ඕ......සෝ සොරි ජින්සූයා ගොඩක් වෙලාද ඇවිල්ලා.කුකී ට සමාවෙන්න.
ආ....ඔව් මම ඇවිල්ල නම් ගොඩක් වෙලා.ගුඩ් මෝර්නින්ග් කුකී.
ගුඩ් මෝර්නින්ග් ජින්සූ .අද හ්යුන් උදෙන්ම ගියානේ ද?.හවසට ඔයාව ගන්න එනවා කිවුවද?
ඔව්. ඔප්පා කිවුවා පුළුවන් වුණොත් ප්රැක්ටිස් කරන්නත් එක්කම එනවා කියලා.ඔප්පා මට ලියුමක් තියලා ගිහින් තිබ්බේ.ආ....ඒක නෙමෙයි කුකී අපේ ඔප්පා ඔයාට මොකුත් කිවුවේ නැද්ද,උදේන්ම යන්න ගිය ගමන ගැනවත්.
ආ...නෑ හැබැයි ඒක භයානක දෙයක් නෙමෙයි කියලා නම් හිතුනා.හ්යුන්ට උදෙන්ම වැදගත් කෝල් එකක් ඇවිත්.මම හරියට විස්තරයක් අහගත්තේ නෑ ජින්සූයා.
එහෙමද?ජින්සූ කටෙන් පවුට් කරන් ගමන් කිවුවා.(බලාපොරොත්තු සුන් වෙලා වගේ)
ජින්සූ අපි දෙන්නා ටැක්සී එකක යමුද?
ආ....හරි අපි ටැක්සී එකක යමු.මමයි කුකීයි ටැක්සී එකක ස්කූල් එකට ගියා.
Kimjinsoo pov,
මම අද ස්කූල් එකේදී ඉගෙන ගත්තේ හොද සිහියකින් නම් නෙවෙයි.මගේ කන් හැම වෙලාවෙම දෝංකාරය දුන්නේ ඔප්පා මොකටද උදෙන්ම ගියේ කියන එක විතරමයි .අද අපේ ටර්ම් ටෙස්ට් එකේ වෙනියා දෙනවා කියලත් කිවුවා.ඒක නිසා මම ඒකටත් ගොඩක් බයෙනුයි හිටියේ.
ජින්සූ,මොකද මූණ අවුල් කරගෙන ඉන්නේ.මම අද උදේ ඉදන් දැක්කේ නෑ ඔයා හිනා වුනා .වෙනද ට ක්ලාස් එකේ සතුටින් ම ඉන්න කෙල්ලට අද මූඩ් අවුල් ගිහින් වගේ.මට කියන්න බැරි ප්රශ්නයක් තියෙනව ද?ජින්සූ,
කුකී මගෙන් එහෙම ඇහුවේ මාව හොදට ම තේරුම් ඇරගෙන කියලා මට තේරුණා.නෑ කුකී මොකුත් නෑ.එයා ට කිවුවට තේරුමක් නෑ කියලා මට හිතුණා.ඒත් මගේ හොඳම යාලුවා කුකී.කුකීට කියන්න බැරි දෙයක් මන් ලග නෑ.මම එහෙම හිතලා කුකීට හැමදේම කිවුවා."කුකී යෝ මම මූඩ් ගහලා ඉන්නේ මගෙ ඔප්පා නිසා.ඔප්පා ඊයේ ගෙදර ආවේ හුගාක් හවස් වෙලා.ඊට පස්සේ එයාට මට කතා කරන්නවත් වෙලාවක් තිබුණේ නෑ.මම ඔප්පට කෑම ටිකත් හදලා බලාන හිටියත් එයාට කන්න බෑ මහන්සි කියලා වොශ් එකක් දාගෙන ඇදට වැටුණා.වෙනදා වගේ මගේ ඒන්ජල් කියලව කිවුවේ නෑ.මම ඊයේ රෑ ගොඩක් ඇඩුවා.ඔප්පා මාව බලාගත්ත අවුරුදු 8ම මාව අඩවලා තිබුණේ නෑ.ඒත් ඊයේ ඔප්පා ගේ වෙනස නිසාම මට ඇඩුණා කුකී."