම්න්ගෙ එකම යාලුවා, කොච්චර දගකාර වුනත් මේ විදිහට ජන්කුක් අඩනව කලින් ජිමින් දැකලා තිබුනෙ නෑ

කුක්.. මොකද්ද වුනේ ඇයි මේ අඩන්නෙ

ටේහ්‍යුන්ග් ....

ඉතින් ටේහ්‍යුන්ග් මොකද ?

එයා මට ආදරේ කරන්නෙ නෑලු ජිමිනා. එයා..එයා කියනවා මේ මැරේජ් එක එයාගෙ ඩියුටි එකක් විතරලු ජිමිනා.

All Over YouWhere stories live. Discover now