එක්කෝ ඕක අතැරලා දානව. මට මොකටද වෙන අයගේ ප්‍රශ්න. ආයේ එහෙට නොගිහින් හිටියා නම් හරි නේ.
එහා දවසේ උදෙන්ම මන් නැගිට්ටේ හරි අමාරුවෙන්. ඇයි කියන්න දන්නේ නෑ රෑ තිස්සේම මන් දැක්කේ හරි අමුතු හීනයක්. ඒක හීනයක් කියන්නත් බෑ හීන ගොඩක එකතුවක් වගේ.
ගෙයක් ගිනිගත්තා. ගෑනු කෙනෙක් ගේ විලාප හඩක්, වෙඩි සද්ද... අහ්හ් හිතනකොටත් මගේ ඔලුව පුපුරන්න වගේ. මූණත් හෝදන් කොලේජ් එකට ගියත් මට එක ලෙක්චර් එකටවත් හරි අවධානයක් දෙන්න බැරි උනා. මගේ ඔලුව හරියට රිදෙන්න ගත්තා.
කොලේජ් එක ඇරුන ගමන් මන් ගියේ පාර්ක් එකට. අර කෙල්ල ගැන කිසිම තැකීමක් නොකරම මන් බංකුව උඩ ඉදගෙන කැප් එකෙන් මූණ වහගෙන ඇස් දෙක පියාගත්තා.
ටිකකින් මගේ ඔලුව දිගේ කාගේ හරි අතක් රටාවකට යනවා කියලා මට දැනුනා. ඒක මගේ නින්දට බාධාවක් උනත් ඒක හරි සනීපයි.
මන් ඉක්මනට කැප් එක අය්න් කරලා බැලුවේ ඒ කව්ද කියලා. ආයෙමත් ඒ කෙල්ල.
"ඔයා මොනාද මේ කරන්නේ?"
එයාගේ අත මගේ ඔලුවෙන් අය්න් කරන ගමන්ම මන් ඇහුවා.
"නෑ ඔයා නිදන් හිටපු නිසයි මන් ඔලුව අතගෑවේ. ඒ වගේම ඊයේ බස් එකට නැග්ගේ නැති එකට ස්තුතියි."
"ඔයා කිව්ව නිසා නෙවෙයි මන් නැග්ගේ නැත්තේ. මට වෙන පෞද්ගලික හේතුවක් තිබුනා."
මන් මූණටම කියලා එතනින් ආවේ තවත් හිටියොත් මේ කෙල්ල මට වදයක් වෙන නිසා.
"දෙවියනේ!"
මන් එකපාරටම දැක්කේ....
<3-suQueen-<3
ESTÁS LEYENDO
Unknown ɢɪʀʟ «ᴄᴏᴍᴩʟᴇᴛᴇᴅ»
Fanfic"ඇයි ඔයා අඩන්නේ?" මන් මෙච්චර කල් මගෙන්ම අහපු ප්රශ්නේ එයා අද මගෙන් ඇහුවා. මන් මොනාද කියන්න ඕනේ. මට හුගක් පාලු නිසා අඩනවා කියලද නැත්තම් නොලැබුන දෙයක් ගැන හිතලා අඩනවා කියලද? ᴏɴʟy ᴀ ꜰᴀɴꜰɪᴄᴛɪᴏɴ. ᴀʟʟ ᴀʀᴇ ʙᴀꜱᴇᴅ ᴏɴ ᴍy ɪᴍᴀɢɪɴᴀᴛɪᴏɴ!