Part 16 💙

953 186 13
                                    

ඒත් එක්කම වගේ ආපහු පාරක් ස්ටෝරූම් එකේ දොර දිහාවෙන් මොකක්හරි වැටෙන සද්දයක් ඇහෙන සද්දයක් ඇහෙද්දි තුන් දෙනාම එතනට යද්දි දැක්කෙ බිම තිබ්බ ෆයිල් ගොඩේ පැටලිලා සේලයින් කණුවත් එක්ක බිම වැටිලා ඉන්න ටේහ්යුන්.

" කි_ම්___ටේ_හ්_යු_න්..... මන් තමුන්ට කිව්වා ඔය සේලයින් එකත් උස්සන් එහෙ මෙහෙ ගිහින් කොන්ද කඩා ගන්න එපා කියලා. බලනවකො දැන්. "

යුන්ගි ඉනට අත් දෙක තියන් කියද්දි ටේහ්යුන් හිනා වුණේ දත් තිස් දෙකම පෙන්නලා.

" ඉතින් කවුද කෑ ගහනවා ඇහුණනෙ. මන් ආවෙ ඒක බලන්න. "

යුන්ගියි ජන්ග්කුක්තුයි බැලුවෙ යූරා දිහා. යූරා එයා නෙමේ වගේ ඔළුව කස කස වටපිට බලනවා. ජන්ග්කුක් ටේහ්යුන්ව නැගිට්ටවලා එතනින් තිබුණ පුටුවකින් වාඩි කරවද්දි ටේහ්යුන් ජන්ග්කුක් දිහා බැලුවෙ කොන්දත් අමාරුවෙන් අත ගාන ගමන්.  ඒත් එක්කම ජන්ග්කුක්ට දැම්මෙ පිච්චිලා යන බැල්මක්.

" මොකද ඔරවන්නෙ මට. "

" ඔයා අද සෙමීව එක්ක ගියේ කොහෙද කියනවා බලන්න. "

" මගෙ අම්මව බලන්න. "

" ඒ මොකටද. "

" මන් ඉතින් අපෙ අම්මට එයාගෙ අනාගත ලේලිව පෙන්නන්න එක්ක ගියා. "

ඒක ඇහුණ විතරයි ටේහ්යුන් වාඩි වෙලා ඉදිය පුටුවෙන් නැගිට්ටවුණේ ඉබේටමයි. යුන්ගි නම් කට තද කරගෙන හිනාව නවත්තගන්න ලොකු උත්සාහයක. යූරා සෙමීගෙ ෆයිල් එක හොයනවා. ජන්ග්කුක් සෙමීට ආදරෙයි වගේ අධි තාත්වික රංගනයක යෙදෙනවා.

" සෙමීත් ඔයාට කැමතිද. "

ටේහ්යුන් දුකෙන් වගේ අහද්දි ජන්ග්කුක් ඔළුව වැනුවෙ ඔව් කියන්න. ටේහ්යුන්ට දැනුණෙ එයාගෙ හදවත එක පාරටම නැවතුණා වගේ.

" අනේ ජන්ග්කුක් ඔය කොල්ලට ඉන්න දෙනවා පාඩුවේ. ඊයෙ සිහිය නැතුව ඉඳලා මන් මෙතනට උස්සගෙනත් ආවා. ඊට පස්සෙ දැන් මෙතන බිම පත බෑවිලා කොන්දත් බිම ඇන ගත්තා. දැන් හදන්නෙ ඕකට පපුවෙ අමාරුවකුත් හදවන්නද. එච්චරනෙ දැන් මෙතන අඩුවට තියෙන්නෙ. "

ටේහ්යුන් යුන්ගි දිහා බලන් ඉන්නෙ මෙයා මේ මොනවා කියවනවද කියලා.

- Coma - (✓)Where stories live. Discover now