ජිමින්ගේ නොනවත්වා කඩා වැටෙන කදුළු දිහා බලාගෙන ජිවෝ කතා කරන්න ගත්තා...
ඔයා තමා ඔය පොතේ අයිතිකාරයා පාක් ජිමින්....
අන්කල් දුක් වෙන්න එපා... ගොඩක් දේවල් ඉක්මනට වෙනස් වෙනවා.... හැම කතාවකම අවසානය ලස්සන නෑ... ඒ උනාට ඒ කතා ගොඩක් ලස්සනයි.. සිත් ඇද ගන්නා සුළුයි...
ඔයායි ඔය පොතේ හිමී කාරයා...
එලාගේ ඒකපාර්ශ්වික ආදරය ඔයා පාක් ජිමින්....
" හැමදාම සතුටින් ජීවත් වෙන්න. "
එයාගේ අවසාන පැතුම ඒක ජිමින් අන්කල්.....
" දන්නවද දරුවෝ... මං එලාව බලා ගත්තේ සහෝදරියක් වගේ... ඒත් මට එයා ගැන වැඩිය හොයන්න බැරි උනා. එයාගේ හැගීම් තියා මම කව්ද කියලා වත් මම දැනගෙන ඉන්න නැතුව ඇති.. ඒත් දැං සේරම ඉවරයි... එයා ගියා...මමත් යන්න ඉන්න කෙනෙක්...
මට සතුටුයි මට ආදරය කරපු කෙනෙක් ඉදලා කියලා දැන ගත්තම..... 😔💔එයා ගියා උනත් කොහේ හරි තැනක ඉදන් මං දිහා බලාගෙන ඇති...
මාත් ආදරෙයි එලා... හැමදාටම ආදරෙයි. ♥️ "
________________
මං මගේ අවසාන කාර්යත් ඉෂ්ට කරා.....
ලස්සන ආදර කතාවක් එහෙම අවසන් වෙද්දි මේ ලෝකේ තව ගොඩක් ආදර කතා එසේම පැවතේවී...
ලෝකේ මිලියන ගානක් හිත් වල ඒකපාර්ශ්වික ආදරයක් තියෙනවා... අපි දැකපු නමුත් ඔවුන් අපිව නොදැකපු තැන් බොහෝයි....ඒ ආදර කතා හැමදාම එයාලා හිතපු විදිහටම ඉෂ්ට වෙන්න ඕන.. !
අපි හැමෝගෙම අවසාන පැතුම ඒක ❤️🌼
The End
YOU ARE READING
Wild Flower (Pjm)✔️
Fantasyඉමක් කොනක් නොපෙනෙන ජීවිතේ අපි හැමෝටම නොකියපූ කතාවක් තියෙනවා. ? ඒ හැම කතාවකම අවසානය ලස්සනද. ඒක පාර්ශවීකව ආදරය කරන්න හැමෝටම බෑ. ? මේ ඇයගේ ඒක පාර්ශ්වික පේමයේ නොකියූ කතාව. ___________________ මම මිය යාවි ඔබට පමණක් ඒකපාර්ශ්වික ව ආදරය කරලා... ?? මේ මල්...