මූලාරම්භය 😌

173 25 13
                                    

එකෝමත් කාලෙක එකෝමත් එක ගමක සිදු වූ අංගවිකල කතාංගය කි .එසේ මෙසේ නොවූ මෙසේ එසේ කතා නාටකයේ මූලාරම්භයයි මේ ....

ඒ කෙසේද යත් එක්තරා යුගයක හොග්වාර්ට්ස් බල ප්‍රදේශයේ ලේසියට හොගාවාස් කියන්න පුළුවන් අන්න එහෙ දී හැරී කියන කොල්ලෙකුයි වෙල්ඩමෝල්ට් කියන සීයයි ලේසියට නෙස්ටමෝල් කියන්න පුලුවන් ...ඉතින් ඒ කොල්ලයි නෙස්ටමෝල්ට් කියන සීයයි එකයි අතර මහා යුද්ධයක් වුණා ඉතින් එක වෙලාවකදි හැරි එයාගෙ අඩියක් දිග සෙන්ටි මීටරයක් විතර පළල කෝට්ට අරගෙන දිව සමනල් ගැටේ වැටෙන වචන කීපයක් කියලා හැරමිට්ට...නෑ යෂ්ටිය නෙස්ටමෝල්ට දික් කළා ... එකපාරටම ආපු ඇස් දෙක තුන හතර කරල දවා අළු කරන එළියකින් මුළු පළාතම එළිය වෙලා ගියා.... ඒ අතරතුර දී තමන්ගේ හැරමිට්ටේ බලයෙන් සීයා එතනින් චුත වුණා .....අන්දමන්ද වූ හොගාවාස් ජනතාව හිතුවේ මෙතෙක් කල් ඔවුන්ට මලකඩ ඇණයක් වී සිටී නෙස්ටමෝල්ට් නොහොත් කුරිරු පපඩමා විනාශ වූවා කියායි.... ඒකෙ සතුටට හැරීව උඩ දමා බිම වැටෙන්න නොදී අල්ලා ගත්තා... ඒ අතරේ නෙස්ටමෝල්ට් සියා ඉතා සුන්දර අතිරමණීය කිරිසිකුරු ගමට වැටුනා ....ටික දවසක් යනකන් ඔහු උතුර දකුණ මාරු වී අබල දුබල ඇටසැකිල්ලක් වී සිටියත් ගම්වාසීන්ගේ බටර් මෙන් උණු වන හදවත නිසා ඔහුගේ සිරුර හල්ක්ගේ මල්ලි තරම් පුෂ්ටිමත් විය... මේ අතරේ නෙස්ටමෝල්ට් සීයා තමාගේ හැරමිට්ටේ බලයෙන් ගම්වාසීන් තමන්ගේ පැත්තට හරවා ගෙන තමා වෙස්බුරියයි හඳුන්වා දුනි...

මේ අතරේ මේක මේ ගමේ හිටියා ඉඟ සුඟ ගත හැකි මිටින...... ඔය වගේ ඉතා රූමත් නාරිලතා දේවියක් නමින් කෝමල මලී වන ඇය ඇගේ පස්සවන වනා පාරේ යනවිට වටේ සිටින කොල්ලො කුරුට්ටො පවා ගැස්සිලා යයි... ගමේ ඉන්න අයියලා, මල්ලිලා ,මාමලා , සීයලා මේ ආකාරයෙන් බොහෝ දෙනා කෝමල මලී පස්සෙන් පැණි හලහලා පස්සෙන් යයි ....දිනක් හැරමිට්ටේ උදව්වෙන් තැබිලි ගහක කුරුම්බා කඩන්න ගිය සීයා..... මේ කෝමල මලී පද්ද පද්ද යන බලා සිටියා ... හැරමිටිය උඩට උස්සගෙන ඉනට අත තබාගෙන දිව එළියට දමාගෙන ඇත යන මලී දිහා නෙස්ටමෝල්ට් සීයා කියලා බේර බේර බලා සිටියේය... එක්තරා ඉරිදා දිනක සන්ධ්‍යා වෙලාවේ නෙස්ටමෝල්ට් සියාබෝක්කුවක් උඩ කොක්කුන්ගේ සුද බල බලා සිටියදී කෝමල මලී මෙතනින් යන්න ගියා.... ඇය දුටු විගස පස්ස කඩියෙක් කෑවා මෙන් නැගිට්ට සීයා, තමන්ගේ හැරමිට්ට මතුරා මලී ගේ පස්සට ඇන්නේය.වෙනදා මේ වගේ වැඩක් වූ විට කෝමල මලී රෙද්ද උස්සා මේ අවලං වැඩ කරපු කොල්ලගේ හෝ සීයගෙ දත් ඇඳෙන් භාගයක් වැටෙන්නම පා පහරක් ගසයි.... ඇදහිය යුතු කාරණාවක් ලෙස මෙදා කෝමල මලී වෙස්බුරිට ඇහැක් ගසා වන වනා ගියාය.

කෝමල මලී ගේ පියා පිපිඤ්ඤා ගොවියෙකි .තම දියණිය ගෙදරට නාකි වෙනවායි කියා ඒ දුකට ඔහු දවසට පිපිඤ්ඤා ගෙඩි දෙක තුනක් ඔලුවෙන් ගසා පලා දමයි.... තමා සීයාට කැමති බව පැවසූ කෝමල මලී ඔහුව විවාහ කර දෙන ලෙස පියාගෙන් ඉල්ලා සිටියාය... ගෙඩි හයක් හතක් ගත්ත ඔහු අතින් පයින් ඔලුවෙන් බඩෙන් පිපිඤ්ඤා ගෙඩි තලාගෙන තලාගෙන ගියේය... අවසානයේ දී බැරිම තැන කෝමල මලී නෙස්ටමෝල්ට් සීයා කර ගහගත්තාය.

මේ ආකාරයෙන් ආදරයෙන් වෙලුන මේ දෙන්නට එක්තරා හෙණගහන දිනයක පින්වත් පුත් කුමාරයෙක් බිහිවිය හෙණගහන දිනක ඉපදුනු නිසා මෝහු ගේ නම හෙණපාලවිය ...ඉතින් ටික කාලයක් ගත උනා ඒ අවාසනාවට එක දවසක් මේ නෙස්ටමෝල් සීයා ගහක් යටට වී භාවනායෝගීව ඉන්නකොට ගහේ කොළයක් හිසට වැටී පරලොව ගියේය.... ඉතින් මෙය දැන් මේ ගමේ ජීවත් වන ගම් නායකයා වන ජුන්පාලගේ කිරිකිත්ත ගේ නත්තා පනත්තා ගේ කතාවයි ඔය...!😌




___________________

🕊️මෙන්න හිනා යන්නේ නැත්තං කුරුල්ලෙක්ගේ අතේ කොලයක් .........යටි පතුලට කුචු කවාගෙන හිනා වෙන්න 😌

වෝට් එකක් දාගෙන යන්න ඈ හොද නං 😌

කිරිසිකුරු ගම 😌 (ඉවරයී😝 )Where stories live. Discover now