Part 4 💙

1.2K 221 23
                                    

මුළු ටී එකම වතුරෙන් පෙඟිලා කෙල්ලගෙ ඇඟේ හැම අඟලක්ම සුදු පාට ටී එකෙන් විනිවිද පේනවා. පුංචි බූබ්ස් එළියට පේද්දි ටේ එක පාරටම අහක බලා ගත්තා.

" යා සෙමී.... තමුසෙ යටට මුකුත් ඇන්දෙ නැද්ද හලෝ. "

එහෙම කියද්දි සෙමී බැලුවෙ වතුර වැටිච්ච නිසා හොඳට දිලිසි දිලිසි එළියට පේන එයාගෙ පුංචි බූබ්ස් දිහා. ටක් ගාලා අත් දෙකෙන් ඒවා වහ ගත්තෙ ටේහ්යුන් ඒවා දකියි කියලා බයෙන් වගේ. ටේහ්යුන් සෝෆා එකේ තිබ්බ ෂීට් එකක් සෙමී දිහාවට විසික් කරා. සෙමී ඒකෙන් මුළු ඇඟමු පොරවගෙන දැන් නිකම් හොල්මනක් වගේ.

" ඔයාට මන් රෙදි හැම එකක්ම අරන් දුන්නනේ. ඉතින් ඒවා අඳින්න. ලෝභ වෙන්න එපා. ඔයාට ඕන්නම් මන් තව අරන් දෙන්නම් ඇඳුම්. "

" ටේහ්යුන්ෂී මන් ඒවා අඳින්න දන්නෑනේ. හ​රෙන් මෙහෙන් හැම එකකම පටි පටිනේ අප්පා. "

සෙමී කටත් උල් කරන් කියවද්දි ටේහ්යුන්ට හිනා ගියත් ආපහු බොහොම අමාරුවෙන් හිනාව නවත්ත ගත්තා. මේ අල්ල පනල්ලෙ ටේහ්යුන්ගෙ ගෙදරට එක පාරටම කඩා පාත් වුණේ යූරා. ( ටේහ්යුන්ට හොස්පිට්ල් එකේදි පැණි හලන ඩොක්ටර්. )

" අනේ යූරා.... ඔයා මෙහෙ ආව එකනම් ලොකු දෙයක්. කෝ එන්නකො මෙහාට පොඩ්ඩක්. "

වෙනදා යූරාව එලවගන්න දඟලන ටේ අද යූරා ආව ගමන් යූරගෙ අතින් අල්ලන් ඇදන් ගියේ සාලෙට. යූරාටත් ඉතින් හරි සතුටුයි. ඇයි වෙනදා ටේ මේ වගේ නෑනේ.

" අනේ යූරා උදව්වක් කරන්නකො. මෙන්න මේ කෙල්ලට ඔය ඇඳුම් අඳින හැටි කියලා දෙන්නකො. මන් කියන එක තේරෙනවනේ. ඔය ගෑණු ළමයි අඳින පළඳින විදිය පොඩ්ඩක් කියලා දෙන්න ඈ. "

යූරා ටේගෙ දිහා රවලා බලලා ආපහු සෙමී දිහා බැලුවා.

" මේ අර VIP පේෂන් නේද. "

" ඔව් ඔව්. ඔයා දන්නවනේ මෙයා මෙහෙම හිටියට මානසිකව තාම අවුරුදු දහයක ළමයෙක් කියලා. "

ටේ ඒක කිව්වෙ යූරාගෙ කනට ළං වෙලා රහසින්. ටේගෙ හුස්ම වැදෙද්දි යූරාට නිකන් කිචි කැව්වා වගේ වුණා.

" ආහ් හරි හරි. "

යූරා සෙමීවත් එක්කන් රූම් එකට ගිහින් ආපහු ආවෙ පැය බාගෙකටත් වඩා පස්සෙ. ඒ වෙනකන් ටේ හිටියෙ ජිමින්ට වීඩියෝ කෝල් එකක් අරන්.

- Coma - (✓)Where stories live. Discover now