උදෑසන 😌 හතර

49 10 15
                                    


උදෑසන දුර දිග යනවා අලේ 🙂මට නවත්තන්න බැහැ 😤මොනා කරන්නද ඔයාලත් දුර ගමනක් යමු 🤓





👇

මේ අතරේ බුංජක් ...සේරම අමාරු අමතක කරලා කට ඇරගෙන ඉන්න හොබාවතී ගේ කටේ පණුවෝ ගණන් කරනවා .අවාසනාවට හොබාවතී දවසට පස් පාරක් දත් මදින නිසා එකෙක්වත් හම්බුනේ නෑ.ඉස්කෝලෙ කොම්පෝස්ට් වගාවට ගැඩවිල් පණුවෙක් ගේන්න කිව්ව නිසා හොබාවතිගේ කටෙන් පණුවෙක් හොයාගන්න තමා බුංජක් බැලුවේ.

විනාඩියකින් පියවි සිහියට ආපු හොබාවතී තමන් දිහා බලාගෙන ඉන්න බුංජක්ගේ බෙල්ලෙන් අල්ලලා දොර මුල්ලෙන් තිබ්බේ කවුරු හරි මූණ දැක්කොත් වස් ලැජ්ජාව නිසා.

කෙලින්ම සායත් උස්සන් ජුන්පාලගේ ගෙදෙට්ට දිව්ව හොබාවතී ගිහිං නැවතුනේ ජිනීලතාගේ කාමරේ..

🐴 අනේ ලතෝ... අපේ කොල්ලගේ දත් දෙක නෑහ්.....

🦊දත් දෙක නෑහ්....කියන එකක් තේරෙන්න කියපන් බං.

අග සිට මුලටම කතාව කිව්ව හොබාවතී ඊගාවට ජිනීලතා දිහා බැලුවේ මට දත් දෙකක් දියං වගේ බැල්මකින්.

🦊 හරි හරි උබ දැං අඩන් නැතුව ඉදපං කෝ.මං ජුන්පාලට මොකක් හරි කියලා බලන්නං.

සැනෙකින් ගෙදර ආව හොබාවතී කුංජක්වත් අඩගහගෙන බුංජක්වත් කකුල් දෙකෙන් ඇදගෙන ජිනීලතාගේ ගෙදෙට්ට ගියා .

ඒ වෙනකොට ජුන්පාල බෙඩ්ශිට් එකක් බෙල්ලෙ ගැට ගහගෙන.සරම කැහැපට ගහගෙන කණ්ණාඩිය නැති රාමුව පමණක් ඇති සන්ග්ලාස් එකක් දාගෙන බුංජක් එන තුරු බලා සිටියි!

කෙසේ හෝ ගල් මුල්වල හැපී හැපී.වැනි වැනි බුංජක් ජුන් පාල ඉස්සරහට ආවා .

🐨 හොදයි ළමයෝ ඊ .........කියන්න

🦓ඊ..........

🐨(කිරි මුත්තේ මුගේ කටේ ගද.....) හරි මේකයි .මේ හැරම්ට්ටේ මගේ කිරි කිත්තා ගේ නත්තා පනත්තා ගේ.මේකෙ මායා බලයක් තියනවා .ඒකෙ බලයෙන් මං උබට දත් දෙකක් දෙන්න බලන්නම්.හරී

🦓(අනේ බුදු අම්මේ..මූ මාව මරයිද දන්නේ නෑ..මාව ගෙම්බෙක් කලොත් අයියෝ මේකව මට සත තුනකට විශිවාස නෑ )

බුංජක් ජුන්පාල විශ්වාස නොකරනුයේ කුඩිකල සිටමය.බුංජක්ට අවුරුදු හතරක් වූ දා උපන් දින සාදයට පැමිණි ජුන්පාල බුංජක්ව වඩාගෙන කරක කරක කොලුවගේ ඇද තැන් බල බල ඉද්දී පය ලිස්සා ගොස් ඇද වැටුණී.

එදා බුංජක්ගේ පස්ස ෆ්ලැට් විය.ටයිල් එකක් පුපුරා ගියේ ය.පස්ස නැවතත් රවුම් කර ගත්තේ හොබාවතීට හොරෙන් කුංජක් සමග ජිම් ගොසින්ය .මෙනිසා ඔහු ජුන්පාල විශ්වාස නොකරයි.

ජුන්පාලගේ කිරිකිත්තාගේ නත්තා පනත්තා ගේ පරණ පුස්තකයක් ගත් ජුන්පාල මොනවදෝ කුටුකුටු ගා හැරම්ට්ට බුංජක්ට දික් කලේය.

විනාඩියක් පමණ තිබූ එලිය නිවී ගියාට පසු හැමෝම බුංජක් දිහා බැලුවේ දැන් ශ්රී කියායි .

ඒ වන විට හිස්තැන සම්පූර්ණ වී තිබුණත්

_____________

කමෙන්ට් එකක් දාගෙන යන්න 🙄

කිරිසිකුරු ගම 😌 (ඉවරයී😝 )Where stories live. Discover now