6_🥀

385 120 3
                                    


ජන්ග්කුක් ඇහැරුනේ එයාගෙ ලඟින්ම පුංචි හිම බෝලයක් වගේ ගුලි වෙලා හිටිය ඩේහිගෙ හුස්ම එයාගෙ පිටේ වදින රස්නෙත් එක්ක. එයා ඩේහිව ඇහැරෙන්නෙ නැති වෙන්න හිමීට ඩේහිගෙ පැත්තට හැරිලා ඩේහිගෙ ඔලුවට යටින් අතක් යවලා එයාව ලඟට ගත්තා

ඩේහිගෙ පිම්බිච්ච කම්මුල්, රෝස පාටට උල් වෙලා තියෙන තොල්පෙති, චූටි නහය, කම්මුල් උඩ වැතිරිලා තියෙන දිග ඇහි පිහාටු දිහා ජන්ග්කුක් බලන් හිටියෙ භාවනාවකට සමවැදිලා වගේ

ජන්ග්කුක් සෙල්ලකාරයෙක් බව ඇත්ත. ඒත් කවදාවත් ඩේහිව දැකපු දවසෙ ඉඳන් මේ ගෙවුනු දවස් ගානටම ඩේහි ගැන ඇති උන හැඟීම වගේ හැඟීමක් මීට කලින් ජන්ග්කුක්ගෙ හිතේ ඇති වෙලාම නෑ. සහ එයා ඒ හැඟීම ඩේහිට පෙන්නන්නත් බය උනා. එයා බය උනා එයාගෙ පුංචි හරි වැරදීමකින් එයා ඩේහිට රිද්දයි කියලා. පිටට එයා ඩේහිව මැරි කලේ අකමැත්තෙන් වගේ පෙන්නුවත් හිත යටින් එයා ඒ ගැන සතුටු උනා

"මං දන්නවා මං ලස්සනයි කියලා. ඒත් ඔහොම බලන් ඉද්දි මට ලැජ්ජ හිතෙනවා"

ඩේහි ඇස් වහගෙනම හිමින් කොඳුරනකොට ජන්ග්කුක්ගෙ ඇස් උඩ ගියා

"තක්කඩි පොඩි එකා. මෙච්චර වෙලා බොරුවටද නිදාගෙන හිටියෙ"

කියලා ජන්ග්කුක් ඩේහිගෙ ඇඟේ තැන් තැන් වලට ඇන ඇන කිතිකවන්න ගනිද්දි නම් ඩේහි ඉක්මණට ඇස් දෙක ඇරලා හිනා වෙවී ජන්ග්කුක්ව තල්ලු කරන්න හැදුවා

"ආහ් ඔප්පා.. නවත්තන්න..."

ඩේහි ජන්ග්කුක්ට එයාගෙ චූටි අත් වලින් ගගහා කියද්දි ඩේහිගෙ පොඩි බබෙක්ගෙ වගේ ඇහෙන ලස්සන හිනාව තව වැඩි කරන්න ඕනකමට ජන්ග්කුක් තව තවත් ඩේහිව කිති කැව්වා

"බෑ. හොර වැඩ කරනවට පනිශ්මන්ට් තියෙන්න ඕනෙ"

කියලා ජන්ග්කුක් එක පාරටම ඩේහිගෙ අත් දෙකම එයාගෙ එක අතකින් අල්ලලා ඩේහිගෙ ඔලුවට උඩින් ඇඳට තියලා තද කරගෙන ඩේහිගෙ ඇඟ උඩට ආවා

ඩේහිගෙ හිනාව නතර වෙලා හුස්මකුත් හිර කරගෙන එයා බලාගෙන හිටියෙ එයාගෙ මූනටම එබිලා ඉන්න ජන්ග්කුක්ගෙ බෝල ඇස් දෙක දිහා

"මං ඔයාව කිස් කලාට කමක් නැද්ද?"

