කාලය ටිකෙන් ටික ගෙවිලා ගිහින් අවසානෙ ටේහ්යුන්ග් ජන්කුක්ට ලෑස්තිවෙන්න දුන්න දවස් තුනම ඉවරවෙලා ටේහ්යුන්ග් මේ ජියොන් මෑන්ශන් එකට ඇවිත් ඉන්නෙ ජන්කුක්ව එක්ක යන්න.
කොච්චර අමාරුවෙන් අකමැත්තෙන් උනත් ජන්කුක් ආන්ටි ජා ගෙන් සමුඅරන් කාර් එකට නැග්ගත් ජන්කුක් හිටියෙ කියාගන්න බැරි හැගීම් ගොඩක් හිතේ හිරකරගෙන . එයා ටේහ්යුන්ගෙ මූන බලන ගානෙ එදා ඔෆිස් එකේ ඇතිවුනු රන්ඩුව මතක් වෙලා ඒ ඇස් වල කදුලු පිරුනා. තමන්ගෙ රතුවෙච්ච ඇස් අස්සෙ තියෙන කදුලු කැට ටේහ්යුන්ට නොපෙනෙන්න ඕන නිසා ජන්කුක් කරේ මූන ටෙඩියො දෙන්නගෙ අස්සෙ ගහගත්ත එක. දිගටම කල්පනාවෙන්ම ටේහ්යුන්ග් දුන්න ටෙඩිබෙයෝ දෙන්න තුරුල් කරන් ආව ජන්කුක් ටේහ්යුන්ගෙ ගෙදරට එනකල්ම දන්නෙ නෑ
මේ ටේහ්යුන්ගේ ගෙදරට ජන්කුක් එන පලවෙනි වතාව. මෙච්චර කාලෙකට ටේහ්යුන් මේ සම්බන්දෙ ඔෆීශියල් විදිහට තියාගත්තා මිසක් එතනින් එහාට අඩියක් තියන්න එයාට ඕනකමක් තිබුනෙ නෑ. මොකද එයා දැනන් හිටියෙ කොහොමත් ජන්කුක් එයාගෙ කියන එක. ඒ නිසා ඒ වෙනුවෙන් ජන්කුක්ගෙ හිත දිනාගන්න කියලා ඕනවට වඩා මහන්සි වෙන්න ටේහ්යුන්ට ඕනවුනේනෑ. එයා ඒ වෙලාවෙදි ජන්කුක් වෙනුවෙන් හොදම දේවල් ගොඩනගන්න මහන්සි වුනා..
ඒත් දැන් හැමදේම ටිකෙන් ටික වෙනස් වෙන්න පටන්අරන් කියලා ටේහ්යුන්ග්ට දැනෙනවා. තමන්ගෙ හැසිරීමත් එක්ක ජන්කුක් වෙනස් වේවි කියලා ටේහ්යුන්ග්ට හිතෙන්න අරන්, විශේශයෙන් ජන්කුක් කියන්නෙ තමන් හිතුව වගේ අහිංසක, තමන්ගෙ හැම වචනෙටම ඔලුවනමන් ඉන්න කෙනාම නෙවේ කියලා තේරෙනකොට ටේහ්යුන්ගෙ යටිහිත එයාට අනතුරු ඇගෙව්වා කවදාහරි ජන්කුක් එයාගෙන් ඈතට යාවි කියලා . ඒ නිසාම ටේහ්යුන්ග්ට ඕනවුනා ජන්කුක්ට ටිකෙන් ටික ලංවෙන්න.. මේ ඒකට එයා ගත්ත පලවෙනි පියවර.. ජන්කුක්ව තමන්ගෙ ඇස් මානෙ තියාගන්න එක..මේ අතරෙ ටේහ්යුන්ගෙ ගෙදරට පලවෙනි වතාවට ආපු ජන්කුක්ට නම් හිතේ තිබුන හැම ප්රශ්නයක්ම අමතක වෙලා ගිහින් ඒ මූනෙ කලාතුරකිනි ඇදෙන ලස්සන හිනාවක් මතුවෙලා ආවා. හරියට හා පැටියෙක් වගේ. එයාට කොච්චර සතුටුද කියනවා නම් ජන්කුක්ට සිහියක් තිබුනෙ නෑ මේ ගෙදර ටේහ්යුන්ගෙ කියලා. ඒ වගේම ටේහ්යුන් එක්ක එයා රන්ඩු කරා කියලා. ගේ ඇතුලට ආපු ජන්කුක් කරේ ඒ බෝල ඇස් එලියට එන්න තරම් ලොකු කරගෙන ගේ පුරා ඇවිද ඇවිද බලපු එක..