2_🥀

441 126 3
                                    

ජන්ග්කුක් හිටියෙ එයාගෙ ෆෝන් එක අස්සට මූන ඔබාගෙන එයාගෙ අලුත් ගර්ල් ෆ්‍රෙන්ඩ් එයාට එවලා තිබුන නියුඩ් ෆොටෝස් දිහා කෙල පෙරාගෙන බලාගෙන. තමන් තව ටික දවසකින් මැරි කරනවා කියන එකවත් ජන්ග්කුක්ට ලොකු දෙයක් උනේ නෑ. එයා දැන්ම ඉඳන්ම හිතන් හිටියෙ මොකාව බැන්ඳත් තමන් දැන් ගන්න ආතල් එක කීයටවත් නවත්තන්නෙ නෑ කියලා. ඇරත් එයාගෙ අප්පා කියපු විදිහට නම් මේක විවාහයකට වඩා බිස්නස් ඩීල් එකක් වගේ ජන්ග්කුක් දැනුනෙ

ඉතින් ජන්ග්කුක් මොකටද ඒ ගැන හිතලා කලබල වෙන්නෙ? ඇති තරම් වියදම් කරන්න සල්ලියි, ජියොන් නමට තියෙන බලපුළුවන්කාරකමයි තියෙනකන් ජන්ග්කුක් කියන්නෙ තමන්ගෙ නහය උඩින් මැස්සෙක් ගියත් ගනන් ගන්නැති සෙල්ලක්කාරයෙක්

තවත් විනාඩි 5කට පස්සෙ කලින් කතා උන විදිහටම පාර්ක් පවුල රෑ කෑමට ජියොන් සමූහයට අයිති සෝල් වල ප්‍රධාන හෝටලේකට ආවා. එයාලා එනකොටත් ජියොන් පවුලෙ පොඩි පුතා ඇරෙන්න අනිත් හතර දෙනාම එයාලට වෙන් කරලා තිබුන මේසෙට වෙලා බලාගෙන හිටියා

"ඉතින් කොහොමද දේ යොන්ග්?"

පාර්ක් පවුල ඇවිල්ලා මේසෙන් ඉඳගත්තට පස්සෙ ජීහුන් කතාවට මුල පිරුවා. පවුල් දෙකේම වැඩිහිටියො කතා කරන අතරෙ ජන්ග්කුක් බලන් හිටියෙ කහ පාට ලොකු ටී ශර්ට් එකයි සුදු පාට කොට ශෝට් එකයි ඇඳගෙන, ඔලුව පාත් කරන් එයා ඉස්සරහා ඉඳන් ඉන්න උරහිසට වෙනකන් දිග බ්ලොන්ඩ් කොන්ඩෙ අයිතිකාරි දිහා. ජන්ග්කුක්ට හරියටම පෙනුනෙ එයාගෙ නලල ඉස්සරහට වැටිලා තිබුන කොන්ඩෙයි, උල් වෙලා වගේ පේන තොල් දෙකයි, චූටි නයහකුයි විතරයි

"ඩේහි.. බබා ඔයාව ඉන්ට්‍රඩියුස් කරලා දෙන්න මේ අයට"

මිසිස් පාක් ඩේහිගෙ කනට පාත් වෙලා කොඳුරන හැටි ජන්ග්කුක් හොඳ අවධානෙන් බලන් හිටියා. ඒ එක්කම ඩේහි හිමීට ඔලුව උස්සද්දි තමයි ජන්ග්කුක්ට උන්හිටි තැන් අමතක උනේ

"හායි. මම ඩේහි.. මං SNU එකේ ආර්ට් ෆැකල්ටි එකේ තර්ඩ් ඉයර් ඉන්නෙ"

ඩේහි ලැජ්ජාවෙන් වගේ හිනා වෙලා හැමෝගෙම මූනු දිහා බලන් කිව්වත් එයා ජන්ග්කුක්ගෙ මූන තප්පර දෙකකට වඩා වැඩියෙන් නොබලා ඉන්න වගබලාගත්තා

"අනේ ඩේහි... ඔයාට තියෙන්නෙ හරි කියුට් මූනක්නෙ. නේද ගුක්..?"

ජන්ග්කුක්ගෙ නූනා, යූහි හිනා වෙලා කියලා ජන්ග්කුක්ට වැලමිටෙන් ඇන්නා

"ඇහ් අහ්..!? උහ් ඔ ඔව් ඔව්.."

මෙච්චර වෙලා ඩේහි දිහා කන්න වගේ බලන් හිටිය ජන්ග්කුක් ඔලුව ගස ගස උත්තර දුන්නෙ යූහි කියපු දේ එයාට හීනෙන් වගේ ඇහුන නිසා

ඒකට අනිත් හැමෝම හිනා වෙද්දි ඩේහි ලැජ්ජාවෙන් රතු වෙලා බිම බලාගත්තා. ඒත් ජින් නම් හිටියෙ ආපු වෙලාවෙ ඉඳලම ජන්ග්කුක්ට ඔරවගෙන කියලා කවුරුත් හරියට දැක්කෙ නෑ

********

Lost You 🥀 [ᴏɴᴇꜱʜᴏᴛ_ᴄᴏᴍᴘʟᴇᴛᴇᴅ]Where stories live. Discover now