"මගේ එලිසබෙත්!?"
මගේ කටින් එච්චරයි පිටඋනේ මට හිටන් ඉන්නවත් පණක් තිබුනේ නෑ. මන් එයාගේ සොහොන් කොත ඉස්සරහ දණින් වැටුනේ ගලන් යන කදුළු කැට එක්කමයි.
ඒත් මගේ ඇස් පුදුමෙන් ලොකු උනේ ඊටත් පල්ලෙහාන් තිබුන දේ නිසා.
'මිසිස්. ජොන් එලිසබෙත්.
උපත :1940.03.08
විපත:1970.04.06'ඒත් මීට අවුරුදු හතරකට කලින් මාත් එක්ක හිටපු කෙනා කොහොමද මීට අවුරුදු හැටකට කලින් මැරෙන්නේ?
"ඔය දරුවා එලිසබෙත් නෝනා ව දන්නවා ද?"
මගේ පිටිපස්සෙන් ඇහුන මහලු කටහඩ නිසා මගේ කල්පනාව බිදුනා. අමාරුවෙන් නැගිටලා මන් ඒ මහලු ගැහැණු කෙනාට ආචාර කරා.
හැරමිටියක් අතේ තිබුන එයා බැලූ බැල්මට ගොඩක් පොහොසත් පවුලක කෙනෙක් වගේ.
"එලිසබෙත් කියන්නේ මන් වැඩ කරපු ගෙදර අය්තිකාර නෝනා. එලිසබෙත් නෝනා මැරෙනකොට වයස තිහය්. එතකොට එයාගේ බඩේ දරුවෙකුත් හිටියා. ඒ කාලේ පොලිස් නිලධාරීයෙක්ගේ බිරිදක් තමයි එලිසබෙත් කියන්නේ.
අවාසනාවට කවුරු හරි පාහර මිනිහෙක් එයාගේ මහත්තයා මිස්ටර් ජොන් ට වෙඩි තියලා එලිසබෙත් නෝනාගේ ගෙදර ගිනිතිබ්බේ නෝනයි නෝනාගේ බඩේ හිටපු අහිංසක කිරි දරුවා ගේ ජීවිතේ නැති කරලා."
"එතකොට මාත් එක්ක හිටපු එලිසබෙත් කව්ද?"
"එදායින් පස්සේ ගම පුරා කට කතාවක් තිබ්බා මිස්ටර් ජොන්ගේ ආයේ උපතක් එනකන්ම එලිසබෙත් නෝනා එයාගේ ගෙදර තිබ්බ තැන නැත්තම් අර ඈතින් පේන පාර්ක් එක හරියේ ගැවසෙනවා කියලා. කට කතා නිසා මුලදී කවුරුත් විශ්වාස කලේ නෑ හැබැයි ගමේ අයට කරදරයක් නම් එලිසබෙත් නෝනා ගේ ආත්මය ඇවිත් ඒ ගැන අනතුරු අගවනවා ලු.
දැන් අවුරුදු හතරක් වෙනවා කවුරුත් එලිසබෙත් නෝනගේ ආත්මේ දැකලා නෑ.සමහර විට එලිසබෙත් නෝනා ට මිස්ටර් ජොන් ව හම්බෙන්න ඇති. "
ඒ ගෑනු කෙනා එහෙම කියලා සුදු රෝස මල් පොකුරක් සොහොන් කොත උඩ තියලා මට සමු දීලා යන්න හදනකොටම ක්‍රියා ඇවිත් මගේ අතේ එල්ලිලා ඒ ගැහැණු කෙනාට ආචාර කරා.
"මට ගොඩක් සතුටුය් දෙන්නව එකට දකින්න හම්බුන එකට."
ඒ ගැහැණු කෙනා එහෙම කියලා හැරිලා ගියේ මායි ක්‍රියායි මූණට මූණ බලාගන්නකොට.
එලිසබෙත් කියන්නේ හොල්මනක්. හැබැයි එයාගේ හදවත පිරිසිදුයි. මට සතුටුය් එලිසබෙත් ව හම්බුන එක ගැන. එලිසබෙත් ට සමු දීලා මන් ක්‍රියා එක්ක එලියට ආවේ එලිසබෙත් එක්ක ගෙවපු මතකයන් පිරුණු ඒ සුන්දර පරිච්ඡේදයට අවසන් තිත තියලා.
නිමි..
<3-suQueen-<3
විකාරයක් වගේ ද 🙂✋️? අනේ මන්ද මට හිතුනා මන් ලිව්වා.. ඔයාලා කැමති වෙයි කියලා හිතනවා. 🐷🦋
YOU ARE READING
Unknown ɢɪʀʟ «ᴄᴏᴍᴩʟᴇᴛᴇᴅ»
Fanfiction"ඇයි ඔයා අඩන්නේ?" මන් මෙච්චර කල් මගෙන්ම අහපු ප්‍රශ්නේ එයා අද මගෙන් ඇහුවා. මන් මොනාද කියන්න ඕනේ. මට හුගක් පාලු නිසා අඩනවා කියලද නැත්තම් නොලැබුන දෙයක් ගැන හිතලා අඩනවා කියලද? ᴏɴʟy ᴀ ꜰᴀɴꜰɪᴄᴛɪᴏɴ. ᴀʟʟ ᴀʀᴇ ʙᴀꜱᴇᴅ ᴏɴ ᴍy ɪᴍᴀɢɪɴᴀᴛɪᴏɴ!