Jinsoo pov.
අද නම් මම හරිම සතුටින් වුවමනාවෙන් ටීචස්ලා කියන දේ හොදින් අහගෙන හිටියා.අද අපේ මැත්ස් සර් ස්කූල් ඇවිත් නෑ.ඉතින් මම කුකී ට අවුල් සහගත දේවල් මොනවද බලලා එයා දන්නැති දේවල් කියලා දුන්නා.
මම කුකී ට ගණන් කියලා දෙන අතරතුරදී ඉට්සූ එතනට ආවා.ඉට්සූ කොහොමහරි බලන්නේ අනිත් අයව පරාජය කරලා එයාට ජය ලබාගන්න.මට ඔප්පා හැමදාමත් කියන දෙයක් තමයි 'අපිට හමුවෙන අභියෝග වලට අපි ම කැපවෙලා ජය ගන්න ඕනී 'කියන එක.අපේ ජයග්‍රහණය කැපවීම මතයි තියෙන්නෙ .අපි කරන්න ඕනේ අනිත් අයටත් උදව් කරලා තමනුත් ඉදිරියට යන එකයි.ඉට්සූ චුට්ටක්වත් අපේ ජිමිනි ඔප්පා වගේ නෙමෙයි.එයා හරිම වෙනස් කෙනෙක්.
"හ්ම්ම්.....ක්..ක්..ක්.."
ඉට්සූ,කුකී සහ ජින්සූ දෙන්නා දිහා බලන ගමන් උගුර පාදයි.
"දෙන්නා.....හරි ම සමගියි නේද ජන්ග්කුක් ට උගන්නනේ ඔයාද?මාව පරද්දන්න දෙන්නම හොදට වැඩ කරනවා වගේ....මගේ ඔම්මයි,පපයි දෙන්නම මට බ්ලේම් කරනවා තමුන් නිසා.මොකද මන් දෙවෙනියා වුන නිසා.තමුන්ට මේ සැරේ විතරයි පලවෙනියා වෙන්න පුළුවන්.....ඊලග සැරේ හම්බවෙන්නේ නෑ.
ඉට්සූ එහෙම කියලා නක්කලේට හිනා වුනා .
'ඔයා හිතන්නේ එහෙමද??...ඔයා හිතන්න එපා ඔයාට විතරයි දින්නන පුළුවන් කියලා....මම කොහොමහරි කුකීටත් උදව් කරනවා පංතියේ ෆ්‍රස්ට් ප්ලේස් එක ගන්න.මමයි කුකී කොහොමහරි හයිස්කූල් එකටත් යන්න පාස් වෙනවා...තව දෙයක් අපි කොහොමහරී ස්පෝට් වලිනුත් දිනනවා....'
මට ඉට්සූ කියපු හැම දෙයක් ම හිතට වැදුණා.ඉවසන්න බැරිම තැන මමත් ඉට්සුට කෑගැහුවා .මම කාත් එක්කවත් රණ්ඩු කරන්න ආසා නැති වුනත් අද මට එයත් එක්ක වාද කරන්න සිද්ධ වුනා.ඔප්පා මට ඒදේ වැරදි කියලා කියලා තිබුණත් මට අද ඒ දේ කරන්න සිද්ධ වුණා.
"ඉට්සූ....ඔයා එක දෙයක් මතක තියාගන්න.මම ඔච්චර කල් ඉවසුවා.ඒත් ඔයා තාමත් අපිත් එක්ක ෆයිට් කරනවා.මන් දන්නේ නෑ ඇයි ඔයා එහෙම කරන්නේ කියලා....මට ඉවසන්න බෑ මගේ යාළුවාට කවුරුත් මොනවත් කියන එක.....අනික පංතියේ මොන ප්ලේස් එකක් ලැබුණත් ඒකෙනාට හොද මාක්ස් තියෙනවනම් ඒක ප්‍රශ්නයක් නෙමෙයි....මට යි ජින්සුටයි ඕනේ හැම දේකින්ම ඉදිරියට යන්න.....මිසක් කාවවත් පරද්දන්නවත්,තව කෙනෙක් ගේ හිත රිදවන්නවත් නෙවෙයි ......I hate you"