වොච්මන් ඇරෙස්ට් කරලා දැන් පැය විසි හතරකටත් වැඩියි. මීඩියා වලින් ඒ ගැන හොයන්න ඇඟිලි ගහලා නිසා හැම නිව්ස් එකකම වගේ ඒ මිනීමැරුම් ගැන විතරයි යන්නේ. රෝස්ගේ මිනීමැරුම වෙලාවෙදි ඇස් පියන් හිටපු මීඩියා කාරයෝ දැන් පැය බාගෙන් බාගෙට ඒ දවසෙ වීඩියෝ පටයි ෆොටෝසුයි චැනල් වල දාන එක ජන්කුක්ට හිසරදයක් වෙලා. ජන්කුක් රෝස්ට ආදරේ කරා වුණත් එක එක හේතු නිසා එයාගෙ හිතෙන් රෝස්ව අමතක කරන්න ජන්කුක්ට පුළුවන් වුණා රෝස් නැති වෙන්නත් කලින්ම.
ජන්කුක් පලි ගන්න තීරණේ කරන්නේ රෝස්ගේ නම කියලා මිසිස් ලුසිෆර් වන්ග් ගෙන් සල්ලි ගන්නවා දැකපු දවසේ. ඊට පස්සේ දවසෙ ජන්කුක්ගේ අසල්වාසියා වුණ ලුසිෆර් එයාට බ්රෙක්ෆස්ට් එක දීපු කෑම පෙට්ටි ආපහු ගෙනිහින් දෙන්න ගිහින් පැය ගාණක කතාවකට ලුසිෆර්ව අල්ලගන්න එක එයාගේ පලවෙනි ප්ලෑන් එක සහ ඒක සාර්ථක වුණා. ජන්කුක් කැමැත්තෙන්ම ඉදිරිපත් වුණා ඩොක්ටර් ලුසිෆර් හොස්පිටල් එකට ගියාම එයාලා බීම බීපු වීදුරු හෝදලා දීලා ගෙදර දොර වහන්න. එදා එයා හොයාගත්තා රෝස්ගේ ඇත්තම මරණ පරීක්ෂණ වාර්තාව.
ඊටත් පස්සේ හොරකම් කරපු සීසීටිවී ෆුටේජ් ටික පෙන්නලා මිස්ටර් වන්ග්ව බ්ලැක්මේල් කරපු වොච්මන් ගැන ජන්කුක් හොයාගත්තා. ඒ වෙද්දිත් වන්ග් ගෙන් ලක්ෂ ගාණක සල්ලි වොච්මන් අරන් තිබුණා.
ජන්කුක් එයාගේ ඒක පාර්ශ්වික ආදරේ වෙනුවෙන් වන්ග් ගෙන් ලුසිෆර් ගෙන් පලි ගත්තා. එයා බලපු කතාවක වගේ නම නොදන්න කිලර් කෙනෙක් මැව්වා. වන්ග්ව පිහියෙන් ඇනලා මරලා කාර් පාර්ක් එකේ ගෙනත් දාලා එයාම ඒ ගැන හොයාගත්තා වගේම එතනින් ගියපු ඩිලිවරි බෝයි කෙනෙක්වත් ඒකට අහු කරා.
ඒත් ජන්කුක් මිනිහෙක්ව මරන්න දන්න කෙනෙක්වත් මිනිහෙක්ව මරන්න තරම් හිත හදාගන්න පුලුවන් කෙනෙක් වත් නෙවෙයි. එයාට මැරුණ අය මතක් වෙද්දි තදටම උණ ගත්තු දවස් ඕනි තරම් තියෙන්න ඇති. ඒ දවස් වල කිසිම දෙයක් නොදැනත් ටේහ්යොන් ජන්කුක්ව බලාගත්තා.
හැමදේටම වැඩිය ජන්කුක් ලඟ මිනීමරන්න ලොකු සැලැස්මක් තිබුණා. එක සිදුවීමක් ඇරෙන්න ප්ලෑන් එකේ හැටියටම අනිත් දේවල් වෙද්දිත්, වොච්මන් ජීවත් වෙද්දිත්, එයා එයාගේ හිතට ඒත්තු ගන්වන්න උත්සහා කරා වොච්මන් කියන්නේ මැරෙන්න ඕනි කෙනෙක් නෙවෙයි කියලා. ඒත් ඒක එහෙමම වුණේ එදා හවස ටේහ්යොන් ඇවිත් වොච්මන් අස් වුණා කියනකන් විතරයි. තමන්ගේ ඇස් මානෙන් වත් වැරදිකාරයාව තියාගන්න ජන්කුක්ට ඕනි කමක් තිබුණ නිසයි පොලිසියට කිසිම සාක්ෂියක් එයා නොදුන්නේ.
YOU ARE READING
•𝙼𝚊𝚏𝚒𝚊 𝙶𝚊𝚖𝚎• | 𝙹𝚒𝚔𝚘𝚘𝚔 ✔️
FanfictionDo you wanna play mafia game? Jikook by: blacklove0220 Published date : 2022.08.11 Finished date : 2022.09.19