මේ අතරෙ...
@skz dorm
juju : මින්හෝආ !!!! ඔප්පා !!
එහේ ජුජූ ගේ දෙවනත් වෙන්න කෑ ගගහා මින්හොව හෙව්වත් මින්හො පේන්න හිටියෙ නෑ....
minho : ඕ...ජුජූ මම මෙහේ !!
ඒ අතරෙ මින්හො ගාඩ්න් එකට වෙලා තනියම මොකේටදෝ සිරික්කිය දදා හිටියා..
juju : හනේ හනේ ! මොනාද මෙතන කරන්නෙ?
minho : ආ...මං මේ උදෑසනින් ප්‍රබෝධමත්ව අවදිවෙලා මගේ ලස්සන මල්වත්තෙ ලස්සන අත්විදිනවා...
juju : ආ..මට පේනවා අත් විදලා තියෙන හැටි !! මෙන්න මෙහෙට දෙන්න ඔය ෆෝන් එක..
මින්හො සිරික්කිය දදා ඉදලා තියෙන්නෙ නිකන්ම නෙවේ...ඒ ෆෝන් එක දිහා බලාගෙන..
juju : ආහ් ! ඔයා නම් ඇත්තටම !!!
ජුජූටත් හිනා ගියා එයා ෆෝන් එකේ බල බල හිටපු දේ දැකලා...මින්හො ඒ බලලා තියෙන්නෙ ඊට කලින් දවසෙ නත්තල් පාටි එකේදි ජුජූ එක්ක ගහපු ෆොටෝස්...
minho : හී..හී...කිමද සොදුරිය?
juju : අනේ මේහ්..දැන් ඇති ඔය ඩ්‍රාමා එක !! මං අහන්න ආව එකත් අමතක වුනා !!
minho : ආහ් ! වට්ස් ද මැටර් බේබි?
juju : ජොන්ග් ඉන් කෝ?
minho : ඇයි අර තොටිල්ලෙ පැද්දි පැද්දි හිටියෙ යස අගේට !
මින්හො එහෙම කියන ගමන් ගාඩ්න් එකේ පැත්තක හදලා තිබුනු ලී තොටිල්ලක් පෙන්නුවා..
juju : කෝ ඉතින් දැන්??
minho : ආහ්..ඔය කොහේ හරි රිංගන් ඇති ! ඩෝන්ට් ස්ට්‍රස් බේබි !!
juju : අනේ මේ ඔප්පා !! ඕක නවත්තලා ජොන්ග් ඉන්ව හොයනවද!!?
මින්හො තව ටිකක් ඔය විදියට හිටියනම් ජුජූගෙන් කනවා හොද කනේ පාරක් ආයෙ මදි නොකියන්නම..
juju : ජොන්ග් ඉන් පැටියෝ..ඉන්න දිහාවකින් එන්නකෝ...
minho : වදකාර මල්ලි කියන එකෝ...මගුලක් කරන්නැතුව මෙන්න මෙහෙ එනවා ඕයි !!
ඊට පස්සෙ ජුජුයි මින්හොයි දෙන්නම එකතු වෙලා ජොන්ග් ඉන්ව හොයන්න පටන් ගත්තා..
YOU ARE READING
The ocean of laughter || Straykids || ☑
Fanfictionඑකම එක ලිට්ල් කෙනෙක් එක්ක මොලේ කචල් වුන හ්යුන්ලා හත් දෙනෙක් ජීවිතේ ගැටගහන්න පෙරලගන්න බාල්දි ගොඩක එකතුවක්... Started : 22.05.16 Completed : 22.06.05 Category : Brotherhood Collab : straykids