ටික වෙලාවක් ඩේහිහෙ මූනෙ තියෙන ලස්සන, තුෂ්නිම්භූත වෙච්ච ඉරියව් දිහා ආසාවෙන් බලන් හිටිය ජන්ග්කුක් අන්තිමට ඩේහිගෙන් ඇහුවා

ඩේහි දෙපාරක් නොහිතාම ඔලුව වැනුවා

ඒ අවසරයෙන් ඩේහිගෙ තොල් වලට පහත් වුනු ජන්ග්කුක් හරි පරිස්සමට ඒ තොල් හාදුවකින් තෙත් කලේ එයාගෙ අනිත් අතින් ඩේහිගෙ කම්මුලක් සිනිඳුවට පිරිමදින ගමන්

ඩේහිඑ හිටියෙ ජන්ග්කුක්ගෙ හාදුවට වශී වෙලා. එයා ඇස් දෙක පියාගෙන ඒ හැඟීම විඳගනිද්දි එයාගෙ පපුව ඇතුලෙ අමුතු උනුහුමක් පිරෙන්න ගත්තා. ඩේහි ඒ හැඟීමට ගොඩක් ආස කලා. ඒ හැඟීම එයාට දැනෙන්නෙ ජන්ග්කුක්ගෙ හාදුවෙන් නම් එයාට ඒ හැඟීම නැති කරගන්න කොහෙත්ම උවමනාවක් තිබුනෙ නෑ. ඉතින් එයා ජන්ග්කුක්ගෙන් එයාගෙ අත් දෙකම නිදහස් කරගෙන ඒ අත් ජන්ග්කුක්ගෙ බෙල්ල වටේට යවලා එයාව තවත් ලඟට ඇදලා ගත්තා

මෙච්චර වෙලාවක් ඩේහිගෙ අත් අල්ලන් හිටිය ජන්ග්කුක්ගෙ අත හිමින් සීරුවෙ ඩේහිගෙ ඉනේ ඉඳන් උඩටයි පහලටයි ගමන් කලේ හාදුවේ තාලෙටම වගේ

ඇස් පියාගෙනම ඩේහිගෙ තොල් වල පහස විඳ විඳ හිටිය ජන්ග්කුක් එක පාරටම මේ ලෝකෙ සිහියට ආවෙ එයාගෙ ෆෝන් එක රින්ග් වෙනවා ඇහිලා. ඒ සද්දෙට ඩේහිවත් ගැස්සුනා. ඒත් ජන්ග්කුක් ඒක ගනන් නොගෙන දිගටම ඩේහිගෙ තොල් අතරෙ අතරමං වෙලා ඉන්න තීරණය කලත් දෙවෙනි වතාවටත් ෆෝන් එක කෑ ගහන්න පටන් ගත්තු නිසා ජන්ග්කුක්ට අකමැත්තෙන් උනත් ඩේහිගෙන් ඈත් වෙන්න උනා

ෆෝන් එක අතට අරන් කෝලර් අයිඩී එක බලපු ජන්ග්කුක්ගෙ මූන වෙනස් වෙන විදිහ ඩේහි දැක්කෙ නැත්තෙ එයා මූන ජම්බු පාට කරගෙන ලැජ්ජාවෙන් ඇඳ උඩ ඉඳගෙන හිටිය නිසා

බැල්කනි එකට ගිහින් කෝල් එකට උත්තර දීලා විනාඩි 10කින් විතර ආපහු රූම් එකට ආව ජන්ග්කුක් කෙලින්ම බාත් රූම් එක ඇතුලට දිව්වෙ ඩේහි කියලා කෙනෙක් රූම් එකේ හිටියෙවත් නැති ගානට. ඊටපස්සෙ එයා විනාඩි 5න් බාත් රූම් එකෙන් එලියට ඇවිල්ලා කලු පාට රිප්ඩ් ජීන්ස් එකට තද නිල් පාට ටී ශර්ට් එක ඇඳලා ඊට උඩින් එයාගෙ කලු ලෙදර් ජැකට් එක දාගෙන, කලු බූට්ස් දෙකත් දාගෙන, නයිට් ස්ටෑන්ඩ් එක උඩ තිබ්බ කාර් එකේ යතුරත් අරන් රූම් එකෙන් එලියට දිව්වා. ඊලඟට ඇහුනෙ ජන්ග්කුක්ගෙ කාර් එක ස්ටාර්ට් වෙලා ඒක ගේට් එකෙන් එලියට යන සද්දෙ

ජන්ග්කුක්ගෙ එක පාරටම වෙනස් උන මේ අමුතු හැසිරීම දිහා ඩේහි බලන් හිටියෙ හිත රිද්දවගන්න ගමන්. එයාගෙ හිතේ ජන්ග්කුක් ගැන පුංචි බලාපොරොත්තුවක් ඇති වීගෙන එනකොටම ඒ බලාපොරොත්තුව එතනින්ම කැඩිලා බිඳිලා ගියා

*******

Lost You 🥀 [ᴏɴᴇꜱʜᴏᴛ_ᴄᴏᴍᴘʟᴇᴛᴇᴅ]Where stories live. Discover now