"ඩේහි! ඩේහි!!!"ජන්ග්කුක් ලිවින් රූම් එකට ඇවිත් ගේ දෙවනත් වෙන්න කෑ ගහද්දි ඩේහි එක පිම්මට ඉස්සරහට දුවගෙන ආවා
"ඔ-ඔප්පා ඔයාට මොක-"
ජන්ග්කුක්ගෙ තොලේ පැත්තක් පුපුරලා ලේ කැටි ගැහිලා තියෙන විදිහ දැක්ක ඩේහි කලබලෙන් ජන්ග්කුක් ලඟට යනකොට ඊට වඩා වේගෙන් ඩේහි ඉස්සරහට ආව ජන්ග්කුක් ඩේහිගෙ බෙල්ලෙන් අල්ලගත්තා
"ඔ.. ඔ-ප්පා.. මොක-ද ම්හ්.."
ඩේහි ජන්ග්කුක්ගෙ අතට ගගහා ගැලවෙන්න හැදුවෙ එයාගෙ ඇස් වලින් වේදනාවට කඳුළු ගලද්දි. ජන්ග්කුක්ට ඒ කඳුළු දැක්කම එයාගෙ පියවි සිහිය ආපහු ලැබුනා. එයා ලොකු හුස්මක් අරන් ඩේහිගෙ බෙල්ල අතෑරියෙ හිතේ තියෙන කේන්තිය ළඟ තිබුන ස්ටූල් එකක් පිටින් යවලා
"කවුද සන්ග්වුන් කියන්නෙ? ඌත් එක්ක ඔයාට මොකද්ද තියෙන සම්බන්ධෙ?"
ජන්ග්කුක් ඇහුවෙ කේන්තියෙන් අහක බලාගෙන
ඩේහි දන්නෙ නෑ ජන්ග්කුක් සන්ග්වුන් ගැන දැනගත්තෙ කොහොමද කියලා. එයා හිතුවෙ සමහරවිට එයා අද දවල් සන්ග්වුන් එක්ක කාර් එකේ එන හැටි ජන්ග්කුක් දකින්න ඇති කියලා
"එ-එයා ජින් ඔප්පාගෙ යාලුවෙක්"
ඩේහි එහෙම කියලා සන්සුන් වෙන ගමන් බෙල්ලත් අතගගා බාත් රූම් එකට ගියේ ෆස්ට් ඒඩ් කිට් එක අරන් එන්න. එයා ඒක අරන් එද්දිත් ජන්ග්කුක් කේන්තියෙන් පුපුර පුපුර හිටගෙන හිටිය නිසා ඩේහි ජන්ග්කුක්ගෙ අතින් අල්ලගෙන එයාව සෝෆා එකෙන් ඉන්දවලා එයත් ඒ ළඟින් ඉඳගත්තා
"මං දන්නෑ ඔයා සන්ග්වුන් ඔප්පා ගැන එක පාරටම ඔච්චර කේන්තියෙන් අහන්න හේතුව මොකද්ද කියලා. ඒත් මට එයා එක්ක විශේෂ සම්බන්ධයක් නෑ. එයත් මට මගේ සහෝදරයෙක් වගේ"
ඩේහි කිව්වෙ තෙත් කරපු කොට්න් බඩ් එකකින් ජන්ග්කුක්ගෙ තොලේ ලේ කැටිය පිහිදාන ගමන් ලාවට හිනා වෙලා
ඩේහිගෙ හැසිරීම ජන්ග්කුක්ව පුදුම කලා. එයා එච්චර ඩේහිගෙ බෙල්ල මිරිකලා මරන්න හදලත් ඩේහි ඇයි තාම තමුන්ට මෙච්චර හොඳින් සලකන්නෙ? ජන්ග්කුක්ට හිතාගන්න බෑ
ජන්ග්කුක් ටික වෙලාවක් එයාගෙ පැලිච්ච තොලට බෙහෙත් දාන ඩේහිගෙ පිම්බුන මූන දිහා බලන් හිටියා. එයාගෙ කේන්තිය දැන් ටිකක් නිවිලා. ඊටපස්සෙ එයාගෙ ඇස් ගියේ එයාගෙ ඇඟිලි පාර හිටලා තියන ඩේහිගෙ බෙල්ලට
තමුන් එකම වැරැද්ද ආයෙ සැරයක් කලා කියලා ජන්ග්කුක්ගෙ හිත ආයෙම කෑ ගහන්න පටන් ගත්තා. එයා ඒ පසුතැවීමත් එක්කම ඩේහිගෙ බෙල්ල දිගේ ඇඟිලි තුඩු අරන් ගියා
"සමාවෙන්න.."
ඩේහි හිනා උනා..
ජන්ග්කුක් ආයෙම පුදුම උනා...
*******
YOU ARE READING
Lost You 🥀 [ᴏɴᴇꜱʜᴏᴛ_ᴄᴏᴍᴘʟᴇᴛᴇᴅ]
Fanfiction"සමාවෙන්න කියන වචනය හැමතිස්සෙම වලංගු නෑ" . Oneshot [සිංහල] _________________ Total chapters - 11