කමෙන්ට් ගෝල් - 50
"කුමාරී...."
"ජන්කුක්..?"
ජන්කුක් මධ්යම රාත්රිය පහු වෙනකොට කරත්තය නැවතත් ටේහ්යුන් ගෙ බංගලාව කරා පදවාගෙන යනකොට ටේහ්යුන් කලාතුරකින් දකින සඳ කිරණෙන් නැහැවී ගියපු රාත්රියට පිපෙන මල් වල සුවඳ විදින ගමන් කරත්තයේ වාඩි වෙලා හිටියා.
ඔව්. රාජකුමාරී අද රාජකුමාරයත් එක්ක රත්තරං කූඩුවෙන් නිදහස් වෙලා නිදහස විදිනවා...
"කුමාරී සතුටින්ද?"
ජන්කුක් මුමුණකොට ටේහ්යුන් කිසිවක් නොකියා ඉදිරිය බලාගෙන හිටියත් ටේහ්යන් ගෙ මුහුණේ ඇඳුනු හිනාව නම් මැකුනෙ නැහැ.
"මට පුලුවන් කුමාරිව සතුටින් තියන්න හැමදාම...."
"ඔය රන් අත්තටු දිග ඇරලා නිදහසෙ පියාඹන්න කුමාරී.... විදින්න තියන ජීවිතෙ විදවන්න එපා කුමාරී...."
ජන්කුක් කියනකොට ටේහ්යුන් ගෙන් පිලිතුරක් නැති උනත් ටේහ්යුන්ගෙ හිත සතුටින් පිරිලා තිබුනා. ධනකුවේරයන්ගෙ උත්සව වලට දහස් ගනනින් සහභාගී වෙලා තිබුනත් මෙතෙක් කාලයකට ටේහ්යුන් ගත කරපු සතුටු දායකම රාත්රිය ටේහ්යුන් පරණ කරත්තයක් උඩ ජන්කුක් ගෙ කියවිල්ල අහන ගමන් ගත කරමින් හිටියා.
"කුමාරී.. කුමාරී අද ගොඩක් ලස්සනයි"
ජන්කුක් ආයෙත් වරක් මිමිණුවේ ටේහ්යුන් දිහා බලලා. ජන්කුක් ගෙ ආදරණීය හිනාව ජන්කුක් දිහා බලපු ටේහ්යුන්ගෙ මුලු හදවතම උණුහුම් කරන්නත් , ජන්කුක් මුමුණපු වචන කීපය ටේහ්යුන් ගෙ කම්මුල් රතු පැහැ කරන්නටත් සමත් උනා.
"අපි ගැලපෙන්නෙ නැහැ කියලා දැන දැනත් ජන්කුක් ඇයි මෙහෙම කරන්නෙ"
ටේහ්යුන් දිහා බලාගෙන කරත්තය දක්කන ජන්කුක් දිහා බලපු ටේහ්යුන් අහනකොට ජන්කුක් හිනා උනා.
"නිවැරදි කිරීමක් තියනවා කුමාරී... කුමාරී අපි ගැලපෙන්නෙ නැහැ නෙවෙයි. කුමාරී අපි ජන්කුක් වත් කුමාරී වත් එක වගේ නැහැ"
ජන්කුක් කියන්නකොට ජන්කුක් කිව්ව වචන වල තේරුම නොතේරුන ටේහ්යුන් ජන්කුක් ගෙ මුහුණ දිහා පුදුමෙන් බැලුවා.
CZYTASZ
Hide & Seek | TK [completed]
Fanfictionඅසම්පූර්ණ ආශා ලුහුබඳින ආත්මයන්ද , පලිගැනීම චේතනාව කොටගෙන විලාප නගන ආත්මයන්ද , වේදනාවෙන් ගීතිකා ගයන ආත්මයන්ද , අඳුරහි සැඟව ලේ පිපාසාවෙන් රුධිරය යදිමින් මනු ලොව සැරිසරන ආත්මයන්ද සදාකාලික සැනසීම ලබත්වා! අසම්පූර්ණ බැඳීම් අතීතය යලි යලිත් වර්ථමානය තුළ දෝ...