🎉️juju

199 32 46
                                    

එදා සෙනසුරාදාවක්..ඉතින් සෙනසුරාදා කියන්නෙ මේ අයියා මලෝ සෙට් එකට සුපිරිම දවසක්..මොකද එදාට තමා මේ හැමෝම වගේ එකට ගෙදර ඉන්නෙ..

" කුක් කු කූක් කූ !!! "

ඒ කුකුලෙක්ගෙ සවුන්ඩ් එකක් තමා..ඒත් ඒ මෙයාලගෙ ගෙදර බෙල් එකේ ටෝන් එක...

@chan|bin's room

chan : අපෝ..මොකාද මේ උදේ පාන්දර බෙල් එක කඩන්න හදන මූසලයා !! ඒයි බින් ! ගිහීන් බලහන්කෝ !!

මේ වෙද්දිත් මේ ගෙදර කවුරුත් තාම ඇහැරලා නම් නෑ...චනුයි බිනුයි හිටියෙ එකම රූම් එකේ නිසා චන් නින්දෙන්ම බින්ට එහෙම කීවෙ බින්ගෙ පස්සට කකුලෙන් දෙකක් අනින ගමන්...

bin : පිස්සුද යෝධයෝ !! පේන්නැද්ද මං නිදි කියලා ?? මං මගේ ඒන්ජල් එක්ක රස කෑමක් කන ගමන් හිටියෙ..ඒත් තමුන් එතනට කඩා පාත් වෙලා මගේ ලස්සන හීන ලෝකෙ කඩලා දැම්මා !!

බින් ඔය කියවන්නෙත් නින්දෙන්මයි..මොකද එයා එයාට ඇහැරෙනකන්ම වෙන කෙනෙක් ඇහැරවව්වට ඇස් අරින කෙනෙක් නම් නෙවේ...

"කුක් කු කූක් කූ !!"

ඔය ඒ බෙල් එක රින්ග් වුනු දෙවනි පාර...

@hyunlix's room

Hyunjin : ෆ්..ෆි..ෆිලික්ස් !

හ්‍යුන්ජින් කනමතේම එයාගෙ එහා පැත්තෙන් නිදියන් හිටපු ෆිලික්ස්ට අතෙන් තට්ටු කරන්න ලෑස්ති වුනේ බෙල් එකේ ටෝන් එක ඉවරයක් නැතුව ඇහෙන නිසා...

felix : ම්..ඈහ් ! බූරුවා !!! මොකද්ද ඕයි තමුසෙ මගෙ ටී ෂර්ට් එක අස්සෙ අත දාන් කරන්නෙ !!? ශික්  !! මට හිරිකිතයි...

හ්‍යුන්ජින් කොට්ටෙ අස්සෙ ඔලුව ගහන් ෆිලික්ස්ගෙ පැත්තට අත දික් කළාට එයාට ගානක් ගියෙත් නෑ කොහෙටද අත දැම්මෙ කියලවත්..බැලින්නම් හ්‍යුන්ජින් නිදිමතේම අතදාලා තියෙන්නෙ ෆිලික්ස්ගෙ නයිට් කිට් එකේ ටීෂර්ට් එක අස්සට..

Hyunjin : ආව් ගොනා මගේ කොන්ඩෙ අතාරිනවා !!!!!!

ෆිලික්ස් රණ්ඩු කෙක්කක් නිසා එදත් උදේ පාන්දරම සුපුරුදු පරිදි කඹුල් රණ්ඩුව පටන් ගත්තෙ මුලු ගෙදරම දෙවනත් කරගෙන.....

හැමෝම කම්මැලිකමේ ඉන්නවා මිසක් කාටවත් දොර ඇරලා කව්ද ඇවිත් ඉන්නෙ කියලා බලන්න නම් කිසි වුවමනාවක් තිබුනෙ නෑ...

The ocean of laughter || Straykids || ☑Where stories live. Discover now