××××××××××××××××××××××××××××××××
°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°
______________________________________Jm-" කිම්......... ටේහ්යුන්ග් ................."
Jeon මන්දිරේ බිත්ති පුරා ඒ සද්දේ දෝංකාර දෙන්න ගත්තා . ඒක දැං සාමාන්ය දෙයක් වෙලා මොකද හැමදාම මන්දිරේ මෙහෙම රණ්ඩු ඇති වෙන්න අරන්. ඒ ටේහ්යුන්ග් හින්දා.
ජිමින් , යුන්ගී ටේහ්යුන්ග්ගේ සමහර වැඩ ගෙන ගොඩක් අපැහැදීමෙන් ඉන්නේ. ටේහ්යුන්ග් කරන හැම වරදකටම , ටේහ්යුන්ග්ට වඩා වෙලාවකට බැනුම් අහන්නේ ජන්කුක්. මොකද ටේහ්යුන්ග් මෙහෙ එන්න හේතුව ජන්කුක්ගේ නොසැලකිල්ල. ඒ වගේම ජන්කුක්ගේ සමාව...
හැමවෙලේම යුන්ගී කිව්වේ හම්බුන පලවෙනි දවසෙම මූව මරලා දැම්මා නම් මෙහෙම වෙන් නෑ කියලා. ඒත් ජන්කුක් ඒ කිසි දෙයක් ගනන් නොගෙන ටේහ්යුන්ග්ගේ හැම වැරැද්දක්ම නිවැරදි කරනවා.
ජන්කුක්ගේ සාමාන්ය ස්භාවය මේක නෙමේ. එයා කලු චරිතයක්... ඒත් එයා දැං ගොඩක් වෙනස් වෙලා... ඇයි කියලා අනිත් අයට නොතේරුනත් එයාලට තේරුන එකම දේ එයාලගේ පරන ජන්කුක් ආයේ ඇවිත් වගේ.
තවමත් ජන්කුක්ගේ මූන , ටේහ්යුන්ග්ට රහසක්.
එයා කවදාවත් ජන්කුක්ගේ ඇත්ත මූන දැකලා නෑ. ඒත්... එයාට ජන්කුක්ගේ හැසිරීමේ හුරුපුරුදු ගතියක් දැනෙනවා. ජන්කුක්ගේ ලග හුරුපුරුදු සුවදක් දැනෙනවා, ජන්කුක්ගේ ස්පර්ශය පවා එයාට මොකක් හරි මතක් කරන්න හදනවා.
ඒත් ටේහ්යුන්ග්ට තවම ඒ මොකද්ද කියලා හොයා ගන්න බෑ.ටේහ්යුන්ග් jeon මන්දිරේ කට්ටිය එක්ක ජීවත් වෙන්න අරන් දැං මාසෙකට කිට්ටු වෙන්න අරන්.
ඒත් , ටේහ්යුන්ග් නොදැනුවත්වම එයා ටිකෙන් ටික එයාලට ගොඩක් ලං වෙලා. ඒ වගේම ජන්කුක් නොදැනුවත්වම එයා ටේහ්යුන්ග් නැතුව බැරි වෙන තරමට ආදරේ කරන්න අරන්.
YOU ARE READING
The Wish
Fanfiction" අපේ ආදර කතාවත් අවුරුදු සිය ගානක් තියෙයි. හරියට මේ maple ගහ වගේ. " " මං ඔයා හොයන් ආයෙත් මෙතනටම එනවා , මං එනකන් ඉන්නවා නේද " " මගෙ ප්රාර්තනා කරනවා , අපි ආයෙත් මේ ගහ යටම හම්බෙන්න කියලා "