18 කොටස

1K 316 175
                                    

කමෙන්ට් ගෝල් : 50 (පැන්නුවෙ නැත්තං දෙන්නෑ . නෑ නෑමයි)

"ටේහ්‍යුන් බෝගම් ගැන ජන්කුක් ට කියන්න ඕනෙ නැතිද?"

ජිමින් ආහාර පිලියෙල කරන දෙස බලාගෙන ඉන්න ටේහ්‍යුන්ට ජිමින් මුමුණන කොට ටේහ්‍යුන් සුසුමක් හෙළුවා.



"ජන්කුක් ආයෙමත් කලබල වෙයි. ආයෙමත් ගැටලු ඇති වෙයි. මට ඕනෙ නැහැ ජිමින් ආයෙත් ගැටලුවක් ඇති කරන්න"

ටේහ්‍යුන් සුසුමක් හෙලනකොට ජිමින් ටේහ්‍යුන් දෙස බලා සිනා වෙලා හිස සැලුවා. සෑම දිනයකම පාහේ බෝගම් ටේහ්‍යුන්ව මුණ ගැසි තමා ටේහ්‍යුන් ගෙ ශරීරයට කොතරම් ප්‍රිය කරනවා දැයි මිමිණීම ටේහ්‍යුන් ට අප්‍රසන්න වුවත් ටේහ්‍යුන් වෙන විකල්පයක් තිබුනේ නැහැ. ජන්කුක් ට පවසා ජන්කුක් වංශාධිපති බෝගම් සමග රණ්ඩුවට ගියොත් ජන්කුක්ටම ගැටලුවකට මුහුණ පෑමට සිදු වන වග දැන සිටි ටේහ්‍යුන් ඒ වන විට නිශ්ශබ්දව කාලයට ඉඩ දී බලා සිටින්න තීරණය කලා.





"ජිමින්...?"

"ම්...?"

"මම හිතන්නෙ දැන් ජන්කුක් ඇවිත් ඇති. මම යන්නම්"

ටේහ්‍යුන් ජිමින් ට මුමුණද්දී ටේහ්‍යුන් අසලට ආ ජිමින් ඔහුව වැළඳ ගනිද්දී ටේහ්‍යුන් ජිමින්ගෙ පපුවට හිස තබාගෙන තුරුලු වූවා.




"යන්න... එනකම් බලාගෙන ඇති.."

ජිමින් සිනා වෙනකොට හිස සැලූ ටේහ්‍යුන් ජිමින්ගෙ නිවසින් පිටත්ව ඔවුන්ගේ නිවසට දුවන්නට වූවා.

___

ටේහ්‍යුන් යන විටත් ජන්කුක් නැවත පැමිණ සිටියා. ටේහ්‍යුන් ආශා කළ මාලය ඔහුට රැගෙන දීමේ අභිප්‍රායෙන් ඔහු සවස් වරුවේ අමතර පැය කීපයක් අසල ඉදි කරන නිවසක අත් වැඩ දෙන්න සහභාගී වන්නට තීරණය කලෙයින් ඔහු සිටියේ තරමක් මහන්සි ව.




"ජන්කුක්"

"කුමාරී....."

ටේහ්‍යුන් නිවසට පිවිසෙද්දී  ටේහ්‍යුන් එන තෙක් බලා සිටි ජන්කුක් ටේහ්‍යුන් වෙත සිය හස්තය දිගු කරද්දී ඔහුගෙ හස්තය මත සිය සිහින් දිගු ඇගිලි තුඩු තැබූ ටේහ්‍යුන් හිස බිමට නවාගෙන සිනා පෑවා.



Hide & Seek | TK [completed]Where stories live. Discover now