"ජන්කුක් කට උත්තරේට දීපු විදිහෙ ලක්ෂණ තියෙන රෝස්ගේ පවුලේ කිසිම කෙනෙක් නෑ."
නම්ජුන් එයා හොයාගත්තු විස්තර මේසෙන් තියන අතරෙ වැදගත්ම දේ අනිත් අයටත් පැහැදිලි කරද්දි ජීමින් හිනා වෙන හැටි කවුරුත් දැක්කෙ නැති එක නම් ගැටලුවක්.
"එහෙනම් මිනීමරුවා රෝස්ගේ කෙනෙක් නෙවෙයි."
බැරෑරුම් මූණක් මවාගත්තු හෝසොක් කිව්වා. ඒත් ඇයි එදා සෝජු පාටියෙන් පස්සෙත් එයාලා මේක පස්සෙන් යන්නෙ කියන එක ජීමින්ගේ පලවෙනි ප්රශ්නෙ.
"එහෙම වෙන්නත් පුලුවන්. ඒ මිනීමරුවා කුලියට මිනීමරන කෙනෙක් වෙන්න බැරිද?"
යුන්ගි හිතලා හිතලා එයාලට මග ඇරුණ දෙයක් මතක් කරා.
"ජන්කුක් ඔයාට එයාගේ වෙන කිසිම වැදගත් දෙයක් මතක නැද්ද?"
ජින් ඇහුවේ ඒ ලඟම ඉදගෙන හිටපු ජීමින්ගෙ බැල්ම මග අරින්න හදන ජන්කුක්ගේ මූණට එබීගෙන.
"එ එයා.. ඩිලිවර් බෝයි කෙනෙක්."
"ආශ් මොන ලෝකෙද ජන්කුකා ඉන්නේ? ඔයා අපිට ඒ ගැන කියලා තියෙනවා."
ජන්කුක් කලකිරුණ හුස්මක් පහලට දැම්මේ ජීමින් නිසා එයාගෙ සිහිය වෙන දිහාවක අතරමන් වෙන එකට අකමැත්තෙන්.
"මට වෙන දෙයක් මතක නෑ හ්යොන්ග්. පොලිසියෙන් ඒ මිනිහා ගැන හොයනවනේ. අනිත් එක අපරාදේ මං කට උත්තරේට ඒ මනුස්සයා ගැන කිව්වේ."
කිලර්ගේ පැත්ත අරගෙන හිටපු ජන්කුක්ගෙන් ඔයිට වැඩිය දෙයක් බලාපොරොත්තු වෙන්න නම් බෑ කියලා හිතෙන තරමෙ ලුක් එකක් අනිත් අයගෙ මූණු වල තිබුණෙ.
"ඕහ් ජන්කුකා ප්ලීස්... ටේහ්යොනා එදා අර ගබඩාවේ ලොක් එක ගැන වෙන දෙයක් හොයාගත්තෙ නැද්ද?"
"ඒක ඇරලා තියෙන්නේ යතුරකින්. ලොක් එකට කිසිම දෙයක් වෙලා තිබ්බෙ නෑ. ඔරිජිනල් කී එක නැතුව ඩුප්ලිකේට් එකක් හදන්න විදිහකුත් නෑ ජුන් හ්යොන්ග්."
ටේහ්යොන් ආරක්ෂකයෙක්ගෙන් දැන ගත්තු විදිහටම අනිත් අයව දැනුවත් කරා.
"හ්යොන්ග් වොච්මන් අනික් සැකකාරයා නම් ඇයි පොලිසියෙන් එයාව අල්ලන්නැත්තේ?"
"ඒක තහවුරු වෙලා නෑනේ කුකී. අනික කිලර් අමුතු ජාතියේ මිනිහෙක්නේ. ඌ ලඟ රෝස්ගේ මරණෙට වගකියන්න ඕනි අයගෙ විස්තර සාක්ශි එක්කම තිබිලත් මරලා දැම්මට පස්සේ ඒවා එලියට දාන්නේ."
ජීමින්ගේ ලඟ ඉදගෙන හිටපු ටේහ්යොන් එයාගේ උරහිසෙන් අතක් තියාගෙන කිව්වා. එදා ජන්කුක්ගේ ගෙදරට ජීමින් ගිය දවසෙ ඉදන් මෙතන ඉන්න අයගෙන් ජීමින් එක්ක වැඩිපුරම යාළුකමක් හදාගත්තේ ටේහ්යොන්.
"ඒ මිනිහා කුලියට මිනීමරන එකෙක්ද කොහෙද?"
යුන්ගි දිගින් දිගටම ඒකමයි කිව්වේ.
ජීමින්ගේ ඔලුව නිකන් ප්රශ්න පත්තරයක් වගේ වෙලා දැන්නම්. එයා ටේහ්යොන් එන්න කිව්වට ආවා මිසක් මේ කට්ටියගේ කතාව නම් වැදගත් වුණේ නෑ. ජීමින් අත් දෙකත් බැඳගෙන වැනි වැනි ඉන්න විදිහට අනිත් අයටත් ඒක නොතේරුණා නෙවෙයි. මොකද ඉතින් එයා අපාර්ට්මන්ට් එකට එන්න කලින් වුණ රෝස්ගේ මරණෙ වගේම ආවට පස්සේ වුණ වන්ග් ලුසිෆර් දෙන්නගෙම මරණෙවත් ජීමින්ට වැඩක් වුණේ නෑ.
"ජීමින්ශී.. ඔයාට මේක ගැන කිසිම ප්රශ්නයක් නැද්ද?"
ජන්කුක් ජීමින්ගේ ඇස් මග අරින ගමන් ඇහුවේ කවුරුත් එයාගෙන් ප්රශ්නයක් අහපු නැති නිසා.
"ප්රශ්න කියන්නෙ මොනාද ? දෙවියනේ එක කන දෙයක් නම් මට හොදටම බඩගිනී.
ආශ් ජන්කුක්.. ඔයා මේ විහිළු කරනවද? මට ප්රශ්න විතරමයි තියෙන්නේ."ජීමින් කියපු විදිහට කොල්ලො ටික හිනා වෙන්න ගත්තත් ප්රශ්නේ අහපු එකට තමන්ටම බැනගත්තු ජන්කුක් ජීමින්ට එරෙව්වා.
"හරි හරි.. ඔයා අහපු නිසා මං කියන්නම්. හිතෙන්නෙ නැද්ද ජන්කුක් කාර් පාක් එකේ දැකපු කෙනා මිනීමරුවා නෙවෙයි කියලා. එයා නිකන්ම නිකන් ඩිලිවරි බෝයි කෙනෙක් වෙන්නත් පුළුවන්. ඔයාලට කිසිම සාක්ශියක් ලැබෙන්නෙ නැත්තේ වැරදි කෙනා පස්සෙ පන්නන නිසා වෙන්නත් පුලුවන්.
සෝ..
මං කියන්නේ ජන්කුක්ගේ කට උත්තරේ ඉන්නේ කිලර් නෙවේ."___________________________
Blacklove..
YOU ARE READING
•𝙼𝚊𝚏𝚒𝚊 𝙶𝚊𝚖𝚎• | 𝙹𝚒𝚔𝚘𝚘𝚔 ✔️
FanfictionDo you wanna play mafia game? Jikook by: blacklove0220 Published date : 2022.08.11 Finished date : 2022.09.19