Part 13 💙

1.2K 208 20
                                    

සෙමීගෙ පස්සෙන් ගිය ජන්ග්කුක් දැක්කෙ සෙමී යුන්ගිගෙ කැබින් එකට දුවනවා. කැබින් එකේ දොර ගාවට වෙලා ජන්ග්කුක් බලන් ඉදියෙ ඇතුළෙ ඉඳන් එහෙටයි මෙහෙටයි කිරි පණු ගාය හැදිලා වගේ දඟලන සෙමී දිහා

" සර් ඔයාට මගෙන් මොකක්හරි හෙල්ප් එකක් ඕනද. "

ජන්ග්කුක් දැක්කෙ එදා යුන්ගිගෙ පාටි එකේදි ටේහ්යුන්ට කිස් එකක් දීපු ගෑණු ළමයා. එහෙම නැතිනම් අපේ ටේහ්යුන්ට පෙම් බඳින හොස්පිට්ල් එකේ අහිංසක ජීවියා.

" අනී... ඔයා යූරා නේද. "

ජන්ග්කුක් එයාගෙ අත යූරාට හෑන්ඩ් ෂේක් කරන්න දික් කරද්දි යූරත් හරි ලස්සනට හිනා වෙලා ජන්ග්කුක්ට එයාගෙ අත දුන්නා.

" ඔයා කොහොමද මගෙ නම දන්නෙ? "

" එදා යුන්ගිගෙ පාටි එකේදි දැන ගත්තෙ. "

" ආ.. එතකොට ඔයා ජන්ග්කුක් නේද? මිස්ටර් චෝයිගෙ පුතා. "

" ඔව් ඔව්. හැබැයි මන් එයාගෙ පුතා නෙමේ. ඒ මගෙ සම්චොන්. "

" ආ එහෙමත් එකක්ද? එහෙනම් මන් යනවා ජන්ග්කුක්. "

" ආ.... මේ මේ... පොඩි උදව්වක් කරන්න පුළුවන්ද? "

" මට මෙහෙ හිටිය පේෂන් නෙනෙක් ගැන තොරතුරු හොයා ගන්න උදව් කරන්න පුළුවන්ද? "

" අනේ සොරි ජන්ග්කුක්. අපි පේෂන්ලගෙ පවුලෙ අයට ඇරෙන්න වෙන කිසිම කෙනෙක්ට පේෂන්ලා සම්බන්ධව කිසිම ඩීටේල් එකක් දෙන්නෙ නෑ. "

" ආයිෂ්.. "

" ඔයාට මොන පේෂන් ගැනද තොරතුරු ඕන. "

" සෙමී ගැන. "

" ඔය කියන්නෙ කෝමා එකක ඉදිය ගර්ල් නේද. "

" ඔව් ඔව්. ඔයා දන්නවද එයා ගැන. "

" මෙහෙ ඉන්න කවුරුවත් එයා ගැන කිසි දෙයක් දන්නෑ.එයාගෙ නමත් අපේ ඩොක්ටර් ජින් තමයි ඔය හදිස්සියට දාලා තියෙන්නෙ ඩොකියුමන්ට්ස් පුරවද්දි. සෙමී ගැන මොනවහරි දන්නවනම් ඒ ජින් තමා. මන් ඔයාට එයාගෙ නම්බර් එක දෙන්නම්කො. "

" ආ..... මේ.... මට හදිසි වැඩක් තියනවා. ඔය තියෙන්නෙ මගෙ කාඩ් එක. මට මේකට නම්බර් එක එවනවද? "

- Coma - (✓)Where stories live. Discover now