13 කොටස

1K 311 62
                                    

කමෙන්ට් ගෝල් - 50

"කවුද මේ...?"

"නැගිටිනවා..!!"

තදින් ඇහුන කටහඩක් සමග උදරයට වැදුනු වේදනාත්මක පා පහරක් සමග ටේහ්‍යුන්ගෙ එහා පැත්තෙ බිම නිදාගෙන හිටපු ජන්කුක් ගැස්සිලා ඇහැරුනා.

"ඉතින් නැගිටිනවා..!!"

එක රැයක්ම නිදි වර්ජිතව ගත කරපු නිසා බොඳ උන ඇස් ඇරපු ජන්කුක් දැක්ක චායාව ජන්කුක් ව මග ඇරලා ජන්කුක් ටේහ්‍යුන් වෙනුවෙන් පිදුරු වලින් නිර්මාණය කරපු ඇඳේ තද නින්දක හිටපු ටේහ්‍යුන් දිහාවට එනවා දැක්ක ජන්කුක් ඉක්මනට ටේහ්‍යුන්ව ආවරණ කරනකොට ටේහ්‍යුන්ට එල්ල කරපු පා පහරත් ජන්කුක් ට වැදුනා.



"අහ්..."

ජන්කුක් ගෙ කටහඩින් පිට උන වේදනාත්මක කෙඳිරියත් එක්ක ටේහ්‍යුන් ඇස් අරිනකොට තමන්ව යට කර ගෙන ඉන්න ජන්කුක් ව දැකලා හිනා වෙන්න උත්සාහ කලත් ජන්කුක් ගෙ මූණෙ ඇඳුනු වේදනාත්මක ඉරියව් දැක්ක ටේහ්‍යුන් එතන ඉඳ ගෙන ජන්කුක් ගෙ අතෙ එල්ලුනා...



"කවුද තමුන් ලා...?"

මැදි විය පසු කරපු මැද තට්ටය පෑදුණු මනුස්සයෙක් තදින් අහනකොට ජන්කුක් ඔහු දිහා වගේම ඔහුගෙ පසු පස හිටගෙන ඉන්න තමන්ට වඩා අවුරුදු කීපයකින් විතර වැඩිමල් ඇතියි සැක කරන්න පුලුවන් කොල්ලා දිහා මාරුවෙන් මාරුවට ඇස් යැව්වා


"සමාවෙන්න"

සිහි එලඹා ගත් ජන්කුක් නැගිටලා ඔහුට හිස පාත් කරලා ආචාර කලා.

"අපිට ඊයෙ රෑ යන්න තැනක් තිබ්බෙ නැහැ. ඒකයි මෙතන නිදා ගත්තේ. අ.. අපි දැන් යන්නම්"

ජන්කුක් මුමුණලා ඉක්මනට ටේහ්‍යුන් දිහා බැලුවා.


"කුමාරී.. එන්න අපි යන්"

ජන්කුක් බිම තිබුණු ඇදුම් පොදියට පැත්තක ආධාරකයක වැනුව රෙදි කීපය දාලා ගැට ගහලා කරේ එල්ලා ගත්ත. ආයෙමත් ඒ මනුස්සයා ට ආචාර කරපු ජන්කුක් ඉක්මනට තමන්ගෙ කබායෙ අත පිහිදාගෙන ටේහ්‍යුන් ගෙ අතින් අල්ලා ගත්තා.





"එන්න කුමාරී..."

"සමාවෙන්න මහත්තයා අපිට"

පුදුමෙන් බලාගෙන ඉන්න මනුස්සයාට ආයෙත් දෙපාරක් ආචාර කරපු ජන්කුක් ටේහ්‍යුන් ගෙ අතින් අල්ලගෙන ඉක්මනට එලියට ඇවිදගෙන ආවා.




Hide & Seek | TK [completed]Dove le storie prendono vita. Scoprilo ora