17

253 88 6
                                    

"මිස්ටර් පාර්ක් ඇත්තටම ජොන් ජන්කුක්ගෙන් එලියට යන්න ඇහුවා එහෙනම්?"

"ඔව්.. මං ඇහුවා. හැබැයි ඒ පොඩි රාස්ස පැටියා ලිෆ්ට් එක ඇතුලෙ හැන්ගුණා. මං අහන්නේ ඩේට් එකකට යන එකේ වැරැද්ද මොකක්ද?"

ජීමින් එයා ලඟ හිටපු ආගන්තුකයාට උත්තර දුන්නේ කේන්තියෙන්. ජන්කුක් ටේහ්‍යොන් එක්ක ලිෆ්ට් එකේ නොපෙනී යද්දි ජීමින් පඩිපෙලෙන් බහින්න හැදුවත් ජීමින්ගේ කම්මැලි කම ඒක නැවැත්තුවා. සමහරවිට ජීමින් වගේ කෙනෙක්ට ජන්කුක්ව තමන්ගේ ලඟට ගෙන්න ගන්න එක මහ ලොකු දෙයක් නෙවෙයි නිසා වෙන්නත් පුළුවන් ඒ.

"කොහොමත් මං කැමති නෑ ජන්කුක් ඔයාට රැවටෙනවට. අපිට ඕනි එයා දන්න දෙයක් දැනගන්න මිසක් එයා එක්ක ඩේට් කරන්න නෙවෙයි පාර්ක්."
ආගන්තුකයා අනිවාරෙන්ම අකමැති ජන්කුක් අමාරුවේ වැටෙනවට.

"ඒ දේ දැනගන්න වෙන විදිහක් තියෙනවා නම් මාව මොකටද ගෙන්නුවේ? ජන්කුක්ට ඕනිවටත් වඩා ලඟින් ඉදලත් ඔයාට බැරි වුණා ඒක. ඒ නිසා මට මේක මගේ විදිහට විසදන්න දෙන්න."

ජීමින්ගේ තියුණු වචන හමුවේ තවත් දේවල් කියන්න නැති වුණ ආගන්තුකයා වයින් වීදුරුව උගුරට හලාගෙන සෝෆාවේ පැත්තක තිබුණ බ්ලේසර් එක අරගෙන එතනින් ආවේ ජිමින්ට ගුඩ් බායිවත් නොකියා.

"ඔයා එයාව හම්බෙන්න නම් යන්නේ, මතක් කරලා මං හායි කිව්වා කියන්න."

ජීමින් මතක් කරලම එහෙම කියන ගමන් ආගන්තුකයා දිහා බැලුවත් ඒ වෙනකොටත් පෙන්ත්හවුස් එකේ දොර ගැලවිලා යන්න තරම් වේගෙකින් දොර වැහුණේ ජීමින් බඩත් අල්ලන් හිනා වෙන්න පටන් ගනිද්දි.

.

ජීමින් ක්‍රෙඩිට් කාඩ්ස් බේර ගන්න වුවමනාවෙන් මිස්ටර් පාර්ක් මින්සොක් එහෙමත් නැත්තන් ජීමින්ගේ අප්පා අකමැති එයාගේ රස්සාව දවස් දෙක තුනකට පැත්තකට කරලා පාර්ක්ලගේ කම්පැණි එකේ ලොකු පුටුව භාර ගත්තේ කොරියාවේ වගේම වෙනත් රටවල් කීපයකම අවධානේ තමන් දිහාවට අරගෙන. කොරියාවේ බිස්නස් නිව්ස් වල හෙඩ්ලයින් එක පාර්ක් ජීමින් කියන නම වෙද්දි ජන්කුක්ට පුළුවන් වුණේ ටේහ්‍යොන්ට එයාගේ දුක කිය කිය හූල්ලන්න තමයි. මේ දැනුත් ජන්කුක් පාර මාරු වෙන තැනක ඉදන් එයාලට ඉස්සරහා උස බිල්ඩින් එකේ ලොකු තිරයක නිව්ස් වල පෙන්නපු ජීමින්ගේ ෆොටෝ එක දිහා බලන් හිටියේ.

