5_🥀

399 122 11
                                    


ඩේහි උදේ ඇහැරුනේ එයා වෙනදට සාමාන්‍යයෙන් යුනිවර්සිටි යන්න තියලා තිබුන එලාම් එකේ සද්දෙට. වෙඩින් එකෙන් පස්සෙ දවස නිසා ඩේහිට අද යුනිවර්සිටි නොයා රෙස්ට් කරන්න කියලා එයාගෙ ඔම්මා එයාට කලින් කියලා තිබුනා

ඉතින් ඩේහි ඇඳෙන් බැහැලා රූම් එකේ දොර ඇරියෙ ටිකක් බයෙන්. ජන්ග්කුක් ඊයේ රෑ වගේ මත් වෙලා නොහිටියත් එයා තාම කේන්තියෙන් ඇති කියලා ඩේහිට හිතුනා

ඩේහි හිමීට වටපිට බලන ගමන් ජන්ග්කුක්ගෙ රූම් එක ලඟින් ගියේ ජන්ග්කුක් මේ වෙලාවෙම එලියට එන්න එපා කියලා ප්‍රාර්ථනා කරන ගමන්. ඒ එක්කම ලිවින් රූම් එකෙන් ඇහුන සද්දයක් නිසා ඩේහි ඉක්මණට ලිවින් රූම් එක පැත්තට යද්දි දැක්කෙ බිම වැටිලා බිඳිලා ගිය මල් වාස් එකක කෑලි එකතු කරන මැදි වයසෙ ගෑනු කෙනෙක්ව

තමන්ගෙ ළඟින් කවුරුහරි ඉන්නවා කියලා දැනුන ඒ ගෑනු කෙනා ඩේහි දිහාට හැරුනා

"අහ් නෝනා ඇහැරුනාද? මං නෝනාව ඇහැරවන්නත් හදලා ආයෙ නෝනාට මහන්සි ඇති කියලා හිතලා නිකං හිටියා"

ඒ ගෑනු කෙනා කරුණාවන්ත හිනාවක් එක්ක කියද්දි ඩේහිගෙ මූනටත් නොදැනිම හිනාවක් ආවා

"ම්ම්ම් ඔයා කවුද?"

ඩේහි පාත් වෙලා බිම තිබුන කැඩිච්ච මල් වාස් එකේ ලොකු කෑල්ලක් අතට අරන් ගෑනු කෙනාට දෙන ගමන් ඇහුවා

"මං ජොන්ග් ඉන්. මං තමයි පොඩි කාලෙ ඉඳන්ම අපේ ජන්ග්කුක් බේබිව බලාගත්තෙ. එයා මං හදන කෑම බීම ඇරෙන්න වෙන කාගෙවත් ඒවා කන්නෙ නෑනෙ. ඉතින් ජියොන් නෝනා තමයි මට අද ඉඳන් මෙහෙට වැඩට එන්න කිව්වෙ මහත්තයාලගෙ උදව්වට"

ජොන්ග් ඉන් එයා ඇහිඳගත්තු මල් වාස් එකේ කෑලි ටිකත් එකතු කරගෙන නැගිට්ටාම ඩේහි 'ආහ්' කියලා ඔලුව වැනුවා. ඊටපස්සෙ එයා වටපිට බැලුවෙ ජන්ග්කුක් පේන්න ඉන්නවද කියලා

"බේබි උදෙන්ම ඔෆිස් ගියානෙ"

ඩේහිගෙ හැසිරීම තේරුන ජොන්ග් ඉන් හිනා වෙලා කිව්වා. අලුත බැඳපු ජෝඩුව වෙනම කාමර දෙකක රෑ ගත කලේ ඇයි කියලා පුදුම නොවෙන්න තරම් ජොන්ග් ඉන් ජන්ග්කුක් ගැන දැනගෙනයි හිටියෙ. පුංචි කාලෙ ඉඳන් අතේ පයේ තියාගෙන හැදුවත් දැන් ජන්ග්කුක් කියන්නෙ සල්ලාලයෙක් වග ජොන්ග් ඉන් දන්නවා. ඒ අතින් ජොන්ග් ඉන්ට ඩේහි ගැන දැනුනෙ අනුකම්පාවක්

Lost You 🥀 [ᴏɴᴇꜱʜᴏᴛ_ᴄᴏᴍᴘʟᴇᴛᴇᴅ]Where stories live. Discover now