29 කොටස

983 304 121
                                    

කමෙන්ට් ගෝල් - 50

"ජිමින්... ජිමින්... ප්ලීස් ගෙදර එන්න"

රාත්‍රී දෙක පසුවී විනාඩි කිහිපයක් ගොස් තිබුණු තැන ජන්කුක් අඩන ගමන් ජිමින් කෝල් කලෙ තමන්ගෙ දරුවාව තුරුළු කරගෙන අහක බලාගෙන ඉන්න ටේහ්‍යුන් දිහා බලන ගමන්. තමන්ගෙ නිර්දෝෂී භාවය ඔහුට ඔප්පු කරන්නම් කියා දිව්රූ ජන්කුක් ජිමින්ට කතා කලෙ වැලපෙන හදින්.

ජන්කුක් සිහිනෙන් හෝ සිතුවේ නැහැ තමන් මේ ලෝකයේ වඩාත්ම ආදරය කල පුද්ගලයා ට, තමන් වඩාත් විශ්වාස කල පුද්ගලයා ට මෙලෙස තමන්ගෙ නිර්දෝෂී බව ඔප්පු කර පෙන්වන්න වෙයි කියල.


"වට්? ජන්කුක් ඔයා හොඳින්ද? මේ මහා රෑ මොකද මේ?"

නිදාගෙන සිටි ජිමින් ජන්කුක් ගෙ ඇමතුමෙන් අවධිව කෑ ගැසුවේ ජන්කුක් හොදටම අඩමින් සිටිය නිසා. ජන්කුක් ගැන බියෙන් පසු උන ජිමින්ට ජන්කුක් මෙලෙස හඩමින් බැගෑපත් වෙද්දී දැණුනෙ බියක්.



"ම..මම හොදින්.. ඒත් අනෙ ඉක්මනට එන්න"

"ඕකෙ... පරිස්සමින් ඉන්න. මම පැය භාගෙන් ඔතන"

කලබලෙන් කීව ජිමින් නයිට් ඩ්‍රෙස් එක පිටින්ම කාර් එකෙ යතුරත් අරගෙන එලියට දුවගෙන ආවා. මේ වෙලාවේ ඩ්‍රයිවර් කෙනෙක්ටවත් කතා කරන වෙලාවක් නොවුන නිසා තමන්ගෙ වාහනයට නැග්ග ජිමින් ඊ ගහක වේගයෙන් ජන්කුක් ගෙ නිවස බලා ධාවනය කලෙ ජන්කුක් ට කිසිම කරදරයක් වෙන්න එපා කියල දෙවියන්ට යාඥා කරන ගමන්.

__

ෆෝන් එක පැත්තකින් තිබ්බ ජන්කුක් සැටිය උඩ තමන්ගෙ දරුවාව තුරුළු කරගෙන බිමට හිස නැඹුරු කරගෙන ඉන්න ටේහ්‍යුන් දිහා අඩමින් බලාගෙන හිටියා. ජන්කුක් ට සේරටමත් වඩා ටේහ්‍යුන් තමාව අවිශ්වාසය කලා කියන කාරණය දරා ගන්න අමාරු උනා. ජන්කුක් ට වැටහීමක් තිබුණෙ නැහැ ටේහ්‍යුන් තමාව සැක කරන්නෙ මන්ද කියාවත්. ජන්කුක් දැන සිටි එකම දේ ඔවුන් දෙදනා සහ ජිමින් බෝගම් නිර්මාණය කල දැලෙ ඔහු බලාපොරොත්තු උනා වගේම පැටලුනු වග විතරයි.

"කුමාරී..." ටේහ්‍යුන් දෙස බලමින් ජන්කුක් හැඩුවා . ඔහුට අවශ්‍ය වූයේ ටේහ්‍යුන්ව තුරුලට ගන්නට. සිය දරුවා සුරතල් කරන්නට.

Hide & Seek | TK [completed]Donde viven las historias. Descúbrelo ahora