අධි සුඛෝපභෝගී වාහනයක් සෝල් වල ටිකක් වැඩියෙන් ප්රසිද්ධියක් දරණ මහල් නිවාස සංකීර්ණයක් ඉස්සරහින් නතර වෙද්දි එතනින් බැහැගත්තු තරුණයා තමන්ගේ ක්රීම් පාට කෝට් එක හදාගෙන ඉස්සරහට ඇවිද්දේ හතර වටින් ආරක්ෂකයින් පිරිවරාගෙන. ඒ දිහා බලන කෙනෙක් එයාව දකින්නේ නිකන් ඇවිදින බ්රෑන්ඩ් එකක් හැටියට.
"මිස්ටර් පාක් පළවෙනි ගොඩනැගිල්ලේ විසි හත්වෙනි තට්ටුවේ තියෙන පෙන්ත්හවුස් එකට ගෙවීම් කරලා ඉවරයි."
"එහෙනම් මෙතන බලන් ඉන්න එකේ තේරුමක් නෑනේ. මෙතනින් යනවලා. උදේම ඇවිත් ඉන්න. ආහ්.. මං ඉන්නෙ මෙතන කියලා කාටවත් දැනගන්න තියන්න එපා."
යටත් පිරිසට අණ කරපු පාක් ලිෆ්ට් එකට ගොඩ වුණේ තමන්ගේ අලුත් නිවසට යන්න. අවාසනාවකට වගේ පාක් නතර වෙන්න තෝරගත්තු නිවාස සංකීර්ණයේ නීති රීති නම් හොදටම වැඩි වුණා. ඒකේ ප්රතිඵලයක් විදිහට තමයි මෙතනින් දීපු ආරක්ෂාවට අමතරව කිසිම පෞද්ගලික ආරක්ෂකයෙක් තමන් ලඟින් තියාගන්න පාක්ට බැරි වුණේ. ඉතින් පාක් ජීමින්ට මොන එකකට මෙතන්ටම එන්න ඕනි වුණාද කියන්න දන්නේ එයාම තමයි.
විසි හත්වෙනි තට්ටුවෙන් එලියට ආපු ජීමින් දුරකථනයට ඇවිත් තිබුණ පාස්කෝඩ් එක ඇතුළත් කරලා තමන් කෝටි ගාණක් දීලා ගත්තු නිවස ඇතුළට ගියේ සැහැල්ලුවකින්. හැබැයි ඒ මොකක්ද මන්දා මීටින් එකක් ගැන කියලා අමුතු විදිහෙ ඇමතුමක් එනකන් විතරයි. ඇමතුමේ අනිත් පැත්තෙන් කතා කරපු වයසක කටහඬේ තිබුණ තද ගතියට ජීමින් කොයි තරම් කෙරුමෙක්ද කියන එක අදාළ වුණේම නෑ. ඉතින් ආයෙත් තට්ටු විසි හතක් පහළට බහින්න ජීමින්ට අනිවාරෙන්ම සිද්ධ වෙනවා.
__________
"මං මීට කලින් ඇග්රිමන්ට් දෙකක් සයින් කරා මිස්ටර් ජෝ.. ඉතින් තව එකක් මොකටද ?"
"ඒක තමයි නීතිය තරුණයා. මේක අපේ සොසයිටි එකේ අයිඩින්ටිටි එක ගැන ප්රශ්නයක්. අපිට බෑ අපේ අපාර්ට්මන්ට් එකේ මැරයො, හොරු, අපරාදකාරයො, මිනීමරුවො තියාගන්න. මේක අපේ සභාපතිතුමාගේ පුතා හදපු නීතියක්. ඉතින් ඔයාගේ රස්සාව ගැන සහතික කරලා මෙතනින් අත්සන් කරන්න."
ජීමින්ට කේන්තිය පාලනේ කරන්න ටිකක් අමාරු වුණා තමයි. ඒත් ඉතින් එයා ගාණට වැඩේ බැලන්ස් කරා මේ වයසක මනුස්සයා ඉස්සරහ. ඒ වගේම ජීමින් හදාගත්තු තාම කුණු ගෑවිලා නැති බිස්නස් කාඩ් එකේ පිහිටෙන් එයාව හැමෝම විශ්වාස කරා.
"මං ඉන්නේ පෙන්ත්හවුස් එකක මිස්ටර් ජෝ. ඔයාලට බෑ මාව සැක කරන්න. මං කියන්නේ පුතාට තියා මෙතන ප්රසිඩන්ට්ට වත් අයිතියක් නෑ ඒකට."
"මොකක්ද තරුණයා ? මෙතන අත්සන් කරන්න විතරයි තියෙන්නේ. එක පොඩි අත්සනක්. අපි ඔයාගේ අනන්යතාවය අදුරගන්නයි උත්සහ කරන්නේ. ඉතින් හැමදේම හොදින් වෙයි කියලා හිතලා දෙවියො සිහි කරගෙන තෙරුවන් සරණයි කියලා මෙතනින් අත්සන් කරන්න."
"පොඩ්ඩක් ඉන්න.. තෙරුවන් සරණයි කියලද අත්සන් කරන්න ඕනි ?"
"මං කිව්වා ඔහේලට මාව විශ්වාස කරන්න කියලා. කන් රතු වෙන්නෙ ඇයි කියලත් මං කිව්වා. දැන් අහින්සක මිනිහෙක් වුණ මාව තමුන්ලා මරලා දැම්මා. යාහ් අර යුන්ගිව මාෆියා මැරුවා දැන් ඔහේලා එකතු වෙලා මාව මැරුවා. මෙහෙම ගියොත් මාෆියා දිනලා සල්ලි ටිකත් අරන් පැනලා යයි."
කාගේ හරිම රැප් ගායනයක අන්තිම වචන ටික ඇහෙද්දි ජීමින් ගල් ගැහුණේ තමන්ව අහු වුණාද කියන සැකෙත් එක්කමයි. ඒත් දැන් තමන් ඉන්න ඔෆිස් රූම් එකට එහා පැත්තෙන් ඒ සද්දෙ ඇහුණෙ කියලා ජීමින්ට හොදටම විශ්වාසයි. ඒ එක්කම ඇහුණෙ මහ හයියෙන් කොල්ලො ටිකක් හිනා වෙන සද්දයක්. ඉහළට ගත්තු හුස්ම පහළට දාපු ජීමින් වයසක මැනේජර් දිහාවට හැරුණෙ ඇහි බැමක් උස්සගෙන.
"එයාලා නාට්යක් පුරුදු වෙනවද ?"
ජීමින් බයෙන් වගේ අහපු හැටියේ වයසක ජෝ තවත් හයියෙන් හිනා වෙන්න ගත්තා. ජීමින්ගේ කන් වලට නම් මේ හිනා සද්ද වාතයක් වුණා.
"නෑ නෑ මිස්ටර් පාක්.. එයාලා ගේම් එකක් කරනවා. එතන තියෙන්නේ අපේ රැස්වීම් ශාලාව. හැම සති අන්තෙකම එයාලා එතන සෙල්ලමක් කරනවා.
මං හිතන්නේ අද එයාලා මාෆියා ගේම් එකක."
___________________
blacklove..
YOU ARE READING
•𝙼𝚊𝚏𝚒𝚊 𝙶𝚊𝚖𝚎• | 𝙹𝚒𝚔𝚘𝚘𝚔 ✔️
FanfictionDo you wanna play mafia game? Jikook by: blacklove0220 Published date : 2022.08.11 Finished date : 2022.09.19