ලගින්ම ඇහුනු කටහඬ නිසා zhan යන්තම් ඔලුව ඒ පැත්තට හැරෙව්වා..
..........................................
කියන්න song..
මෙතනින් ඔලුව තියා ගනින්..
Song zhanට එයාගේ උරහිස පෙන්නුවා.. Zhan කඳුළු අතරින්ම song දිහා බැලුවා..
මං අහන්නේ නෑ ඇයි කියලා.. උඹට හිතුන දවසෙ කියපන්.. එතකං උඹ තනියම අඩන්නෙපා.. දැන් ඔලුව තියා ගනින්..
Zhan මුකුත් නොකියා එහෙන්මම song ගේ උරහිසෙන් ඔලුව තියාගත්තා..
ඇත්තටම අපිට දුක හිතුණාම නැත්නම් හිත රිදුනම ඕනි සනසන්න කෙනෙක් නෙවෙයි ඇයි අහන්න කෙනෙකුත් නෙමෙයි.. අපිට ඕනේ අඬන්න උරහිසක්.. දුක කිය කිය හරි අඬන්න උරහිසක්..
බුදුන් ගාවට ජේසුතුමා ගාවට දෙවිවරු ගාවට ගිහින් උනත් මිනිස්සු කරන්නේ දුක කිය කිය අඬන එක.. ගොඩක් අඩන මිනිස්සු හොයන්නේ ප්‍රශ්න වලට උත්තර නෙවෙයි.. අඩලා වැලපිලා හරි හිත නිදහස් කරගන්න පුළුවන් තැනක්..
හරියට song zhanට දුන්න උරහිස වගේ.. zhan ගේ උරහිස ගැස්සෙන විදිහෙන් songට තේරුණා zhan ඉකි ගහනවා කියලා..
එයාට දුකයි එයාගේ යාළුවා මේ විදිහට අඬනවට..ඒ හිතේ තියෙන හැඟීම් මොනවද කියලා song ට තේරුනත් එයා ඒ ගැන zhan ගෙන් අහන්න ගියේ නෑ.. Song බලන් හිටියේ zhan එයාට ඒ දේ කියනකන්..
Zhan ගේ ගැස්සෙන උරහිස් දෙකෙන් අල්ලලා එයාව තව ටිකක් තමන් ළඟට කරගත්ත song zhanගෙ පිට අතගෑවා...
කෑවෙ නෑ නේද මැණික??? යමු අපි මොනාහරි කාලා එමු..
Zhanට ටික වෙලාවක් එහෙම ඉන්න දීපු song කිව්වා..
මට කන්න බෑ.. Zhan කිව්වේ ඉකිය අතරින්..
ඈ.........හ්
මොකක්!! මොකක්!! මොකා.......ක්!!!?????
කන්න බෑ..????
මේ අපේ zhangeට කන්න බෑ කියලද මේ කිව්වේ..????? ඈ......හ් ????මෙච්චර වෙලා එයාගෙ උරහිසේ ඔලුව තියන් හිටපු zhanව අත් දෙකෙන්ම ඇදලා මූණ ඉස්සරහට ගත්ත song zhanව හොලව හොලව අහනවා..
මේ... ඒයි...
zhange..!!!
මට ඇහුන එක හරිද????
ඈ.....හ්
කියනවකෝ...
ESTÁS LEYENDO
The ORGINS 🐺👑💗 ✅️
Fanficඅඳුරු වලා නැගේවී රිදී හඳ වැසේවී.. සෙවණැලි අධිපති සලකුණු දරාවී.. සොයුරන් නැසේවී තනතුරු දරාවී.. රුධිර පොරොන්දු රජුන් තනාවී.. ❤💚 YiZhan ff Start : 2022.04.03 End : 2023.02.03