3ʳᵈ ᴩᴀʀᴛ

142 47 7
                                    

"බුහ්!!"

එකපාරටම ඇහුන සද්දේ නිසා මන් ඔලුව උස්සලා බැලුවා. මේ අර කෙල්ලමයි. දැන් නම් සැකයක් නෑ එයා ඇදන් හිටියේ ඊයේ ඇදන් හිටපු ඇදුමමය්.

මන් කිසිම ප්‍රතිචාරයක් දෙන්නේ නැතුව ඉස්සරහ බලාගත්තේ බස් එක ඇවිත් නවත්තයි කියලා බලාපොරොත්තුවෙන්.

"බස් එක ආවත් නගින්න එපා."

එයා මගේ අතින් අල්ලන් කිව්වම මන් එයා දිහා බලලා රැව්වා. එයා ඒ සැනින් එයාගේ අත මගේ අතින් අහක්‌ කරගත්තා.

"මන් යනවා. හැබැයි බස් එකට නගින්න එපා."

එහෙම කියලා එයා නැගිටලා ගියා ඒත් එක්කම බස් එක ඇවිත් නැවැත්තුවා. මගේ හිතේ කැරකුනේ එක ප්‍රශ්නයයි.

ඒ බස් එකට නගිනවා ද නැද්ද කියලා!

මන් අන්තිමට බස් නගින්න තීරණය කරත් මන් පරක්කු වැඩි. බස් එක ගිහින්. කල්පනා කර කර හිටපු එකේ බස් එක යනවාවත් මට තේරුනේ නෑ.

මන් ලොකු හුස්මක් පහල දාලා බෑග් එකත් අරන් නැගිට්ටේ පය්න්ම ගෙදර යන්න.

රෑ ඇවිත් මන් ටීවී එක දැම්මේ කම්මැලි නිසා. ඒත් එවෙලේ මන් දැක්ක දේ නිසා මගේ ඇගේ හිරිගඩු පිපුනා කිව්වොත් හරි.

" $$$ නගරයේදි 15:34 ට වූ බස් රථ අනතුරක් නිසා විසි දෙනෙකු බරපතල තුවාල ලබා ඇති අතර තිදෙනෙක්‌ මරුට. රියදුරු ට නින්ද යෑම මෙයට හේතුවක් වී ඇති අතර-"

මන් ටීවී එකත් වහලා දාල ගියේ මගේ කාමරේට. ඇද උඩින් වාඩිඋන මන් මගේ පපුව අල්ලන් කල්පනා කරා. කිසිම සැකයක් නෑ ඒ අද මන් නගින්න ගිය බස් එකම තමයි. මගේ හොද වෙලාවට මන් නොගියේ.

ඒත් බස් එකට නගින්න එපා කියලා එයා ඇයි කිව්වේ? එයා මේ ගැන මොනාහරි දන්නවා ඇති ද? එක්කෝ මන් එයා ගැන පොලිසියට කියනවා ද?

<3-suQueen-<3

Unknown ɢɪʀʟ «ᴄᴏᴍᴩʟᴇᴛᴇᴅ»Место, где живут истории. Откройте их для себя