ටේ හ්යොයන්ග් ගේ උඩට කරපු ටී ෂර්ට් එක පහලට දාපූ ජන්ග් කුක් නැගිටලා ටේ හ්යොයන්ග් ව පිටි පැත්තෙන් අල්ලන් ඇහෙරෙන්නේ නැතිව හෙමින් පොඩ්ඩක් උස්සලා එයා සෝෆා එකේ හාන්සි වුනේ ටේ හ්යොයන්ග් ව එයාගේ ඇග උඩට ගන්න ගමන්
ජන්ග් කුක් උඩු ඇදුමක් නැති එයාගේ පුළුල් පපුව මතින් ටේ හ්යොයන්ග් ගේ හිස පරිස්සමට තියලා ටේ හ්යොයන්ග් ගේ නිකටින් අල්ලලා මූන එයාට පේන විදිහට හරව ගත්තා. ටේ හ්යොයන්ග් ගේ හීනී දිගැටි තොල් අතරින් කෙදිරිලි පිට වෙද්දී ජන්ග් කුක් ටේ හ්යොයන්ග් ව තව තවත් එයාට තුරුළු කර ගත්තේ එයාගේ ඒන්ජල් වෙනුවෙන් තියෙන ආදරේ තව තව වැඩි වෙද්දී
කොච්චර බැලුවත් එපා වෙන්නේ නැති ටේ හ්යොයන්ග් ගේ හුරතල් මූන දිහා ජන්ග් කුක් ඇහි පිය නොගහා බලන් ඉදියා. විශේෂයෙන් ම ජන්ග් කුක් ටේ හ්යොයන්ග් ගේ හීනී දිගු ඇස් වලට ගොඩක් ආසයි. ඊටත් වැඩිය ජන්ග් කුක් ආස කලා ටේ හ්යොයන්ග් ගේ ඇස් යට සිප ගන්න. ජන්ග් කුක් ගේ දෙතොල් ටේ හ්යොයන්ග් ගේ දෙතොල් වලින් තෘප්තිමත් වුනාට පස්සේ ඊගාවට එයා වැඩියෙන් ආස කලේ ටේ හ්යොයන්ග් ගේ ඇස් යට සිප ගන්න
සමහරවෙලාවට ජන්ග් කුක් ට හිතෙනවා ටේ හ්යොයන්ග් ගේ දෙතොල් වලට වඩා ටේ හ්යොයන්ග් ගේ ඇස් යට ගොඩක් සිනිදුයි කියලා. ඒකමයි කොයි වෙලෙත් ජන්ග් කුක් ටේ හ්යොයන්ග් ගේ ඇස් යට සිප අරන් ඒ සම තෙත් කරන්නේ
ටික වෙලාවකට පස්සේ සියුම් කෙදිරියක් පිට කරන ගමන් ටේ හ්යොයන්ග් හෙමින් හෙමින් ඇස් ඇරියා. එයාට දැනුනා එයාට කලින් දැනුන වගේ ස්පර්ශයක් නෙමෙයි දැනෙන්නේ කියලා. ඉක්මනට ඇස් දෙක හරියට විවෘත කල ටේ හ්යොයන්ග් දැක්කේ හිනා වෙලා එයා දිහා බලං ඉන්න එයාගේ නපුරු කුමාරයව
" හුම්... ඔයා කොයි වෙලේ ද මෙතනට ආවේ?? 🥱 "
" දැන් ටිකක් වෙලා "
ජන්ග් කුක් ටේ හ්යොයන්ග් ගේ හුරුබුහුටි කම්මුලක් හෙමීට පිරිමැද්දා
" හියුන්ග් යමු කන්න. මං කෑම හැදුවා "
ටේ හ්යොයන්ග් ජන්ග් කුක් ගේ කම්මුලකට පෙක් එකක් තියලා ජන්ග් කුක් ගේ ඇග මතින් නැගිට්ටා. ඒත් එක්කම ජන්ග් කුක් ද සෝෆා එකෙන් නැගිටලා සෝෆා එකේ වාඩි වුණා
YOU ARE READING
♕︎ 𝐑𝐎𝐘𝐀𝐋 𝐋𝐎𝐕𝐄 ♕︎ [ KookV ] ✓
Fanfictionදරදඩු හදවතකට මුණ ගැසුණු නොඉදුල් හදවතක්....... #1 - Sri Lanka 🥇 Top - Jung kook Bottom - Tae hyung Mature contents+ ‼️ Don't copy my works ‼️