02 කොටස

1.6K 378 332
                                    

කමෙන්ට් ගෝල් - 50

"හරි ඕකේ. ජන්කුක් මම එහෙනම් යන්නම්"

ජිමින් අන්තිම කොෆී උගුරත් කට හලා ගන්න ගමන් මේසෙ උඩ තියන ෆයිල්ස් දිහාවට ඇහැ යැව්වා.

"ඕකේ ජිමින්. තැන්කියු හෙල්ප් එකට"

නැගිට්ට ජන්කුක් ජිමින්ට හිස නටනකොට ජිමින් ඉනට අත් දෙක තියාගෙන නැගිට්ටා.

"ජන්කුක් මම කියලා තියෙනවා. බෙස්ට් ෆ්‍රෙන්ඩ්ස්ලා අතරේ නෝ සොරි. නෝ තැන්කියු. ඕකේ?"

ජන්කුක් දිහා බලාගෙන ජිමින් රවන ගමන් තරවටු ජන්කුක් මෝඩ විදියට ඔලුව කහ කහ ජිමින් එක්ක හිනා උනා.

"තැන්කියු නොකියා කොහොමද ජිමින්. මගෙ ඔලුව අවුල් වෙලා තිබුන වෙලාවක ඔයා ඇවිත් මට කරපු හෙල්ප් එකට ම්..? අනික දැන් එකොලහමාරයි. මෙච්ච රෑ වෙනකම් ඔයා මාත් එක්ක හිටියා"

ජන්කුක් කියනකොට ජිමින් කිසිවක් නොකියා ජන්කුක් ගෙ පිටට තට්ටු කලා.

"හෙට ප්‍රැක්ටිස් වලට එන්න ජන්කුකා. උදේ හතට මම මෙතන. ඉක්මනට ගිහින් නිදා ගන්න"

ජන්කුක් ට පිලිතුරක් නොදුන්න ජිමින් හිනා වෙලා කියනකොට ජන්කුක් ඔහු සමග ආපස්සට හිනා උනා.

"ෂුවර් ෂුවර් මම ලැස්ති වෙනවා."

"ඒක නෙවෙයි ජන්කුක්. අද වැඩේ කොහොමද? ඩොක්ටර් ගැන මොකද හිතෙන්නෙ"

ජිමින් දෙව්ර අකුලන ගමන් අහනකොට ජන්කුක් සුසුමක් හෙළුවා.

"වරදක් නෑ. හෙට හවස ගියාම තමයි බලන්න වෙන්නෙ. හැමෝම වගේ එයත් කියන්නෙ මට Schizophrenia කියලා"

ජන්කුක් කියනකොට ජිමින් හිස සැලුවා.

"මට දැන් ඩොක්ටර් කෙනෙක් ට වඩා මානසික ලෙඩ ගැන හොඳ නොලේජ් එකක් තියනවා"

ජන්කුක් හිනා වෙවී කිව්වත් ජිමින්ට නම් ඒ හිනාවට එක් වෙන්න මූඩ් එකක් තිබ්බෙ නෑ. ජිමින් ජන්කුක් ගැන අවංකවම දුක් උනා

"ඔරලෝසු ගැන කිව්වද ඩොක්ටර්ට?"

"යස්. ඩොක්ටර් කිව්වා නැචුරල් මැග්නටික් රේන්ජ් එකක් ගැන."

ජන්කුක් කියනකොට ජිමින් නොරිස්සුම් ස්වරූපයෙන් දෙව්ර ඇකිලුවා.

Hide & Seek | TK [completed]Where stories live. Discover now