වූයොන්ග් මේ වෙලාවේ ජීමින්ගේ මූඩ් එක හොඳ වුණ එකට හිතෙන් සතුටු වුණා. නැත්තන් ඉතින් වූයොන්ගේ කන් දෙක ඇහෙන්නෙත් නැති වෙන්න ජීමින්ගෙන් බැනුම් අහන්න එයාට සිද්ධ වෙනවා. දැන් ටිකකට කලින් ජීමින් ඉන්න තැන මිසිස් පාක් හොයාගෙනම ආවා මදිවට ජීමින්ව ගෙදර එක්කන් යන්නත් හැදුවා. ඉතින් එයාගේ මූඩ් එක හොඳින් තියෙන එක වූයොන්ග්ට පුදුමයක්. ඒත් අසරණ වූයොන්ග් දන්නෙ නෑ දැන් ටිකකට කලින් අපාර්ට්මන්ට් එකේ රස්තියාදු ගහද්දි, යාළුවෙක් එක්ක හිනා වෙවී කතා කර කර හිටපු හා කොල්ලෙක්ව ජීමින් දැක්කා කියන එක.
"මැඩම් කිව්වා කොහොම හරි ජීමින් ශීව ගෙදර එක්කන් එන්න කියලා. නැත්තන් මාව අස් කරනවත් කිව්වා."
වූයොන්ග් තමන්ගේ දුක් ගැනවිල්ල ජීමින්ට කිව්වා.
"ආ තව මිස්ටර් පාර්ක් කියලා තියෙනවා ජීමින්ශීගේ බ්ලැක් කාඩ් එක කැන්සල් කරන්න කියලත්. මැඩම් තමයි ඒක නතර කරලා තියෙන්නේ."
"ආහ්.. එයා කීවෙනි පාරටද මගේ කාඩ් එක කැන්සල් කරේ. මං ආපු වැඩේ ඉවර කරලා ආයෙ හිතුනොත්___ අනී අනී.. මට කරන්න වෙන වැඩකුත් තියෙනවා. අපි අප්පව ශේප් කරගමු. සෝල්වල කම්පැණි එකට මෙතන ඉදන් වැඩි දුරක් නෑනේ."
ජීමින් මොකාටද එන්නේ කියන්න වූයොන්ට තේරුණා. ඒත් ඉතින් එතන මිසිස් පාක්ට ඕනි විදිහට කිසිම දෙයක් සිද්ද වෙන්නෙ නෑ. පාර්ක් අප්පයි පුතයි දෙන්නා එක එක්කෙනාගේ වාසියට ඒ දෙන්නව පාවිච්චි කරපු විදිහ බලන් හිටියේ අසරණ වූයොන්ග් එක්ක මිසිස් පාක්.
.
.විසි හත් වෙනි තට්ටුවේ අංක 1001 ගෙදර ඉස්සරහා හිටගෙන හිටපු තරුණයෝ දෙන්නා බෙල් එකට ඇඟිල්ල තියන්නත් දෙන්නට දෙන්නා රණ්ඩු කරගත්තා. අන්තිමට බෙල් එක ගහන කෙනා තෝරගන්නත් පොඩි සෙල්ලමක් කරන්න ඒ දෙන්නට සිද්ධ වුණා. තුන්පාරකට පස්සේ ජන්කුක්ට රොක් එද්දි ටේහ්‍යොන්ග්ට පේපර් තමයි ආවේ.
(රොක් පේපර් සිසර් / rock paper scissor)ජන්කුක් පැරදිලා බෙල් එක ගහද්දිත් එළියෙ තිබුණ කැම් එක නිසා පේන යාළුවො දෙන්නගේ කෝලම එක්කෙනෙක් නම් ෆිල්ම් එකක් බලනවටත් වැඩිය රසවින්දා. ජන්කුක් බෙල් එක ගහලා තත්පර දෙකක් ගන්නත් කලින් දොර ඇරෙද්දි ටේකුක් දෙන්නම ගල් ගැහුණා. මොකද ඉතින් ජීමින් වැම්පයර් කෙනෙක් වෙන්න බෑනේ මේ තරම් ඉක්මණින් දොර ලඟට එන්න.
"අන්‍යොන්ග්.. ජන්කුකී කොහොමද ඉතින්?"
ටේහ්‍යොන්ගේ නළල රැලි වෙලා ඇස් බෝල ලොකු වෙලා කටක් ඇරෙන විදිහ ජන්කුක් ඇස් අගින් දැක්කා. ඒ වගේම දෙන්නව පිළිගන්න අත වනන ගමන් ගිටපු ජීමින් ටේහ්‍යොන් ඉන්නවද නැද්ද කියලා ගාණක් නැතුව 'ජන්කුකී' කියන්න කලින් දෙපාරක් හිතන්න තිබුණා කියලයි ජන්කුක් හිතුවේ. ඒත් ඉතින් ටේහ්‍යොන් හිටියත් නැතත් එහෙම කතා කරන්න තරම් ඒ දෙන්නා සමීප නෑනේ.
"ඔයාලා දෙන්නා මීට කලින් හම්බෙලා තියෙනවද ?"
"ඔව්."/ "නෑ."
"යාහ් හරියට කියන්න. කවුද ඔව් කිව්වේ කවුද නෑ කිව්වේ ?"
ටේහ්‍යොන් හරියට නිකන් සීඅයිඩී එකෙන් වගේ ප්‍රශ්න කරේ."අපි මීට කලින් එක දවසක් කතා කරා ටේ."
ජන්කුක් අඩන්න වගේ මූණකින් කිව්වා. ජීමින්ට ඒ මූණ ගැන ආසාවක් ඇති වුණත් ඒ ආසාව එයා යටපත් කරගත්තේ තමන්ගේ මූණ සමතලා කරගන්න වුවමනාවක් නොතිබ්බ නිසා.
"දැන් ඔය දෙන්නා ආවේ හේතුවකට නෙවෙයිද ?"
"ආහ් මේකයි. අපේ සංගමයක් තියෙනවා. සාමාන්‍යයෙන් වීකෙන්ඩ් එකේ ඒක හුඟක් ඇක්ටිව්. හැමෝම අපාර්ට්මන්ට් එකේ තරුණ අය."
ජන්කුක් පැහැදිලි කරා.
"ඔයා කියන්නේ ඔයාලා එක්ක සෙල්ලම් කරන්න මාවත් ඕනි කියලද?"
"දේ ඔයා කැමති නම්."
ජීමින් එක පාරින් ඒ වැඩේට කැමති වුණා. මොකද එතකොට ජීමින්ට පුලුවන් හුඟක් දුරට සති අන්තෙදෙදි ජන්කුක්ව දකින්න.
________________________
Blacklove..
YOU ARE READING
•𝙼𝚊𝚏𝚒𝚊 𝙶𝚊𝚖𝚎• | 𝙹𝚒𝚔𝚘𝚘𝚔 ✔️
FanfictionDo you wanna play mafia game? Jikook by: blacklove0220 Published date : 2022.08.11 Finished date : 2022.09.19