තීන්දු කරපු විදිහටම මාසෙකට පස්සෙ ඩේහි, ජන්ග්කුක් දෙන්නගෙ විවාහය ලොකුවටම සිද්ධ උනේ ව්‍යාපාරික ලෝකෙ අලුත් මාතෘකාවක් නිර්මාණය කරන ගමන්. ඒ මේ විවාහය නිසා බලංකොලොත් වෙන්න යන පාර්ක් ඉන්ඩස්ට්‍රිස් සහ රටේ ලොකු නමක් දිනාගෙන ඉන්න ජියොන් හෝල්ඩින්ග්ස් කියන ව්‍යාපාර දෙකේ ඒකාබද්ධ වීම ගැනවිවාහය දවසෙම රෑ ජන්ග්කුක් එක්ක එයාලට පවුල් වලින් තෑගි විදිහට හම්බවුනු අලුත් ගෙදරට යන්න ඩේහිට සිද්ධ උනා
"ඩේහි බබා මේ අහන්න. බැරි වෙලාවත්.. බැරි වෙලාවත් ජන්ග්කුක් ඔයාට මොකක්ම හරි දුක හිතෙන දෙයක් හරි කරදරයක් හරි කලොත් ඔප්පාට අනිවාර්යයෙන්ම කියනවා කියලා පොරොන්දු වෙන්න"
වෙඩින් කාර් එකට නගින්න කලින් ඩේහිව පැත්තකට ඇදන් ගිහිල්ලා ජින් ඉල්ලපු ඉල්ලීම ඩේහිට මතක් උනා. ජන්ග්කුක් මොන වගේ කෙනෙක්ද කියන එක ගැන ජින් ඩේහිට පැහැදිලි කරලා දීලා තිබුනා. ඩේහිට තමන්ගෙ අනාගතේ ගැන ලොකු අනාරක්ෂිත බවක් දැනුනත් එයා ඊටපස්සෙත් විවාහයට විරුද්ධත්වයක් පෙන්නුවෙ නැත්තෙ එයාගෙ පවුල වෙනුවෙන් එයාට කරන්න පුළුවන් එකම දේ මේක නිසා
ඉතින් ඩේහි ජින්ට පොරොන්දු උනා...
වාහනේ එන අතරෙදි ඩේහි පුංචිම සද්දයක්වත් නොකර ඉන්න වගබලාගත්තා. ජන්ග්කුක් එක්ක නීතියට වැඩිය ලොකු බැඳීමක් ඇති කරගන්න අවස්ථාවක් නැති බව ඩේහි දැන්ම ඉඳලම තේරුම් අරන් හිටියා
අනිත් අතට ජන්ග්කුක් හිටියෙ වෙඩින් එකට දවස් දෙකකට කලින් එයාව අතෑරලා දාපු එයාගෙ එක්ස් ගර්ල්ෆ්‍රෙන්ඩ් ගැන හිත හිත. එයා ජන්ග්කුක්ව අතෑරලා දාන්න හේතුව උනේ ජන්ග්කුක් ඩේහිව මැරි කරන්න යනවා කියලා දැනගත්තම කියලා ජන්ග්කුක්ට මතක් වෙද්දි එයාගෙ ඇඟේ ලේ රත් වෙන්න ගත්තා. ඒ කේන්තියෙන් ජන්ග්කුක් වාහනේ ඩ්‍රයිව් කලෙත් පුදුම වේගෙකින්
ටික වෙලාවකට පස්සෙ ස්වයංක්‍රීයව ඇරුන ගේට්ටුවකින් කාර් එක ඇතුලට දාපු ජන්ග්කුක් ලොකුවට පේන ගේ ඉස්සරහින් මහ සද්දෙන් කාර් එක බ්රේක් කරලා බැහැලා හයියෙන් කාර් එකේ දොරත් වහලා ගේ ඇතුලට යන්න ගියා
එක පාරටම සිද්ධ වෙච්ච දේ නිසා ඩේහි ගැස්සුනත් ටික වෙලාවක් ඔහේ ඉස්සරහා බලන් ඉඳලා කාර් එකෙන් බැහැලා එයත් ගේ ඇතුලට ගියා
ඒ යනකොට ජන්ග්කුක් ලිවින් රූම් එකේ සෝෆා එකක් උඩ උඩුබැලි අතට වැටිලා ඇස් වහගෙන ඉන්නවා
ජන්ග්කුක් ඉස්සරහින් නතර උනු ඩේහි ටික වෙලාවක් ජන්ග්කුක් දිහා බලන් හිටියා. ජන්ග්කුක් හිටියේ එයාගෙ බ්ලේසර් එක වෙන සෝෆා එකකට විසි කරලා, ටයි එකේ ගැටේ ලිහිල් කරගෙන පහලට ඇදලා, සුදු පාට අත් දිග ශර්ට් එකේ අත් වැලමිට වෙනකන්ම නවාගෙන. තව එයා ශර්ට් එකේ උඩ බොත්තම් තුන ගලවලා තිබුන නිසා එයාගෙ දකුණු අත දිගේ ඉඳන් පපුවට වෙනකන් ගහලා තිබුන ටැටූ වලින් බාගයක්ම ඩේහි දැක්කා. ජින් කිව්වා හරි. ජන්ග්කුක් කොයි තරම් සෙල්ලකාරයෙක් වෙන්න ඇතිද කියලා එයාව මේ විදිහට දැක්කම ඕන කෙනෙක්ට හිතෙනවා
"ජන්ග්-ජන්ග්කුක් ඔප්පා.. ජන්ග්කුක් ඔප්පා"
ඩේහි ජන්ග්කුක් ඉස්සරහා දණ ගහගෙන එයාට කතා කලා. ජන්ග්කුක් කලේ නොරිස්සුමෙන් වගේ වගේ කෙඳිරි ගාපු එක
"ඔප්පා. නැගිටලා රූම් එකට ගිහින් වොශ් එකක් දාගන්න. ඔයාට මහන්සියිනෙ-"
"කටවහගෙන පලයං යන්න"
ඩේහි දෙවෙනි වතාවට ජන්ග්කුක්ට කතා කරද්දි ජන්ග්කුක්ගෙන් ලැබුනෙ සීතල ප්‍රතිචාරයක්. එයා එක පාරටම එයාගෙ අතක් ඩේහි පැත්තට තල්ලු කරපු නිසා ඩේහිව පස්සට විසි වෙලා ගිහින් බිම වැටුනා. ඒ එක්කම ඇස් වලට කඳුළු පිරෙනවා දැනෙද්දි ඩේහ් ඉක්මනින් එතනින් නැගිටලා කාමරයක් ඇතුලට දිව්වා
*******
ŞİMDİ OKUDUĞUN
Lost You 🥀 [ᴏɴᴇꜱʜᴏᴛ_ᴄᴏᴍᴘʟᴇᴛᴇᴅ]
Hayran Kurgu"සමාවෙන්න කියන වචනය හැමතිස්සෙම වලංගු නෑ" . Oneshot [සිංහල] _________________ Total chapters - 11