ටේහ්‍යොන්ග් විවාහ වෙන දවස ආවා .... 🤵♂️👰♀️තමන්ගෙ යාළුවෝ මේ විවාහයට කොයිතරම් අකමැති උනත් ටේහ්‍යොන්ග් ඒ හයදෙනාටම විවාහයට ආරාධනා කෙරුවා. ඒ උනත් ඒ හයදෙනාම හිටියෙ මේ විවාහයට යන්නෙ නෑ කියන දැඩි තීරණේ නිසා කිසිම කෙනෙක් ටේහ්යොන්ග්ගෙ විවාහයට සහභාගිවෙන්න ගියේ නෑ .... 😏
එහෙමයි කියලා ටේහ්‍යොන්ග් විවාහ නොවී හිටියෙ නෑ. ටේහ්‍යොන්ග් තමන්ගෙ ආදරවන්තිය එක්ක මනුස්ස ලෝකෙ පල්ල්ලියකදි විවාහ උනේ ගැහැණු ළමයාගෙ පවුලෙ අයටවත් නොකියා .... 🤵♂️👰♀️
විවාහ උන මේ දෙන්නා ලොකු කැලයක් මැද්දෙ හදාගත්ත මැන්ෂන් එකක පදිංචියට ගියේ ටේහ්යොන්ග්ගෙ අනන්‍යතාවය කවදා හරි ලෝකෙට එලිවෙයි කියන බය නිසා. ඉතින් මේ විදිහට ටික කාලයක් යද්දි මේ දෙන්නා දෙමාපියන් බවට පත් උනා. ටේහ්යොන්ග්ගෙ බිරිදනම් හිටිය පුදුම සතුටකින් .... 😍
ඒත් ටේහ්යොන්ග්ගෙ හිතනම් බයෙන් ගැහුනෙ නෑ කියන්නමත් බෑ. මොකද කතාවෙ හැටියටනම් මනුස්සයෙක්ටයි දේවදූතයෙක්ටයි දාව ඉපදෙන්නෙ අර්ධ රාක්ෂයෙක් .... 😰
YOU ARE READING
- නපුරේ පියාපත් -
Детектив / Триллерඉගිලෙන එක මේ තරම් මේ වේදනාවක් කියලා දන්නවනම් මම කවදාවත්ම ඉගිලෙන්න හීනෙකින්වත් ආස කරන කෙනෙක් නොවෙන්න තිබුනා .... 😔 ---- ටේහ්‍යොන්ග් ----