~4~

88 18 4
                                    

මම office එකේ දොරට තට්ටු කරා

"ඇතුලට එන්න"

"Mr Kim මට ඔයත් එක්ක කතා කරන්න පුළුවන්ද?"
මම බිම බලාගෙන namjoon ගෙන් ඇහුවේ අපහසුතාවයෙන්

"Yeah sure"
ඔහු මන් දිහා බැලුවේ කියවමින් හිටපු ෆයිල් එක වහනගමන්

මම office එකේ දොර වහලා ලොක් කරන ගමන් හිමිීට ඉස්සරහට ඇවිත් හිටගත්තා.
මම කරන දේවල් දිහා Namjoon බලන් හිටියෙ මුකුත් තේරුම් ගන්න බැරුව වගේ

"මොකද වුණේ?"
ඔහු මගෙන් ඇහුවේ මගේ මූණ දුකෙන් පිරිල තියෙන විදිහ දැක්ක නිසා

"මම ඉන්නෙ මුකුත් තේරුම් ගන්නා බැරුව. ඒ වගේම මන් ඉන්නෙ දුකෙන්. මන් දන්නවා ඔයාට මාව තේරුම් ගන්න පුළුවන් කියලා"
මම බිම බලාගෙන එහෙම කිව්වේ බිඳුනු කටහඬකින්

ඔහු මන් ගාවට ඇවිත් මගේ මුහුන ඔහුගේ පැත්තට හැරෙව්වා

"Y/N මොකක්ද වුණේ?"
Namjoon ඇහුවේ හරිම මෘදු විදිහට

" ඇ..ඇත්තටම මගේ යාළුවෙක් මට Boy කෙනෙක්ව අඳුන්නලා දුන්නා Blind date එකකට යන්න. මම යන්න කැමති වුණා ඒත්..."

"ඒත්, මොකද?"
ඔහු මගෙන් එහෙම ඇහුවේ තරහින් බව මට තේරුණා.ඔහුට ඕන වුණේ මොකක්ද සිද්ධ වුණ නරක දේ කියලා ඉක්මනට දැනගන්න.

"ඒ කොල්ලා ඇත්තටම මහ ඕනේ නැති මනුස්සයෙක්. එයා මන් හම්බුන වෙලාවේ ඊඳන් පටන්ගත්තේ මහා අමුතු දේවල් කියවන්න. මාව අපහසුතාවයට ලක් වෙන දේවල්. මට ඒ දේවල් අහගෙන ඉන්නවත් පුළුවන් වුණේ නෑ.ඒ දේවල් නිසා මට ගොඩක් අපහසු ගතියක් දැනුණා.මට හිතාගන්න බෑ කොහොමද මනුස්සයෙක් ගෑනුලමයෙකුට ඒ වගේ දේවල් කියන්න තියා හිතන්නෙවත්"
ඇගේ කටහඩෙන් Namjoon ට තේරුණා ඇය අඬන්න ආසන්නයි කියලා ඒක නිසා ඔහුට හිතාගන්න පුළුවන් වුණා ඒ කොල්ලා Y/N ට කියන්න ඇත්තේ මොනවගේ දේවල්ද කියලා

"මට ඒකගෙ නම විතරක් කියන්න.මම ඒකා ගැන බලාගන්නම්"
namjoon එහෙම කිව්වේ ඇතුලෙන් පිච්චෙන තරම් තරහක් තියාගෙන

"නෑ මට ඕනේ නෑ ආය ඒ මනුස්සයව හම්බෙන්න මට ඕනේ නෑ කවදාවත් ඒ වගේ එක්කෙනෙක් හම්බෙන්න. කවදාවත්"
Y/N ගෙ කම්මුල් දිගේ කඳුලු බිංදු එක දිගට වැටෙන්න ගත්තෙ කිසිම පාලනයකින් තොරව

TRAPPED // KNJ AU // SINHALAWhere stories live. Discover now