24 කොටස

939 286 35
                                    

කමෙන්ට් ගෝල් 50

ටේහ්‍යුන් එදින හවස් වරුවේ පිටතට ගියේ මදක් නැවුම් වාතය ආශ්වාස කරන්න. නිවසටම වී සිටිම ටේහ්‍යුන්ට සැබවින්ම කම්මැලි දෙයක් වූ නිසා වගේම ප්‍රසූතිය පහසු වීමට නම් ව්‍යායාම අවශ්‍ය වග ගම්වැසියන් කීපදෙනෙකු ම කී හෙයින් ටේහ්‍යුන් තනිවම වැලි ඇතිරූ මාවත දිගේ ඇවිදගෙන ගියා. ජන්කුක් රැකියාවට යාමට ප්‍රථම කීවේ ටේහ්‍යුන්ට ජිමින් සමග යන ලෙස උවත් ජිමින් සිය කුඩා බිලිඳු සමග කාර්යබහුල ව සිටි නිසා ටේහ්‍යුන්ට ජිමින්ට කරදර කිරීමට අවශ්‍ය වූයේ නැහැ.


"ඒයි ගණිකාව"

ටේහ්‍යුන් මාවතේ අද්දර පිපුනු කුඩා පුෂ්පයක් සෙමින් ස්පර්ශ කරද්දී ටේහ්‍යුන් ගැස්සී ගියේ ඒ ඇසුනු කටහඩට. සැනෙන් ඒ හඬ හඳුනා ගත් ටේහ්‍යුන් ඒ දෙස බලද්දී ටේහ්‍යුන් බලාපොරොත්තු වූ ලෙසම බෝගම් සහ ඔහුගෙ මිත්‍ර හමුදාව එහි උන්නා.


"මොකද මේ පැත්තෙ තනියම?කුමාරි ගෙ මහ ලොකු රාජ කුමාරයා ආවේ නැද්ද මගෙ කුමාරී.. මගේ කුමාරී ගගා පස්සෙන්"

බෝගම් ටේහ්‍යුන් ලගට හිමිහිට ඇවිදගෙන එද්දී තම කුසට අත තියා ගත් ටේහ්‍යුන් හිමිහිට පස්සෙන් පස්සට ගියා.


"ගැබක් දරාගෙන හිටියට ලස්සන නම් අඩු වෙලා නෑ"

ටේහ්‍යුන් ලගට එන ගමන් බෝගම් කියද්දී ටේහ්‍යුන් බෝගම්ට පිටු පෑවේ දුවන්නට වුවත් ටේහ්‍යුන් ගෙ මග බෝගම් ගේ යාලුවෙක් හරස් කලා.



"මොකද මේ කලබලේ... ආසා නැද්ද මාත් එක්ක දවස ගත කරන්න"

ටේහ්‍යුන්ගෙ ගෙල බෝගම් සිප ගනිද්දී ටේහ්‍යුන් අප්‍රියාවෙන් දගලන්නට වූවා. කවරෙක් හෝ නැති පාලු මාවතක තනිවම ඇවිදින්නට ඒම පිලිබඳව වේදනාවට පත් ටේහ්‍යුන් අප්‍රියාවෙන් බෝගම් ව පසෙකට තල්ලු කලා.


"මගෙන් ඈත් වෙලා ඉන්නවා. මම විවාහකයි"

"කවුද? අර හිගන්නා ජන්කුක්ටද?"

බෝගම් හිනා වෙද්දී ටේහ්‍යුන් කෝපයෙන් ඔහු දෙස බැලුවා.

"මට ජන්කුක් ගෙන් දරුවෙක් ලැබෙන්න ඉන්නෙ. මගෙ ඇගට අත තියන්න එපා"

Hide & Seek | TK [completed]Where stories live. Discover now