මිස්ටර් ජෝ එයාලගේ මීටින් රූම් එකට හවස් වෙද්දි හැමෝටම එන්න කියලා යවපු පණිවිඩේ නිසා මේ වෙද්දිත් හුඟක් අය එතන්ට ඇවිත් හිටියා. එයාලා කතා කරන්න යන්නේ දැන් ටික දවසක ඉදන් වෙන මර්ඩර් කේස් නිසා මුළු අපාර්ට්මන්ට් එකම බයට පත් වෙලා ඉන්න එක ගැන.
ජන්කුක් ඇතුළු තරුණයෝ ටිකම හිටියෙ මිස්ටර් ජෝ කතා කරපු දේවල් අහගෙන ඉස්සරහම පුටු වල ඉදගෙන. ජීමිනුත් එයාගේ මාෆියා බනී මෙතනට එන බව දන්න නිසාම කැමැත්තෙන් ඇවිත් හිටියේ. එයා මීටින් රූම් එකට එද්දිම ජන්කුක්ට හිනා වෙලා අත වැනුවත් ජන්කුක් නෙවෙයි තඹ සතේකට ගණන් ගත්තේ. එයාගේ ඇත්ත ස්වරූපේ කොයි විදිහක් වුණත් බිලියනපතියෙක්ගේ සෙල්ලක්කාර පුතා කියන එක ජීමින්ගේ හැසිරීමේ උඩින්ම තිබුණා. එයා එහෙම වුණා කියලා ගැටලුවකුත් නෑනේ ඉතින්. ඒක නිසානෙ ඕනි විදිහකට ජන්කුක්ගේ දිහා බලන් ඉන්න ජීමින්ට පුලුවන් වුණෙත්.
"මිස්ටර් වන්ග් වගේම මිසිස් ලුසිෆර් නීතියෙන් වැරදිකාරයෝ දෙන්නෙක්. මං නම් කියන්නෙම කිලර් රෝස් ගේ මරණෙට සම්බන්ධ වැරදිකාරයොන්ට දඩුවම් දෙනවා ඇති."
"ඒක ඇත්ත වෙන්න ඇති මිස්ටර් ජෝ. ඒත් ඔයා වචන පාවිච්චි කරද්දි පොඩ්ඩක් සැලකිලිමත් වෙන්න."
ජෝ කියපු කතාවට රෝස්ගේ ඔම්මා ඇස් වල කඳුළු පුරවන් මිස්ටර් ඉවෝන්ට තුරුළු වෙන හැටි බලන් හිටපු මැදි වයස් වල පසුවෙන හ්වංග් අනුකම්පාවෙන් කිව්වා. එයාලට තිබුණා ඉවෝන් පවුලට කතා නොකර ඉන්න. අභිරහස් විදිහට සිද්ධ වුණ රෝස්ගේ මරණෙ ගැන දවසින් දවස එක එක විදිහට තොරතුරු හෙළි වෙද්දි ඉවෝන්ලා හිටියේ කරගන්න දෙයක් හිතාගන්න බැරුව.
"අපි ජන්කුක්ගේ අප්පාට කියමුද අපාර්ට්මන්ට් එකේ ආරක්ෂාව වැඩි කරන්න කියලා."
තමන්ගේ ලඟින් ඉදගෙන හිටපු ටේහ්‍යොන් යෝජනා කරද්දි ජන්කුක් එක ස්ථීර කරන්න වගේ ඔලුව වැනුවා. මොකද පළවෙනිම මිනීමැරුම වුණ දවසෙ ඉදන් ජන්කුක් බයෙන් හිටියෙ එයා ගැනම. සමහරවිට ඒ එයා ඒක දැකපු නිසා වෙන්න ඇතිද?
"රෝස් වගේ තවත් පොඩි ලමයිගේ ආරක්ෂාව ගැන මීට වඩා එයාලගෙ දෙමව්පියෝ හොයලා බලන්න."
