ජීමින් එක්ක අපාර්ට්මන්ට් එකට එනකන්වත් ජීමින් කොයි තරම් දුරට ඇත්ත දන්නවද කියලවත් ජන්කුක් ඇහුවේ නෑ. ජීමින්ට සිද්ධ වුණා ටේහ්‍යොන්ට මැසේජ් එකක් දාලා බාගෙකට වඩා අඩුවෙන් විස්තරේ කියන්නත්. මොකද ටේහ්‍යොන් ලඟට ගෙනියනවා ඇරෙන්න එයා දැනගෙන හිටියෙ නෑ ජන්කුක්ව සන්සුන් කරන්න මොනාද කරන්න ඕනි කියලා.
"බේබි ටේහ්‍යොන් එක්ක කතා කරන්න."
වාහනේ නතර කරලා හුඟක් වෙලා ගියත් දෙන්නගෙන් එක්කෙනෙක්වත් ඒ වෙද්දිත් ශීට් බෙල්ට් ගලවලා තිබුණෙ නෑ. ජන්කුක්ට ඕනි වුණේ ජීමින් එක්ක කතා කරන්න."ඔයාට ආයෙත් භාර වෙන්න හිතුණොත් මට කියන්න."
ජන්කුක් තමන් කවුද කියන එක දන්නෙ නැති එක මේ වෙලාවේ ජීමින්ගේ වාසියටයි තිබුණේ."මට ඇරෙන්න කාටවත්ම කියන්න එපා කිලර් ගැන. මං කියන්නේ ඔයා කැමති නැත්තන් මටත් කියන්න එපා."
ජන්කුක් පුදුමෙන් ඔළුව ඉස්සුවේ අන්තිමට කියපු දේවල් දෙක මොලේට ප්‍රොසෙස් වුණ ගමන්."ඒ වගේම සොරි බේබි."
ජීමින් අන්තිමේදි කියවන එක නතර කරා."එ__ඒ මොකටද?"
"ඔයාගේ ඔලුවෙ ස්ට්‍රෙස් එකට මාත් එක හේතුවක් වුණාට. මීට කලින් ඔයාව නතර කරන්න බැරි වුණාට. හැබැයි වැරදිකාරයෙක්ව මරණ එක සාමාන්‍ය දෙයක්."
ජීමින්ට හිතා ගන්න බැරි වුණා තමන් කියන දේවල් ගැන.එයා පොඩි කාලේ ඉදන් කොයි තරම් සල්ලිකාරයෙක් වුණත් එයාගේ කැමැත්තේ තිබුණේ හීන දෙකයි. එකක් රටේ ජනප්‍රිය මනුස්සයෙක් වෙන එක. හරි දැනුත් එයා හුඟක් ජනප්‍රියයි තමයි. ඒ පාර්ක් මින්සොක් නිසානේ. ඒ කියන්නේ ඒ ජනප්‍රියත්වය එයාට අයිති එකක් නෙවෙයි. එතකොට අනිත් එක බුද්ධි අංශයට බැඳෙන එක හරී රහස් පරීක්ෂකයෙක් වෙන එක. ඉගෙන ගෙන ඉවර වෙද්දි NIS එකට බැඳෙන්න බැරි වුණත් එයාට පුළුවන් වුණා CID එකේ රහස් ඒජන්ට් කෙනෙක් වෙන්න. ඒ හීනේට හේතුව වුණ එකම දේ එයාට අසාධාරණ දේවල් පේන්න බැරි වුණ එක.
හැබැයි දැන් එයා කරන්නේ එයාගේ පොඩි කාලේ ඉඳන් වැඩ කරපු මොළේ සිස්ටම් වලට විරුද්ධ වෙලා හදවත කියන විදිහට අපරාධකාරයෙක් රකින එක. එයා හාවෙක් වගේ දැකපු ජන්කුක්ට කැමතියි තමයි. හැබැයි ජීමින් දන්නවා එයා වැඩියෙන්ම කැමති මෙච්චර දවස් කොරියාවේ ආරක්ෂක පද්ධතිය බිඳ වට්ටලා මුළු සෝල් නගරයම හොයන අපරාධකාරයෙක් වුණ එයාගේ මාෆියා බනීට කියලා.
YOU ARE READING
•𝙼𝚊𝚏𝚒𝚊 𝙶𝚊𝚖𝚎• | 𝙹𝚒𝚔𝚘𝚘𝚔 ✔️
FanfictionDo you wanna play mafia game? Jikook by: blacklove0220 Published date : 2022.08.11 Finished date : 2022.09.19