Kimjinsoo pov,
මම උදෙන්ම නැගිටලා වොශ් එකක් දාගෙන ස්කූල් කිට් එක ඇදගෙන පහළට ආවේ ඔප්පට අද මට හවස ප්රැක්ටිස් තියෙනවා කියලා කියන්න හිතා ගෙනයි.ඒත් මම පහළට යන කොට ඔප්පා හිටියේ නෑ.වෙනදට ඔප්පා මට කතා කරත් අද කතා කරෙත් නෑ.මම හැම තැනම බැලුවත් ඔප්පා හිටියේ නෑ.ඊයේ රෑත් ඔප්පා ආවේ හවස් වෙලා ඒ වුණත් මට ඔප්පා කතා කළේ නෑ.මේ දවස් වල ඔප්පාගේ හැසිරීම හරිම වෙනස්.අද මම ජින් ඔප්පගෙන් අහන්න ඕනී.මම එහෙම හිතන ගමන් ගියේ කෑම මේසේ ලගට මම එතකොට ම දැක්කා මගෙයි,ඔප්පගෙයි පොටෝ එක ලග ලෙටර් එකක් තියෙනවා.
මම ඉක්මනින් ලෙටර් එක අතට ගත්තේ මගේ හදවත කලබල කරන ගමන් මයි.To angel ❤,
මට සමාවෙන්න ඒන්ජල් .මට හදිස්සි වැඩකට උදෙන්ම ගෙදරින් එන්න වුණා.මට ඒ වෙලාවේ ඔයාව ඇහැරවන්න ලෝභ හිතුණා.මම මගේ ඒන්ජල් කැමතිම කෑම හැදුවා.ඔක්කොම ටික කන්න ඕනී.මම කුකීට කිවුවා ගෙදරට එන්න කියලා ඔයාව ස්කූල් එකට එක්කන් යන්න.තනියම කොහෙවත් යන්න එපා .කුකී එක්කම ඉන්න.අදට කුකී එක්ක ස්කූල් යන්න.ඔප්පා ගොඩක් ආදරෙයි .ඊයේ රෑත් මට මේ ගැන කියන්න බැරි වුනා.ඔප්පට සමාව දෙනවා නේද?මගේ මැණික පරිස්සමෙන් ස්කූල් එකට යන්න.මට කුකී කිවුවා අද හවස ප්රැක්ටිස් තියෙනවා කියලා.ඔප්පා ගන්න එන්නම්.ඔප්පත් හවස පුළුවන් වුණොත් ප්රැක්ටිස් වලට එන්නම්.~ඔප්පා~
මම ඔප්පා මට හදලා ගිය කෑම ටික කාලා ගියේ ඉක්මනින්ම මගේ රූම් එකට මගේ පෝන් එක ගන්න.මම ඔප්පට කෝල් ගත්තත් ඔප්පා ආන්ස්වර් කලේ නෑ.මම හිතුවා ,කුකීගෙන් ඔක්කොම විස්තර අහගන්නවා කියලා.මම ඒත් එක්කම කුකීට කෝල් එකක් ගත්තේ මාව එක්කන් යන්න එනවද අහන්න.මොකද කුකී ට ගොඩක් වෙලාවට අමතක වෙනවා.
"හෙලෝ කුකී එනවද අපේ ගෙදර මාව ගන්න.අද උදේ ඔයාට ඔප්පා කෝල් කරන්න ඇතිනේ."
Kookie-:ආ...ඔව් මට කතා කළා.මට කිවුවා පිස්සු කෙල්ලව ස්කූල් එකට එක්කන් යන්න කියලා.මම මේ එන ගමන් ඔයාට පුළුවන් ද බස් හෝල්ට් එක ලගට එන්න මම එතනට එන්නම්.තව ගොඩක් දුර පයින් යන්න තියෙන නිසා.
"ආ...හරි කුකී මම එන්නම්.ඉක්මනින්ම එන්ඩෝ.take care kookiee.
Kookie -:oky......ඔයත් පරිස්සමෙන් එන්ඩෝ.
මම කුකීට කතා කරලා ඉවර වුණු ගමන් ම දොරේ එක්ස්රා කී එක අරන් දොර ලොක් කරලා හෙමින් සැරේ බස් හෝල්ට් එකට ගියා.
මම කුකී එනකම් බස් හෝල්ට් එකට වෙලා හිටියා.
"කුකීයා තාමත් නෑනේ ඉතින්........"කුකීගෙන් මම අහන්න ඕනී ඔප්ප ගැන එයාට සමහරවිට කියලා ඇති.
.
.
.
.
.
.
මම short ඒවා දෙන්නේ .ඕතර්ට සමාවෙන්න.මට ඔයාලා කියනවද මේ කතාවේ sad ending or happy ending ද ඕනි කියලා.තාම හරියටම මට ප්ලොට් එකක් නෑ ඒකයී.මම කියවලා තියෙන ගොඩක් ff SAD ඒ නිසා මට හිතෙනවා මේක ට Happy ending ekak දෙන්න.මම මේකෙන් පොඩි ළමයින්ට ආදර්ශයක් දෙන විදිහට ලියන්න හිතුවා.
ඔයාලා මට අදහසක් දෙන්නකෝ.
මේ ටිකේ ඒ හැටි දෙයක් වෙන්නේ නෑ.ඔයාලට එපා වෙයිද දන්නේ නෑ .මම මේක happy ending කරොත් ගතියක් නැති වෙයිද ?to be continued
#sachi