8_🥀

366 118 2
                                    


ඩේහි යුනිවර්සිටි එක ඉස්සරහා පාරට වෙලා බලන් හිටියෙ එයා බුක් කරපු ටැක්සි එක එනකන්. ඒ ඉද්දි එයාගෙ ඉස්සරහින් කලු පාට i8 එකක් නතර වෙලා හෝන් එක ගැහුවෙ ඩේහිගෙ අවධානෙ ඒ පැත්තට යද්දි

ඩේහි හිමින් සීරුවේ පාත් වෙන වීදුරුව දිහා බලාගෙන කාර් එක ලඟට යද්දි තමයි ඇතුලෙ ඉන්න සන්ග්වුන්ව දැක්කෙ

"හායි ඩේහි බබා"

සන්ග්වුන් සතුටින් කෑ ගහද්දි ඩේහි හිනා. එයා පොඩ්ඩක්වත් වෙනස් වෙලා නෑ. එයා තාමත් ජින් එක්ක පොඩි කාලෙ ස්කූල් ඇරිලා ඇවිත් කප්පරක් දඟ වැඩ කර කර හිනා උන සන්ග්වුන්මයි

"ඔප්පා.. ඔයා කොහෙද මේ?"

ඩේහි සන්ග්වුන්ව හොඳට දන්න නිසා දෙපාරක් නොහිතාම කාර් එකට නැග්ගා

"මං මේ ලඟකට ආවා පොඩි වැඩකට. ඒ යද්දි ඔයාව දැක්කෙ"

"ආහ්..."

ඩේහි එයා දාපු බුකින් එක කැන්සල් කරන ගමන් සන්ග්වුන් කියන දේවල් අහන් හිටියා

"කොහොමද අලුත් ලයිෆ් එක ඩේහි? ඔයා සතුටින් ඉන්නවා නේද?"

සන්ග්වුන් ඇහුවෙ එයා එන්න කලින් ජන්ග්කුක්ව අහම්බෙන් මුණ ගැහුනු විදිහ මතක් කරන ගමන්. සන්ග්වුන්ගෙ ප්‍රශ්නෙන් ඩේහිගෙ මූන වෙනස් උනා

"ම්ම්ම් අවුලක් නෑ හ්‍යුන්ග්. ඔම්මායි අප්පායි ජිනී ඔප්පායි නැතුව පාලුයි ඉතින්. ඒත් මං සතුටින් ඉන්නවා. ඔයා දන්නවනෙ මං ගැන"

"හ්ම්ම්ම්"

ඩේහි මවාගත්තු සතුටකින් ඒ දේවල් කියපු වග සන්ග්වුන් හොඳටම දන්නවා

"බායි ඔප්පා. පරිස්සමෙන් යන්න"

ඩේහිගෙ ගෙදර ගේට් එක ඉස්සරහින් කාර් එක නවත්තපු සන්ග්වුන් ඩේහිව දාලා ආයෙමත් කේන්තියෙන් වාහනේ හරවගත්තෙ ජන්ග්කුක්ගෙ ක්ලබ් එකට යන්න

සන්ග්වුන් ක්ලබ් එක ඇතුලට යද්දි ජන්ග්කුක් ජෙනී එක්ක රූම් එකක් ඇතුලෙ ඉඳන් එලියට එන ගමනුයි හිටියෙ. කේන්තියටත් එක්ක සන්ග්වුන් කෙලින්ම ගිහිල්ලා ජන්ග්කුක්ගෙ ටී ශර්ට් කොලර් එකෙන් අල්ලගත්තා

"උබ ඩේහිට ඔය කරන්නෙ ලොකු වැරැද්දක්"

සන්ග්වුන් කේන්තියෙන් දත්මිටි කාගෙන කියද්දි ජන්ග්කුක් ඔලුව උස්සලා එක පාරටම උනේ මොකද්ද බැලුවා. එයාගෙ ඉස්සරහා ඉන්නෙ සන්ග්වුන් කියලා අඳුරගත්තම ජන්ග්කුක්ගෙ රතු කට්ට පනින්න වැඩි වෙලාවක් ගියේ නෑ. මොකද රූම් එකේ අදාල වැඩ කර කර ඉන්න අතරතුරදිත් ජෙනීගෙ කටින් වැඩි හරියක් පිට උනෙත් ඩේහිගෙ නම

ඩේහි. ඩේහි. ඩේහි.

"උබ කවුද මිනිහො මගේ වයිෆ් ගැන මට කියලා දෙන්න?"

ජන්ග්කුක් ආපිට සන්ග්වුන්ගෙ කොලර් එකෙන් ඇදගෙන ඇහුවා

"මම? උබට මගෙන් වැඩක් නෑ මිනිහෝ"

සන්ග්වුන් ජන්ග්කුක්ගෙ මූනෙ පැත්තකට අත මිට මොලවලා පාරක් ගැහුවෙ ජන්ග්කුක්ව ජෙනීත් එක්කම බිම පෙරලිලා යන්න

"හැබැයි එකක් මතක තියාගනින්. ජීවිතේට හොඳ දේවල් සිද්ධ වෙන්නෙ.... හැමතිස්සෙම එක පාර‍යි. දෙවෙනි අවස්තාවක් නෑ!"

සන්ග්වුන් එහෙම කියලා එතනින් යන්න ගියේ ජන්ග්කුක් තාමත් ගිනි පිටවෙන ඇස් වලින් බිම ඉඳගෙන බලාගෙන ඉද්දි

*******

Lost You 🥀 [ᴏɴᴇꜱʜᴏᴛ_ᴄᴏᴍᴘʟᴇᴛᴇᴅ]Where stories live. Discover now