7_🥀

371 115 2
                                    


"බේබි අම් සොරි.. ප්ලීස් මං කියන දේ අහන්න"

බාර් කවුන්ටර් එක ළඟ ස්ටූල් එකක ඉඳන් කවුන්ටර් එකට බර වෙලා හිටිය ජන්ග්කුක්ගෙ අතක එල්ලෙන ගමන් ජෙනී නහයෙන් අඬනවා

"මට ඔයා නැතුව ඉන්න බෑ බේබි. ඔය කියන එකීව ඩිවෝස් කරලා ආපහු මං ලඟට එන්න. මං ඩැඩීට හොරෙන් ඔයාට තව සල්ලි ටිකක් අරන් දෙන්නම් ම්ම්?"

ජෙනී කිව්වෙ ජන්ග්කුක්ගෙ උරහිසකින් කම්මුලක් තියාගන්න ගමන්

කිම් ජෙනී කියන්නෙ ජන්ග්කුක්ගෙ එක්ස් ගර්ල්ෆ්‍රෙන්ඩ්. ඒ වගේම ජෙනීගෙ අප්පා තමයි කොරියාවෙ අලුත් ජනාධිපතිගෙ දකුණු අත වගේ ලඟින්ම ඉන්න කෙනා. ඉතින් ජන්ග්කුක්ට නම් ජෙනී කියන්නෙ සල්ලි උල්පතක්. එයාගෙ ක්ලබ් එකේ වැලි කැටේ ඉඳන් උඩින්ම දිලිසෙන නියොන් ලයිට් එක වෙනකන් නඩත්තු වෙන්නෙ ජෙනීගෙ අප්පාගෙ සල්ලි වලින්

ජන්ග්කුක් එයා ඕඩර් කරපු වොඩ්කා එක හම්බෙනකන් නලලට අත ගහන් කල්පනා කරනවා. ජෙනී කියන්නෙ හොඳ කැච් එකක්. එයාව නැති උනොත් ජන්ග්කුක්ට වෙන්නෙ ලොකු පාඩුවක්. මොකද ජන්ග්කුක්ගෙ ක්ලබ් එක පාඩු පිට දුවන වග එයාගෙ අප්පා දැනන් හිටියෙ නෑ. ඒ හැම පාඩුවකටම ජන්ග්කුක්ට සල්ලි හම්බ උනේ ජෙනීගෙන්. ඉතින් දැන් ජෙනීව නැති කරගත්තා කියන්නෙ ජන්ග්කුක්ට එයාගෙ ක්ලබ් එක නැති උනා වගේ තමයි

"ඒක එහෙම කියන තරම් ලේසි වැඩක් නෙවෙයි ජෙනී"

ජන්ග්කුක් කිව්වෙ බාටෙන්ඩර් එයාගෙ ඉස්සරහින් තිබ්බ වොඩ්කා වීදුරුවෙ කට වටේ ඇඟිල්ලක් යවන ගමන්

"මොකද නැත්තෙ? ඔයාට පුළුවන් ඕන වෙලාවක් එයාව ඩිවෝස් කරන්න. ඕර් මේ බී.. අපිට පුළුවන් ඒක වෙන විදිහකට උනත් ඉවරයක් කරලා දාන්න"

ජෙනී කිව්වෙ නපුරු හිනාවක් මූනට අරන් ජන්ග්කුක්ගෙ වොඩ්කා එකෙන් උගුරක් බොන ගමන්

ඒ කතාවට ජන්ග්කුක්ගෙ මූනෙ මස් නලියන්න ගත්තා

"එයාට ඇඟිල්ලක්වත් තියන්න හිතන්නවත් එපා"

ජන්ග්කුක් කිව්වෙ එයාගෙ වොඩ්කා වීදුරුව ජෙනී අතින් ඇදලා ගන්න ගමන්

ජෙනී ඒකට හුස්මක් පිම්බා

"හහ්.. ඇයි? දැනටමත් ඒ බඩ්ඩ ඔයාව රවට්ටගෙනද?"

