ජීමින්ට හම්බෙලා තිබුණෙ නිවාඩුවක් වගේ ඔෆර් එකක්. ඒ අස්සේ පාර්ක්ලගේ කම්පැණි එකේ වැඩ එක්ක පුදුම තරහකින් ඉන්නත් එයාට පුළුවන් වුණා. හැබැයි අද වෙනස්. ජීමින් මෙච්චරම ඉල්ලීම් කරලා කෙනෙක්ව ඩේට් එකකට එක්කන් යනවා නම් ඒ ජන්කුක් විතරමයි. ජන්කුක් වුණත් ඒ වැඩේට අන්තිමේදි එකඟ වුණේ එයාට ජීමින්ගෙන් දැනගන්න තියෙන දේ වැදගත් නිසා.
"මට ඇහුණේ ඔයා කියපු දේමද කියලා තහවුරු කරගන්න පුලුවන්ද ජන්කුකී?"
අනිත් දේවල් ගැන කිසිම තැකීමක් නැති යුන්ගි කාටත් කලින් ඒ ප්රශ්නෙ ඇහුවේ එයා ඇත්තටම වද වෙන නිසා.
"ඔව් හ්යුන්ගී.. මං හිතුවා එයාට චාන්ස් එකක් දීලා බලන්න."
ජන්කුක් යුන්ගි දිහා බලන්නවත් මහන්සි නොවී පත බොරුවක් එයාගේ කටෙන් එලියට දැම්මා. ටේහ්යොන්ට වුණත් එක පාරම ජන්කුක්ගේ වෙනස් වීම පුදුම සහගත වුණා. ඊයේ වෙනකනුත් ජන්කුක් හිටියේ ජීමින්ට කවදාවත් අවස්ථාවක් දෙන්නෙ නැති තීරණේ.
"හරි.. ඒක ඔයාගේ කැමැත්ත. ඒත් ටේ මට කිව්වා ඔයා එදා පාර්ක් ජීමින් නිසා ඇඩුබ්__ ආව්.."
යුන්ගි කියවන් ආපු දේ නතර කරේ ටේහ්යොන් එයාගේ ඉණට වැලමිටෙන් ඇනපු නිසා. ජන්කුක් ඇස් හීනි කරලා ටේට රවද්දි ඩෝ බෙල් එක වැදුණ නිසා ජින් එතනින් නැගිටලා ආවේ ජන්කුක්ගේ හදවත ඕනිවටත් වඩා වේගෙන් ගැහෙද්දි.
"හායි ජීමින්.."
"ජින් හ්යොන්ග්.. ආහ් හායි.. ඔයාලා ඔක්කොම මෙහෙද?"
ජීමින් එයාට පේන්න හිටපු අනිත් අය දිහා බලන ගමන් ඇහුවේ සැකෙන් වගේ. රතු පාට මල් පොකුරක් එක්ක තව මොනාම හරි ජීමින්ගේ අතේ තියෙනවා ජින් දැක්කා.
"අනී.. අපි යනවා දැන්. ඒත් ජීමිනා.. ඔයාට විශ්වාසද ඔයාලගේ ඩේට් එක ගන්නේ ජන්කුක්ගේ ගෙදර කියලා?"
ජීමින්ගේ දත් සෙට් එකත් එක්ක හිනාවක් උත්තර විදිහට ලැබිලත් ජින්ට තිබුණ ලොකුම ප්රශ්නේ ජීමින් ඊයේ රෑ ටේහ්යොන් එක්ක ටෙක්ස්ට් කරලා ජන්කුක්ගේ ගෙදර ඩේට් එකක් ප්ලෑන් කරපු එක. යුන්ගිට ඒ වෙලාවේ ඉදන් ජීමින්ව පොඩ්ඩක් වත් පේන්න බැරුව ගියේ එයාලගේ පොඩි මල්ලිව ජීමින් බලෙන් කැමති කර ගත්තා කියන එක හිතුණ නිසයි.
YOU ARE READING
•𝙼𝚊𝚏𝚒𝚊 𝙶𝚊𝚖𝚎• | 𝙹𝚒𝚔𝚘𝚘𝚔 ✔️
FanfictionDo you wanna play mafia game? Jikook by: blacklove0220 Published date : 2022.08.11 Finished date : 2022.09.19