උදෑසන 😌 හත

37 8 7
                                    

කුංජක් ගේ පස්ස උඩ සැප ට හිටිය කිකිළි ත් කුංජක් ට වෙනස් කම් කරමින් බිත්තර දෙක තුනක් දමා එතනින් ඈතට පියබා  ගියා ය . තමන්ගේ පස්සේ බෝල දෙකක් වගේ යමක් තියන බවත් ඒක ටික ටික දගලන බවත් තේරුණ කුංජක් ගේ ඉහෙන් කනෙන් දාඩිය දාන්න ගත්තේ බැරි වෙලාවත් තමන්ගේ ඉදිරිපස පස්ස පැත්තට හැරවිලා ද කියලා...

පස්ස උඩට තියෙද්දිම ඇස් කරකවලා බැලුව කුංජක් සැනසුම් සුසුම් හෙලුවේ බිත්තර වලින් පැටව් එළියට ඇවිත් නිසා ...මෙයින් පෙනී යන්නේ හොබාවතී ගේ කෝපයේ සලකුණු බව තේරුම් ගත් කුංජක් උඩ පැන නැගිට ඇදෙන් පැන්නේ ය .

මේ අතර අලුත උපන් කුකුල් පැටවුන් ට නොමිලේ පියෑඹීමට හැකි විය ...

ඒ අතරේ ඔලුවෙන් හිට ගෙන සිටි බුංජක් ද ලේ ගමනාගමනය යතා තත්වයට පත් වූ විගස කරනමක් ගසා ඇදෙන් පැන්නේ ය...

හොම්බක් තවමත් දර මැස්ස උඩ ශක බුම් වී සිටි කට දෙපැත්තේ බේරෙන කෙළ බිංදුව බිම වැටෙන්න ඔන්න මෙන්න තියෙද්දී පිහි දා ගත්ත හොම්බක් කල්පනා කළේ මං තාම දකින්නේ ඊයෙ බලන්න පටන් ගත්ත හීනෙ ද කියලා ..

ඇදෙන් දොට්ට පැන්න කුංජක් හා බුංජක් දොර රෙද්ද ට මුවා වෙලා බලාගෙන ඉදියේ හොම්බක් දැන්වත් දර මැස්සෙන් බහියි කියලා...

කල්පනා කර කර ඉන්න අතරේ දැනුන කරවෙන සුවද නිසා කකුල් දෙක අතරින් යට බැලුව හොම්බක් දැක්කේ තමන්ගේ සූකිරි පස්ස දැවෙන ආකාරයයි ...

හොම්බක් 🦄

🦄බුදු අප්පොච්චියේ...දැවෙනවා දැවෙනවා දැනෙනවා මේ මට ...

කුංජක් 🐰

🐰 අනේ මය කොල්ලො උබේ පස්ස කරවෙනවා බොලං දුවන්න එපා ඔහොම ඉදාම්..එතකොට දැවෙනවා වැඩී ...

🦓 අනේ අප්පුච්චෝ දුවන්න එපෝ ...

හොම්බක් පසුපස කුංජක් ඒ පස්සේ බුංජක් ...මේ අතරේ හොබාවතී එයාගේ හත්වෙනි තේ කෝප්පෙ ත් බීලා ඉවර කළේ මුං කවදා හැදෙයිද හිත හිතා ඒත් එක ගැන හිතන එක නතර කළේ තවත් හැදෙන්න කාලයක් නැති නිසා ....

හොම්බක් පසුපස දිව්ව කුංජක් නැවතුනේ එයාගේ හා පස්සටත් ගිනි අවුලගෙන ...මේක දැකපු බුංජක් ගිහින් දෙන්නව ම පහල ළිදට තල්ලු කළේ තව ටිකකින් ගේ ගිණි ගන්න නිසා ...

මේ දේවල් දිහා එහා ගෙදර ඉදන් තවත් කෙනෙක් බලාගෙන ඉදියා ...වෙන කවුරුවත් නෙවෙයි ජිනිලතා හා ජුන්පාලගේ එකම දෝණියැන් දා ජුන්ජිනී ...

කොච්චර ලොකු කම තිබ්බත් කොච්චර කෙණෙහිලිකම් කලත් ජුන්ජිනී බුංජක්ට හදවතේ ළිං පතුළෙන් ම ආදරේ කළා...ඒ ආදරේ කියාගන්න බැරි නිසා තමයි ජුන්ජිනී බුංජක් ට කකුල් මාට්ටු දාලා දණහිස තුවාල කරන්නේ...එතකොටවත් දෙන්න කසාද බැන්දට පස්සේ බුංජක් ගේ ඔලු කට්ටේ ඉන්න උකුණෝ ටික ගන්න පුළුවන් නේ ...දැන් ඉදන්ම ගනන් කරලා තියාගත්ත ම ලේසියි පහසුයි ...

ඒ විතරක් නෙවෙයි එහෙම කකුල් මාට්ටු දැම්මා ම බුංජක් ගේ තක්කාලි පාට වෙන මූණ බලන්න ජුන්ජිනී පෙරුම් පිරුවා ...

කෙසේ හෝ මේ ආකාරයෙන් සෑම උදෑසනක් වගේ ම මෙදිනත් මුලු ගමම සතුටින් පිබිදූනා ...

නමුත් මේ සතුට සදාකාලික ද?

_____________________

කෝමැයි ඔයැයිලට උදැසන ඔයින් ගියා මදැයි 😌🙏

ඒස්වාං පුහ්.◉⁠‿⁠◉




කිරිසිකුරු ගම 😌 (ඉවරයී😝 )Where stories live. Discover now