"ජෙනී ප්ලීස්. ඔය කතාව නවත්තගන්න. ඉස්සෙල්ලා මට එන්න කියපු කාරණේ ගැන කතා කරලා ඉමු"

ජෙනීට කේන්ති යාගෙන එන බව තේරෙද්දිම ජන්ග්කුක් ඉක්මණට මාතෘකාව වෙනස් කලා. සහ ඒ වැඩේ හරි ගියා

"හී... ලබන සතියෙ අපේ ඩැඩීගෙ කැම්පේන් එකක් තියෙනවා ඉල්සාන් වල. ඔයාටත් ගෙස්ට් කෙනෙක් හැටියට ඉන්වයිට් කරන්න ඉන්නෙ කියලා ඩැඩී මට කිව්වා"

ජෙනී කිව්වෙ ජන්ග්කුක්ට එහා පැත්තෙන් ඇවිත් ස්ටූල් එකක ඉඳගත්ත උස මහත හැන්ඩ්සම් කොල්ලා දිහාම බලාගෙන. ඒත් ජන්ග්කුක් හිතුවෙ ජෙනී බලන් ඉන්නෙ එයා දිහා කියලා. ඉතින් ජන්ග්කුක් හිනා වෙලා ජෙනී දිහා බැලුවා

"ඒක නම් ලොකු දෙයක්. මට කැසිනෝ එකේ ස්පොන්සර්ව චේන්ජ් කරගන්න ලොකු උවමනාවක් තියෙනවා. ඔයාලගෙ ඩැඩීගෙ බිස්නස් පාට්නර් කෙනෙක් සෙට් උනොත් නම් ගොඩම තමයි"

ජන්ග්කුක් විරිත්තගෙන කියද්දි ජෙනී තාමත් බලන් හිටියෙ ඊට එහා පැත්තෙ ඉඳන් ඉන්න කොල්ලා දිහා. ඒ කොල්ලත් ජෙනීගෙ බැල්ම තේරිලා වගේ බය නැතුව ජෙනී දිහාම බලාගෙන හිටියා. ඒක ජන්ග්කුක්ටත් තේරුන නිසා එයා නිකමට ඔලුව හරවලා ඒ පැත්ත බැලුවා

"හායි. මං සන්ග්වූන්. ඔයා ජන්ග්කුක්නෙ?"

ඒ හැන්ඩ්සම් කොල්ලා ජන්ග්කුක්ට අත දික් කරද්දි ජන්ග්කුක් ඒ අත දිහා ටිකක් වෙලා බලන් හිටියා

"ඔව්"

ඊටපස්සෙ එයා සන්ග්වූන්ට යාන්තමට අත දීලා ආයෙමත් ඉස්සරහා බලාගනිද්දි ජෙනී සන්ග්වූන්ට ඇහැක් ගහන හැටි ජන්ග්කුක් දැක්කෙ නෑ. ඒකට සන්ග්වූන්ට කට කොනෙන් හිනාවක් ගියා

"ඉතින් කොහොමද මැරේජ් ලයිෆ් එක?"

සන්ග්වූන් එයාගෙ මාටිනී එක කලත්තන ගමන් ඇහුවම ජන්ග්කුක් එක පාරටම සන්ග්වුන් දිහා බැලුවා

"ඒක තමුන්ට අදාල දෙයක් නෙවෙයි"

"සමහරවිට.."

සන්ග්වුන් ඔලුව පැත්තකට නවලා කිව්වා

"මට දැන් යන්න වෙනවා. ආයෙ දවසක හම්බවෙමුකො"

කියලා සන්ග්වුන් අන්තිම මාටිනී උගුරත් කටට හලාගෙන ස්ටූල් එකෙන් නැගිටලා යන්න ගියේ ජන්ග්කුක්ගෙ ඇඟේ මාලු නටද්දි

*******

Lost You 🥀 [ᴏɴᴇꜱʜᴏᴛ_ᴄᴏᴍᴘʟᴇᴛᴇᴅ]Wo Geschichten leben. Entdecke jetzt