34 කොටස

910 278 99
                                    

කමෙන්ට් ගෝල් - 50

ජිමිනුත් , යුමීව පසෙකින් තැබූ ටේහ්‍යුන් හා ජන්කුක් ද එක් වරම යුන්ගීව වැලඳ ගනිද්දී ඔහු අපහසුවෙන් සිනා වූවා. ඔහුට සිදු වූ සියල්ල විස්තර කර දෙන්නට පැය භාගයක් පමණ වැය වද්දී අවසානයේ ඔහු ජිමින්ව තුරුලු කොටගෙන හඩද්දී ඒ පපුවට තුරුලු උන ජිමින්ද හඩන්නට වූවා.

"ජන්කුක්... ඔය ලාච්චුව අරින්නකො"

යුන්ගී ශරීරයට දැනෙන අපහසුව දරාගෙන ඔහුට අත පාන දුරින් තිබුණු කුඩා අල්මාරිය පෙන්වද්දී ජන්කුක් එය විවෘත කර එහි ලාච්චුවද විවෘත කලා. අපහසුවෙන් ඔවුන් සමග සිනා උන යුන්ගී කහ ගැහුනු පත්තර කැබැල්ලක් සමග යම් කිසි කුඩා රෙදි පසුම්බිය ක් වැනි යමක් එයින් පිටතට ගත්තා.


Flash back

උදෑසන තෙක් ම ජිමින් ජන්කුක් හෝ ටේහ්‍යුන් නොපෙනෙද්දී පාන්දර ජාමයේ පොලිසියට දිව යුන්ගී දිව ගියේ කුඩා සෝහා අස් හලෙ හිමි කරුගේ ලොකු අම්මාට භාර දී.  කුඩා සෝහා තනි කර යන්නට නොහැකි නිසා යුන්ගී ජිමින් පැමිණෙන තෙක් බලා සිටියද ඔහු නොපැමිණි නිසා ඔහු කලබලයට පත් ව තිබුනා.පොලිසියෙ රස්තියාදු වූ යුන්ගී සහ රාත්‍රී මුර සේවාවට පැමිණි  පොලිසිය බංගලාව වෙත යන විට රාත්‍රී දෙක පසුවී අඩ හෝරවක් පමණ ඉක්මවා තිබුනා.


"මෙතන තියන මල් සාප්පුවට යන කතාවක් තමයි ලොකු මහත්තයො කීවේ.."

බංගලාව ඉදිරිපිට සිට ගත් යුන්ගී කියද්දී පොලිසියේ මහත්වරු සිටියේ කෝපයෙන්. රාත්‍රී කාලයේදී මෙවැනි කටයුතු වලට සහභාගී වීම නොරිස්සු ඔහු යුන්ගී දෙස කෝපයෙන් බැලුවා.


"කොහෙද ගිහින් තියෙන්නෙ...?"

"අනේ දන්නෑ මහත්තයො...මගෙ යාලුවා ජන්කුක් එක්ක බංගලාවේ මහත්තයා බෝගම් නම් තරහයි. කරදරයක් උනාද දන්නෙ නෑ..."

ඉන් එහා පස වූ ඉදිකරමින් තිබූ නව බංගලාව දෙස බැලූ යුන්ගී හදිසියේම කීවා. මොහොතක් හෝ පමා නොකල යුන්ගී බංගලාවේ ගේට්ටුව විවෘත කර ගෙන ඇතුලට ගියා.

____

"කෝ නෑනේ.. ඔය කියන ජිමින් කෙනෙක් වත් ටේහ්‍යුන් කෙනෙක් වත්?"

Hide & Seek | TK [completed]Where stories live. Discover now