ලොකු දුරක් ගෙවාගෙන මම ආවේ ලස්සන ලොකු ගෙයක් ළඟට....
" මෙතන වෙන්න ඕන..... "
මම දොරට තට්ටු කරනකොට එළියට ආවේ තාමත් ලස්සන ඒත් අවුරුදු 50 ක වගේ මැදි වයසේ කෙනෙක්....
" කාවද හොයන්නෙ... "
" පාක් ජිමින්... "
" ඔව් ඒ මම..... "
" මට ඔයත් එක්ක පොඩ්ඩක් කතා කරන්න පුළුවන් ද මිස්ටර්....."
" එතකොට ඔය දරුවා... "
" මම කිම් ජිවෝ.... "
" ඇතුළට එන්න දරුවෝ... "
එයා මාව ඇතුළට එක්කරගෙන ගිහින් සොෆා එකෙන් වාඩි උනා....
එයා ගොඩක් හොඳ කෙනෙක්.... එයා තාමත් දන්නේ නෑ එලා එයාට ආදරය කරලා කියලා.... එයා එක්ක කතා කර කර ඉන්නකොට මං එයාගෙන් දෙයක් ඇහුවා .." අන්කල් ඔයා මැරි කරලා නැද්ද... "
" නෑ දරුවෝ.... "
" හේතුව.... "
" මං දන්නේ නෑ... මට මං ගැනවත් බලන්න වෙලාවක් නැති තරමටම මං බිසී වෙලා හිටියේ... දන්නෙම නැතුව ගොඩක් දේවල් වෙනස් වෙලා... අපේ ගෙදර වැඩ කරපූ ගෑනු ළමයාගේ නැතී වීමත් එක්ක මට මගේ වැඩ කර ගන්න පවා බැරි උනා... එයා නැති පාඩුව මට ගොඩක් දැනුනා. වෙලාවකට හිතුනා එයාගේ මරණෙට හේතුව මම කියලා.... වෙලාවකට මට හිතුනා කවුරුත් මට ආදරේ නෑ කියලා. ඒ නිසාම මම මැරි කළේ නෑ.. "
" මේක ගන්න අංකල්..... මේ එලාගේ ඩයිරි එක... කියවලා බලන්න. ඔයාට මේ ලෝකේ ආදරය කරන අය නෑ කියපු කතාව මේක බැලුවාම වෙනස් කරන්න වෙයි... "
YOU ARE READING
Wild Flower (Pjm)✔️
Fantasyඉමක් කොනක් නොපෙනෙන ජීවිතේ අපි හැමෝටම නොකියපූ කතාවක් තියෙනවා. ? ඒ හැම කතාවකම අවසානය ලස්සනද. ඒක පාර්ශවීකව ආදරය කරන්න හැමෝටම බෑ. ? මේ ඇයගේ ඒක පාර්ශ්වික පේමයේ නොකියූ කතාව. ___________________ මම මිය යාවි ඔබට පමණක් ඒකපාර්ශ්වික ව ආදරය කරලා... ?? මේ මල්...