නම්ජුන් වැදගත් විදිහට කිව්වා. තරුණයොන්ගේ සංගමේ පිස්සු නැටුවත් නම්ජුන් මේ වගේ තැන්වල හුගක් ප්‍රොෆෙෂනල් වෙනවා. මොකද එයා සෝල් නැෂනල් යුනිවර්සිටි එකේ ප්‍රොෆෙසර් කෙනෙක්.
"මං හිතන විදිහට එයා පලිගන්නේ රෝස්ව මරන්න හවුල් වුණ අයව විතරයි. ඒ නිසා ඔයාලා කොයිම විදිහකින්වත් බය වෙන්න ඕනි නෑ."
ජන්කුක් එයාගෙ අදහස කිව්වා.
"ඉතින් තව හවුල්කාරයො ඉන්නවා නම් මොකද වෙන්නේ ?"
මිසිස් චේයොන්ග් ප්‍රශ්න කරා.
"එහෙම ඉන්නවා නම් එයාලා කිලර් ගෙන් පරිස්සම් වෙලා ඉන්න."
ජන්කුක් එතන වැඩිය සෙනග හිටපු නැති පැත්තක් බලාගෙන ඔහේ කියලා දැම්මා. ඒකට අනිත් අය හැමෝම හිටියෙ පුදුමෙන් වගේ එයා දිහා බලාගෙන.
"ජන්කුකී අපි මෙතන්ට ආවේ කිලර්ට උදව් කරන්න නෙවෙයි. ඔයා දැන් රෝස් නිසා කිලර් වැරදි නෑ කියලද කියන්නෙ?"
ජින් අහද්දි ජන්කුක් කරේ හිනා වුණ එක.
"කිලර් සාදාරණයි හ්යොන්ග්. මිස්ටර් වන්ග් කියන්නේ අපි හැමෝම හිතන් හිටපු විදිහට අහින්සක කෙනෙක්. ඒත් බලන්න රෝස්ට එයා කරපු දේ. අර ලුසිෆර් මගේ නේබර් කෙනෙක්. එයා මුලින් මගේ හොඳ හිත ගන්න මට බ්‍රෙක්ෆස්ට් එකත් ගෙනත් දුන්නා. ඒත් එයා.."
ජන්කුක් තරහෙන් කිව්වා. ජන්කුක් දැන් කිලර්ගේ පැත්තේ. එයා නිසාම එතන හිටපු හුඟක් අයගෙ හිතේ මිනීමරුවගේ පැත්ත ගත්තා. ඒ වගේම එතන හිටපු තවත් එක්කෙනෙක් හිටියෙ කකුල් පණ නැති වෙන තරමට බය වෙලා.
"මිස්ටර් පාක්.. ඔයා මොකද හිතන්නේ කිලර් ගැන?"
මෙච්චර වෙලා ජන්කුක්ගේ රූපේ හිතෙන් රසවිඳපු ජීමින් එයාගේ නම කියනවා ඇහෙද්දි මිස්ටර් ජෝ දිහා බැලුවා. එයා හිටියෙ පුදුම වුණ මූණකින්. ඒ වගේම එයා නොදන්න දෙයක් ගැන හිත හිත හිටියේ. ඉතින් දෙපාරක් නොහිතම එයා ඒ ප්‍රශ්නේ ඇහුවේ අනිත් හැමෝම වගේ එයා දිහා අමුතුවට බලද්දි.
"රෝස් කියන්නේ කවුද ?"
_______________________
Blacklove..
YOU ARE READING
•𝙼𝚊𝚏𝚒𝚊 𝙶𝚊𝚖𝚎• | 𝙹𝚒𝚔𝚘𝚘𝚔 ✔️
FanfictionDo you wanna play mafia game? Jikook by: blacklove0220 Published date : 2022.08.11 Finished date : 2022.09.19