එයාලගේ මූණු අපැහැදිලියි. ඒත් අද විභාගේ අන්තිම දවස නිසා සැනසුම් හුස්මක් පහත දාලා ගෙදර ඇවිත් නිදාගත්තා.
ඊලග දවසේ කොලේජ් එකේ නිවාඩු දවසක් නිසා මන් උදේම නැගිටලා ඇදුම් කඩේකට ගියා. ඒ අර පිස්සු කෙල්ලට ඇදුමක් අරන් දෙන්න. ඇයි දන්නේ නෑ එයා එකම ඇදුම අදින එක මට හරි ප්‍රශ්නයක්. හැබැයි එයාගෙන් එන පිච්ච මල් සුවදට මන් හරි ආසයි.
සල්ලිත් ගෙවලා මගේ පුරුදු තැනට ගිහින් ඉදගෙන හිටියේ කෙනෙක් ව බලාපොරොත්තුවෙන්. මන් කෙනෙක් වෙනුවෙන් බලන් හිටපු පලවෙනි වතාව මේක කිව්වොත් හරි.
"බුහ්!ඔයා අද හරි ආවා නේද?"
"ඔයා මන් එනකම් බලන් හිටියද?"
"ඔව්. ගොඩක් කල් බලන් හිටියා."
එයාගේ ඇස් දිලිසෙනවා. ඒත් ඇයි? අඩුම එයාගේ නමවත් මන් දන්නේ නෑ.
"ඔයා කැමති නම් මට ඔයාගේ නම කියනවා ද?"
"මන් එලිසබෙත්."
එයා නම කියලා මගේ එහා පැත්තෙන් ඉදගත්තා. අදත් අර ඇදුමම තමයි. මන් මුකුත් නොකියා එයාගේ දිහාට ඇදුම් බෑග් එක දික් කරාම එයා ඒක දිහා අමුතුවට බැලුවා.
"අහ්හ්! මේ ඒක ඇදුමක්. ඔයා එකම ඇදුම අදින නිසා මන් ගෙනාවේ."
ඒක කිව්වම එයාගේ හිත රිදුනද මන්ද. එයා ලාවට හිනා වෙලා බෑග් එක අරගත්තා. අත් ඔරලෝසුවේ සටහන් උන වෙලාව දැකලා මන් කලබලෙන් නැගිට්ටේ හවසට පන්තියක් තියනවා කියලා මතක් උන නිසා.
"සුබ දවසක්!"
මන් එලිසබෙත් ට සමු දීලා එන්න හදනකොට එලිසබෙත් මට ආයෙම කතා කරා. ඒත් මන් ඒක ගණන් නොගෙන ම ආවේ මට හොදටම පරක්කු වෙලා තිබ්බ නිසා.
<3-suQueen-<3
ŞİMDİ OKUDUĞUN
Unknown ɢɪʀʟ «ᴄᴏᴍᴩʟᴇᴛᴇᴅ»
Hayran Kurgu"ඇයි ඔයා අඩන්නේ?" මන් මෙච්චර කල් මගෙන්ම අහපු ප්රශ්නේ එයා අද මගෙන් ඇහුවා. මන් මොනාද කියන්න ඕනේ. මට හුගක් පාලු නිසා අඩනවා කියලද නැත්තම් නොලැබුන දෙයක් ගැන හිතලා අඩනවා කියලද? ᴏɴʟy ᴀ ꜰᴀɴꜰɪᴄᴛɪᴏɴ. ᴀʟʟ ᴀʀᴇ ʙᴀꜱᴇᴅ ᴏɴ ᴍy ɪᴍᴀɢɪɴᴀᴛɪᴏɴ!