07 කොටස

1.1K 329 109
                                    

කමෙන්ට් ගෝල් - 50

ටේහ්‍යුන් ඇඳේ ඇලවෙලා ඇස් දෙක පියා යන්න උත්සාහ කරන ගමන් හිටියා. ජන්කුක් අතේ පලන්දපු අත් පලඳනාව හිමීට ඇගිලි තුඩු වලින් අල්ලන ගමන් හිටපු ටේහ්‍යුන්ට ජන්කුක් ගෙ පිස්සු හිනා මතක් වෙන වාරයක් වාරයක් පාසා හිනා යන්නත් පපුව ගොඩක් තදින් ගැහෙන්නත් පටන් අරගෙන තිබ්බා.

"මගෙ ඔලුවෙන් අයින් වෙනවා මනුස්සයො"

ටේහ්‍යුන් පපුවට අත් දෙක තද කරනගෙන හිමිට මිමිණුවා. ජන්කුක් ගෙ අව්වට පිච්චිලා දුඹුරු පාට සම ඒ දුඹුරු පාට උන සමටම ගැලපෙන දීප්තිමත් ආදරෙන් පිරුණු කෝපි පාට ඇස් ටේහ්‍යුන්ට සිහිපත් උනා. සියුමැලි සුදුමැලි තමන් ජන්කුක් එක්ක එකට ඉන්නකොට මොන වගේ විදියටකට පෙනෙයිද කියලා ටේහ්‍යුන් කල්පනා කලා.

"අපි ගැලපෙනවා. එහෙම නේද?"

ටේහ්‍යුන් තනියම තමන්ගෙ අත් පලඳනාවත් එක්ක කතා කලා.

"දෙවියන්මට ඔප්පු වෙච්චාවේ!! ටේහ්‍යුන් මොනවාද තමුන් මේ හිතන්නෙ. කොහෙවත් යන්න කොල්ලෙක් ගැන හිතන්නේ මොනවාද උනේ?"

ටේහ්‍යුන් තමන්ගෙ ඔලුවට ගහ ගත්තත් ජන්කුක් ගේ පිස්සු හිනාව මතක් වෙන වාරයක් වාරයක් පාසා ටේහ්‍යුන්ට ආයෙත් ආයෙත් හිනා ගියා.

ඇඳේ පෙරලිලා ඇස් දෙක පියා ගන්න උත්සාහ කරපු ටේහ්‍යුන් ගැස්සිලා ඇහැරුනෙ ජනේලෙට කවුරු හරි ගහනවා ඇහුණ නිසා.


"ක....වුද?"

තමන්ටම මුමුණා ගත්ත ටේහ්‍යුන්ට දැණුනෙ බයක්.

"කුමාරී... ජනේලෙ අරින්න"

"ජන්කුක්? මම හීනයක් දකිනවාද?"

ජන්කුක් ගෙ කටහඩ ඇහෙනකොට ටේහ්‍යුන් පපුවට අත් දෙක තියාගෙන ගල් වෙලා ඇද උඩ වාඩි උනා.

"කුමාරී..."

ආයෙමත් රහසින් කොදුරන හඩ පිටතින් ඇහෙනකොට ටේහ්‍යුන්ට දෙපාරක් හිතන්න දෙයක් තිබුනේ නැහැ. වේගවත් හුස්මක් සමග ටේහ්‍යුන් ඊ ගසක වේගයෙන් ජනේලෙ ලගට ගියා.

"කුමාරී...."

ලාම්පුව අතට අරගෙන ජනේලය ඇරපු ටේහ්‍යුන් ගැස්සිලා ගියේ ජනේලෙ ඇතුලට එබුන ලාම්පුවේ කහ පාට එලියට පෙනුන ජන්කුක් ගෙ මූණ දැකලා.

Hide & Seek | TK [completed]Wo Geschichten leben. Entdecke jetzt