Part 6 💙

1.2K 207 23
                                    

ටේහ්යුන් හයි ස්පීඩ් එකෙන් කෙළින්ම ගියේ හොස්පිට්ල් එකට. කාර් එක පාක් කරන්නෙවත් නැතුව හොස්පිට්ල් එක ඉස්සරහම නතර කරලා දාලා කොල්ලා ඇතුළට දුවන් යද්දි යුන්ගි ඇගේ වැදිලා බිම වැටෙන්නැතුව බේරුනේ බොහොම අමාරුවෙන්.

" ටේහ්යුන් ඔයා හොඳින් නේ. තුවාලයක් එහෙම නෑනේ. "

" අනේ කෝ සෙමී... "

ටේ යුන්ගිගෙ ෂර්ට් එකෙන් ඇදලා අහද්දි යුන්ගි ටේව සෙමී ළඟට එක්ක ගියා. සෙමීව දැක්කම තමා ටේගෙ ඇඟට ලේ ටිකක් ඉනුවෙ. හොස්පිට්ල් එකෙන් දෙන ඇඳුමත් ඇඳන් ටේ සෙමීව දැක්ක පලවෙනි දවසෙ වගේම කකුල් දෙක පද්ද ඇඳ උඩ වාඩි වෙලා ඉන්නවා. ටේහ්යුන් එහෙම්ම දොරට හේත්තු වුනේ ලොකු හුස්මක් ගන්න ගමන්.

" සෙමී. "

ටේහ්යුන්ගෙ හඬට සෙමී හැරිලා බලද්දි ටේහ්යුන් ඇවිත් සෙමීගෙ ඉස්සරහින් දණ ගහ ගත්තා. හොඳටම දාඩිය දාලා ඇඟටම ඇලිච්ච සුදු පාට ෂර්ට් එකයි දාඩියට පෙඟිච්ච කොණ්ඩෙයි දකිද්දි ටේහ්යුන් සෙමීව හොයා ගන්න කොච්චර මහන්සි වෙලාද කියලා යුන්ගි තේරුම් ගත්තා.

" සෙමී මියානේ. "

බිඳුණු කටහඬින් ටේහ්යුන්ගෙන් පිට වුණේ එච්චරයි. සෙමීගෙ පුංචි අත් දෙක අල්ල ගත්තු ටේහ්යුන් ඒ අත් දෙක උඩින් තමන්ගෙ ඔළුව තියා ගත්තෙ ආපහු වතාවක් ලොකු සැනසුම් සුසුමක් හෙලන ගමන්.

" ආයිමත් මෙහෙම යන්න එපා. මට ඔයාව වදයක් නෙමේ. තේරුණාද. ඔයා දැන් මාත් එක්ක තරහද. ඇයි අනේ කතා නැත්තෙ. මන් නිකන් වන් මෑන් ෂෝ ගහනවා වගේනෙ මෙතන. ඔයා යාළු වුනොත් මන් හැමදාම ටීවී බලන්න දෙනවා හොඳේ. "

සෙමී ටේහ්යුන්ගෙ මූණ දිහා බලන් හිනා වෙනවා.

" ටේහ්යුන්ෂි ඇඩුවද මන් නැතුව. "

එකපාරටම සෙමීගෙ අත් දෙක අතෑරිය ටේ ටිකක් පස්සට වුණේ ලැජ්ජාවට.

" පිස්සුද. මේ දාඩිය. කඳුළු නෙමේ. මන් ඇඬුවෙ නෑ හරිද. "

" හාකො එහෙනම්. "

" මාත් එක්ක තරහද ඔයා දැන්. "

සෙමී ඔව් කියන්න ඔළුව උඩ පහළ කරා.

" හරි එහෙනම් යාළු වුනොත් මගේ කාමරේ නිදා ගන්න දෙනවා හැමදාම. තව ආ මේ කොණ්ඩෙට කපුටෙක් වගේ ඕන තරම් අනින්නත් දෙනවා. "

- Coma - (✓)Where stories live. Discover now