"ජීමින් පිස්සු හැදෙන තරම් හැන්ඩ්සම් ඒ ෆොටෝස් වලට."

ටේහ්‍යොන් ජන්කුක්ගේ කනකට කොදුරද්දිම වගේ පාර මාරු වෙන්න වාහන නැවතුණේ ජන්කුක්ගේ ඇස් ඒ ලොකු ටීවී එකෙන් අයින් වෙද්දි.

"මං කිව්වනේ එයාට මාව ගැලපෙන්නෙ නෑ. අනික දැන් එයත් අර සල්ලි කන්දරාවට අයිතිකාරයෙක් වෙන්නයි යන්නේ."

"වෙලා ඉවරයි. හැබැයි ඉතින් මං දන්නවා, ඔයාගේ ඔය 'ගැලපෙන්නෙ නෑ' කියන වචනෙ නෙවෙයි ලොකුම හේතුව එයාට අකමැති වෙන්න."

පාරෙන් එහා පැත්තට ඇවිත් ජන්කුක් ඇස් හීනි කරලා ටේහ්‍යොන්ග්ට රවද්දි සුපුරුදු බොක්සි හිනාවෙන් විරිත්තපු ටේහ්‍යොන් සුපර් මාකට් එකෙන් ගත්තු බඩු මල්ල එයාලගේ කාර් එකෙන් තිබ්බා.

"අපිට චීස් වැඩිපුර ගන්න තිබ්බා ඔයා ස්ට්‍රෝබෙරි මහ ගොඩක් ගත්තෙ නැත්තන්."

ජන්කුක් ඒ දිහා බලලා නහයෙන් පිම්බා.

"ඉතින් මට වොලට් එක අමතක වුණා චූටි කුකී. ඊලඟ පාර අනිවාරෙන් මං බිල් එක පේ කරන්නම්."

ටේහ්‍යොන් නළලට වැටුණ කොණ්ඩෙ ඩ්‍රාමාටික් විදිහට පස්සට කරලා ඇහැක් ගහන ගමන් කිව්වේ ජන්කුක්ගේ හිත හැදෙන්න වුණත් ඒක වෙන දෙයක් නෙවෙයි කියන්න ජන්කුක් දැනන් හිටියා.

"ආහ් ඒක නෙවෙයි ටේටේ හ්‍යොන්ග්.. ජීමින් මට වද දෙනවා කියලා මගේ අප්පත් දැනගෙන. ආශ් ඒක නම් වෙන්න හොඳම නැති දෙයක්. අප්පා කැමති නෑ ජීමින් හ්‍යොන්ග්ට."

"ඉතින් කොහොමත් ඔයාලා අතරෙ කිසිම විදිහක සම්බන්ධයක් නෑනේ. අනික ම්ම්.. ජීමින් වට් ?? හ්‍යොන්ග්...??"

ටේහ්‍යොන් එක අතකින් සුක්කානම හසුරවන ගමන් කෑ ගැහුවේ ජන්කුක් ජීමින්ට හ්‍යොන්ග් කියපු එක මොලේට ප්‍රොසෙස් වුණ ගමන්.

"එයා ඔයාගේ වයස. පුදුම වෙන්න එපා ඔච්චරම."

"ඔව්, හැබැයි මොනා වුණත් ඒක ජීමින්ට ඇහෙන්නයි තිබ්බේ."

ටේහ්‍යොන් හිනාව තද කරන් කිව්වා.

























__________________________Blacklove

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

__________________________
Blacklove..

•𝙼𝚊𝚏𝚒𝚊 𝙶𝚊𝚖𝚎• | 𝙹𝚒𝚔𝚘𝚘𝚔 ✔️Where stories live. Discover now