ඒත් එකපාරටම....
එතන හිටිය හැමෝම විලම්බීත වෙන සද්දයක් ඇහුණා.
🐯දෙයියන්ට ඔප්පුවෙච්චාවේ මොකක්ද ඒ කන දෙදරන සද්දෙ.
ඒත් එක්කම
හ් හ් හා....
🐣මොකාද ඒ නත්තල් සීයා නං වෙන්න බෑ.
හිනාව ඉවර වෙනවත් එක්ක එතන මතු උනේ මල් හාමි...
🐣 මල් හාමි
🐹 මල් හාමි
🐼 මල් හාමි
🦓 මල් හාමි
🦄 මල් හාමි
🐯 මල් හාමි🐸 මල් හාමි තමයී ඇයි ...
🦓 නෑ අපි ටෙස්ට් කරලා බැලුවේ මේ මලක් වගේ වෙන ගෙම්බෙ ක්ද කියලා. බලනකොට ඒ දියබරියමයි...
🐸මොකක්ද ඔහෙලා මට අපහාස කරනවද ...
🦄අනේ පිස්සුද ගෙම්බො. කෝ ඔයා සෝස මල් කරත්තෙන් සෝස මලක් ගෙනාවේ නැද්ද.
🐸හොට දිග කැස්බෑවා මං කවුරු කියලා හිතාගෙන ද ඔහොම කතා කරන්නේ.
🦄ඇයි ඔයා මල් හාමි නෙවෙයිද...කියන්න බෑ. ඉතිං මට මයිල් කෙලින් වෙච්ච එලුවෙක් වගෙත් පේනවා ...
ඉතින් අපේ හොම්බක් ගේ ගුණ වර්ණනාව දරා ගන්න බැරුව මල් හාමි ජුන්පාල ගේ හැරමිට්ට අරන් මෙව්වා එකක් කිව්වා...
🐸උඩින් වට්ටක්කා බිමින් පත්තක්කා ගහෙන් බිමට බැස ඔලු බක්කා.....පුහ්...
එභෙම කියලා හොම්බක් ට දික් කලා විතරයි අසරණ කොල්ලා ගේ ඔලුව උඩ වට්ටක්කයක් කකුල් දෙක වෙනුවට පත්තක්කා...
🐯කිරි අප්පුච්චියේ...හොම්බ ක් ...බක් බක් බක්....
මේ කරපු කැත වැඩේ දිහා බලාගෙන ඉන්න බැරුව සුගානී ගේ කන් දෙකෙන් දුන් දානවා මූණ නිල් පාටයි,ඇග රතු පාටයි ...
🐸 මං හිතුවේ අපේ සනුහරේ අයට විතරයි විජ්ජා පුලුවන් කියලා.බලනකොට මෙහෙ ඉන්න අයටත් පුලුවන් නෙ...
🐹විජ්ජා තමුසෙට බලාගන්න පුලුවන්...මගේ අහිංසක හොම්බ ට මේ කරපු අපරාදෙට...
ඊයා හූ......
එහෙම කියන ගමන් සුගානි ඉගෙන ගත්ත ඇනකොන්ඩෝ සටන් කලාව පාවිච්චිය කරලා උඩ පැනලා මල් හාමිගෙ ගෙබිවන් සුන්දර මූණට ඇගිල්ලෙන් ඇන්නා...
YOU ARE READING
කිරිසිකුරු ගම 😌 (ඉවරයී😝 )
Fanfictionඅත්බූත ලෙස ගමකට පැමිණි සීයා කෙනෙකුගෙන් ඇරබි කතාන්දරය කි මේ 😌 කවුද බලන්න මේ! START - 2022.7.22 END- 2024.02.01